4. 5.
කාමාදි සංඥායෙහි ඇලුණා වූ සත්‍ව තෙමේ හස්තිව්‍රතාදි ව්‍රතයන් තෙමේ මැ සමාදන් වැ එකකින් එකකට යෙයි. පරමාර්ත්වයෙන් විද්වත් වූ මහාප්‍රඥා ඇති රහත් මහණ සතර මාර්‍ගඥානවේදයෙන් දහම් අවබෝධ කොට සිටියේ උච්චාවච බවට නො පැමිණේ.
සයං සමාදාය වතානි ජන්තු - ‘සයං සමාදාය’ - තෙමේ මැ සමාදන් වැ; වතානි - හස්තිව්‍රතය හො අශ්ව - ගො - කුක්කුර - කාක - වාසුදෙව - බලදෙව - පූර්ණභද්‍ර - මණිභද්‍ර - අග්නි - නාග - සුපර්‍ණ - යක්‍ෂ - අසුර - ව්‍රතය හෝ... දිශාව්‍රතය හෝ ගෙන මොනොවට ගෙන ආදානය කොට සමාදානය කොට ග්‍රහණය කොට පරාමර්ශී කොට අභිනිවේශ කොට; ජන්තු - සත්‍ව - නර ...මනුජ තෙමේ නුයි ‘සයං සමාදාය වතානි ජන්තු’ යනු වේ.
උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො - ශාස්තෘවරයකු කෙරෙන් ශාස්තෘවරයකු කරා යෙයි, ධර්‍මාඛ්‍යානයකින් ධර්‍මාඛ්‍යානයකට - ගණයක් කෙරෙන් ගණයක්හු කරා - දෘෂ්ටියකින් දෘෂ්ටියකට - ප්‍රතිපදාවකින් ප්‍රතිපදාවකට - මාර්‍ගයකින් මාර්‍ගයකට යෙයි; සඤ්ඤසත්තො - කාමසංඥායෙහි ව්‍යාපාදසංඥායෙහි විහිංසාසංඥායෙහි දෘෂ්ටිසංඥායෙහි ඇලුණේ වෙසෙසින් ඇලුණේ හාත්පසින් ඇලුණේ ලැගුණේ ලග්න වූයේ පලිබුද්ධ වූයේ, යම් සේ භිත්තිඛීලය (=බිත්තියෙහි සවි කළ හුල)ක හේ නාගදන්තයක හෝ භාණ්ඩයක් සක්ත විෂක්ත ආසක්ත ලග්න ලග්නකළ පරිබුද්ධ වූයේ ද, එසෙයින් ම කාම - ව්‍යාපාද - විහිංසා - දෘෂ්ටිසංඥායෙහි සක්ත...පරිබුද්ධ වූයේ නුයි ‘උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො’ යනු වේ.
විද්වා ච වේදේහි සමෙච්ච ධම්මං - ‘විද්වා’ යනු: විද්වද් වූයේ විද්‍යාවට පැමිණියේ නුවණැතියේ නුවණින් විමසනුයේ මේධා (=අනිත්‍යාදි විසින් තුලනය කළ ඥාන) ඇතියේ; වේදේහි - සතර මාර්‍ගයන්හි ඥානය ‘වෙද’ යී කියනු ලැබේ; ප්‍රඥාව ප්‍රඥෙන්ද්‍රියය ප්‍රඥාබලය ධම්මවිචයසම්බොධ්‍යඞ්ගය වීමංසාව විදර්‍ශනාව සම්‍යක්දෘෂ්ටිය යි; ඒ මාර්‍ගඥානවෙදයන්ගෙන් ජාතිජරාමරණයන්ගේ අන්තයට ගියේ අන්තයට පැමිණියේ (මාර්‍ගයෙන්) කෙළවරට ගියේ (ඵලයෙන්) කෙළවරට පැමිණියේ පර්‍ය්‍යන්තයට ගියේ පර්‍ය්‍යන්තයට පැමිණියේ අවසානයට ගියේ අවසානයට පැමිණියේ (මාර්‍ගයෙන්) ත්‍රාණයට ගියේ (ඵලයෙන්) ත්‍රාණයට පැමිණියේ නිලීයනයට (මාර්‍ගයෙන්) ගියේ (ඵලයෙන්) පැමිණියේ ප්‍රතිෂ්ඨාවට (මාර්‍ගයෙන්) ගියේ (ඵලයෙන්) පැමිණියේ නිභීයට ගියේ නිභීයප්‍රාප්ත වූයේ අච්‍යුතිය (-නිවන)ට ගියේ අච්‍යුතප්‍රාප්ත වූයේ අමෘතයට ගියේ අමෘතයට පැමිණියේ මාර්‍ගයෙන් නිවනට ගියේ ඵලයෙන් නිවනට පැමිණියේ; නොහොත් වෙද(=දතයුතු ධර්‍ම) යන්ගේ අන්තයට ගියේ නුයි ‘වේදගූ’ යැ, සතරමාර්‍ගඥානවෙදයෙන් වෘත්තදුඃඛයාගේ අන්තයට ගියේ නුයි හෝ ‘වේදගු’ යැ; නොහොත් සප්තධර්‍මයන් විදිත වන බැවින් ‘වේදගූ’ යැ: සත්කායදෘෂ්ටිය විදිත වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය විදිත වෙයි, ඔහු විසින් කෙලෙසුන්ට ප්‍රත්‍යය වූ පුනර්‍භවය උපදවන ක්ලෙශ්දරථ සහිත වූ දුඃඛ් විපාක දෙන අනාගතයෙහි ජාතිජරාමරණයන්ට ප්‍රත්‍යය වූ ලාමක අකුශලධර්‍මයෝ විදිත වූවාහු වෙත්.
1. (බුදුහු ‘සභිය’ යි අමතා මෙසේ වදාළහ:) යෙමෙක් ශ්‍රමණබ්‍රාහ්මණයන්ගේ ශාස්ත්‍ර යයි කියන ලද යම් වෙද කෙනෙක් වෙත් ද, ඒ සියලු වේදයන් මාර්‍ගභාවනායෙන් කෘත්‍ය හෙයින් අනිත්‍යාදිවශයෙන් විමසා එහි ඡන්‍දරාගප්‍රහාණයෙන් ඒ සියලු වේදයන් ඉක්මවා යළි වෙදප්‍රත්‍යයෙන් හෝ අන් පරිද්දෙකින් උපදනා සියලු වේදනාවන්හි වීතරාග වූයේ ද හෙතෙම පරමාර්‍ත්‍ථවශයෙන් ‘වේදගු’ නම් වේ යයි.