4. 4.
පූර්ව ශාස්තෘආදීන් හැරපියා අපර ශාස්තෘ ආදීන් ඇසුරු කරන එජාසංඛ්‍යාත තෘෂ්ණායෙන් මඩනා ලද්දාහු රාගාදි සඞ්ගය තරණය නොකෙරෙති. යළි ඔහු පූර්‍වශාඛාව හැරපියා අපරශාඛාවක් ගන්නා වූ වඳුරකු සෙයින් ඒ ඒ ධර්‍මයන් ගන්නා හු ද වෙත්.
පුරිමං පහාය අපරං සීතා සෙ - පූර්වශාස්තෘවරයකු හැරපියා අපර ශාස්තෘවරයක්හු ඇසුරැ කළාහු පළමු ගත් ධර්‍මය හැරපියා අන්‍ය ධර්‍මයක් ඇසුරැ කළාහු පළමු ගත් ගණයා හැරපිය අන් ගණයක් ඇසුරු කළාහු පළමු ගත් දෘෂ්ටිය හැර අන්‍යදෘෂ්ඨියක් ඇසුරු කළාහු පූර්වප්‍රතිපදාව හැර අපරප්‍රතිපදාවක් ඇසුරැ කළාහු පූර්වමාර්‍ගය හැර අපරමාර්‍ගයක් ඇසුරැ කළාහු වෙසෙසින් ඇසුරු කළාහු ඇලුණාහු එළැඹියාහු පිවිසියාහු බැසගත්තාහු නුයි ‘පුරිමං පහාය අපරං සීතා සෙ’ යනු වේ.
එජානුගාතෙ න තරන්ති සඞ්ගං - ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවෙක් ලොභඅකුශලමූලයෙක් වේද (එයයි). එජානුගා - තෘෂ්ණාව අනුව ගියාහු තෘෂ්ණාවට අනුගත වූවාහු තෘෂ්ණාවට පිවිසියාහු තෘෂ්ණාවට පැමිණියාහු වැටුණාහු මඩනැ ලද්දාහු හාත්පසින් අල්ලාගත් සිත් ඇත්තාහු. තෙ න තරනති සඞ්ගං - රාගසංගය ද්වේශසංගය මෝහසංගය මානසංගය දෘෂ්ටිසංගය කෙලශසංගය දුශ්චරිතසංගය තරණය නො කෙරෙති උත්තරණය නො කෙරෙති ප්‍රතරණය නො කෙරෙති නො ඉක්මෙති ව්‍යතික්‍රමණය නො කෙරෙත් නුයි ‘එජානුගාතෙ න තරන්ති සඞ්ගං’ යනු වේ.
තෙ උග්ගහායන්ති නිර්ස්සජන්ති - ශාෂ්තෘවරයකු ගනිති, ඔහු හැරපිය අන් ශාෂ්තෘවරයකු ගනිත්; ධර්‍මාඛ්‍යානයක් ගනිති, එය හැරපියා අන් ධර්‍මාඛ්‍යානයක් ගනිත්, ගණයක් ගනිති, එය හැරපියා අන් ගණයක් ගනිති, දෘෂ්ටියක් ගනිති; එය හැර අන්‍යදෘෂ්ටියක් ගනිත්; ප්‍රතිපදාවක් ගනිති, එය හැරපියා අන් පිළිවෙතක් ගනිත්; මාර්‍ගයක් ගනිති, එය හැරපියා අන් මගක් ගනිත්; ගන්නාහු ද හරණාහු ද ආදානය කරන්නාහු ද බැහැර කරන්නහු ද වෙත් නුයි ‘තෙ උග්ගහායන්ති නිxxර්ස්සජන්ති’ යනු වේ.
කපීව සාඛං පමුඛංගහාය - යම් සේ අරණ්‍යසංඛ්‍යාත මහවෙනෙහි හැසිරෙන වඳුරෙක් එක් ශාඛාවක් ගෙන එය හැරපියා අනෙකක් ගනී ද, එය ද හැරපියා අන් ශාඛාවක් ගනී ද, එසෙයින් මැ බොහෝ මහණබමුණෝ බොහෝ දෘෂ්ටිගතයන් ගන්නාවු ද හරනාහු ද දුරු ලන්නාහු ද වෙත් නුයි ‘කපීව සාඛං පමුඛංගහාය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පුරිමං පහාය -පෙ- පමුඛංගහාය” යි.
4. 5.
කාමාදි සංඥායෙහි ඇලුණා වූ සත්‍ව තෙමේ හස්තිව්‍රතාදි ව්‍රතයන් තෙමේ මැ සමාදන් වැ එකකින් එකකට යෙයි. පරමාර්ත්වයෙන් විද්වත් වූ මහාප්‍රඥා ඇති රහත් මහණ සතර මාර්‍ගඥානවේදයෙන් දහම් අවබෝධ කොට සිටියේ උච්චාවච බවට නො පැමිණේ.