4. 1.
දෘෂ්ටිගතික බාල තෙමේ කෙලෙස්කිලුටින් අශුද්ධ වූ කෙලෙස් රොවින් සරෝග වූවකු දැක ශුද්ධ වූ උත්තම නිර්ව්යාධියට පැමිණ සිටියක්හු දකිමි යැයි ද, ඒ දෘෂ්ටිසඞ්ඛ්යාත දර්ශනයෙන් මිනිසාගේ සංශුද්ධිය වේ යයි ද, මෙසේ වෙසෙසින් දන්නේ ඒ දර්ශනය පරම යයි සලකා ඒ දර්ශනයෙහි ශුද්ධිය දක්නාසුලු වූයේ ඒ දර්ශනය මාර්ගඥාන යයි හදහයි. (එතෙකුදු වුවත් එය මාර්ගඥානය නොවේ.)
පස්සාමි සුද්ධං පරමං අරොගං - ‘පස්සාමි සුද්ධං’ යනු: ශුද්ධ වූවකු බලමි, ශුද්ධ වූවකු දක්මි, අවලෝකන කෙරෙමි, සිතමි, ශුද්ධ වූවකු විමසමි. පරමං අරොගං - උත්තම වූ ආරොග්යයට පැමිණියක්හු ක්ෂේමයට පැමිණියක්හු ත්රාණ(පාලන) යට පැමිණියක්හු ආරක්ෂාවට - පිහිටට - නිභීයට - අචලබවට - අමෘතයට - නිර්වාණයට පැමිණියක්හු නුයි ‘පස්සාමි සුද්ධං’ පරමං අරොගං යනු වේ.
දිට්ඨෙන සංසුද්ධි නරස්ස හොති - චක්ෂූර්විඥානයෙන් රූපදර්ශණxxය හේතු කොට ගෙන සත්වයාගේ ශුද්ධිය xx පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වෙයි, සත්ව තෙමෙ ශුද්ධ විශුද්ධ පරිශුද්ධ මුක්ත විමුක්ත පරිමුක්ත වේ යයි ‘දිට්ඨෙන සංසුද්ධි නරස්ස හොති’ යනු වේ.
එවාභිජානං පරමන්ති ඤත්වා - මෙසේ වෙසෙසින් දන්නේ ඒකාන්තයෙන් දන්නේ විවිධාකාරයෙන් දන්නේ ඒ ඒ කරැණෙන් විවිධාකාරයෙන් දන්නේ ප්රතිවේධ කරන්නේ මෙය පරම යැ සෙට යැ දෙටු යැ පාමොක් යැ උතුම් යැ පවර යැයි සලකා දැන තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි ‘එවාභිජානං පරමන්ති ඤත්වා’ යනු වේ.
සුද්ධානුපස්සී පච්චේති ඤාණං - යමෙක් ශුද්ධ යයි දකී නම්, හේ ශුද්ධානුදර්ශී යැ; පච්චේති ඤාණං - රූපදර්ශනය හේතු කොට ගෙන චක්ෂුර්විඥානය ඥානය යි හදහයි, මාර්ගය යි හදහයි, පථය යි හදහයි, නිර්ය්යාණය යි හදහා නුයි - ‘සුද්ධානුපස්සී පච්චෙති ඤාණං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පස්සාමි සුද්ධං -පෙ- පච්චේති ඤාණං” යී.
4. 2.
ඒ රූපදර්ශන සඞ්ඛ්යාත වූ දර්ශනය හේතු කොට ගෙන ඉදින් සත්වයාගේ ශුද්ධිය වේ නම්, නොහොත් ඒ චක්ෂුර්විඥානය සඞ්ඛ්යාත ඥානයෙන් හෙතෙම ජාත්යාදි දුක දුරු කෙර් නම්, එකල්හි ආර්ය්යමාර්ගයෙන් අන්ය වු අශුද්ධිමාර්ගයෙකින් කාමාදි උපධි සහිත වූයේ මැ හෙතෙම ශුද්ධ වේ යයි කිය යුතු බවට පැමිණෙයි; යම් හෙයකින් දෘෂ්ටි තොමෝ එසේ කියන්නා වූ ඔහු ‘මේ තෙමේ මිසදිටුවෙකැ’ යි පවසා ද, එහෙයිනි.
දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති - චක්ෂුර්විඥානයෙන් රූප දැකීමෙන් ඉදින් සත්වයාගේ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වේ නම්, සත්ව තෙමේ ශුද්ධ විශුද්ධ පරිශුද්ධ මුක්ත විමුක්ත පරිමුක්ත වේ නම් යී ‘දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති’ යනු වේ.
ඤාණෙන වා සො පජහාති දුක්ඛං - චක්ෂුර්විඥානයෙන් රූප දැකීමෙන් ඉදින් සත්ව තෙමේ ජාතිදුක දුරු කෙරේ නම්, ජරාදුක - ව්යාධිදුක - මරණදුක - සොකපරිදෙවදුක්ඛදොමනසුපායාස දුක දුරු කෙරේ නම් යී ‘ඤාණෙන වා සො පජහාති දුක්ඛං’ යනු වේ.
අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො - අන්ය වූ අශුද්ධිමාර්ගයෙන් මිත්ථ්යාප්රතිපදායෙන් අනෛර්ය්යාණිකමාර්ගයෙන් සතිපඨානයන්ගෙන් වෙන් වැ සම්යක්ප්රදහනයන්ගෙන් වෙන් වැ සෘද්ධිපාදයන්ගෙන් වෙන් වැ ඉන්ද්රියන්ගෙන් වෙන් වැ බලයන්ගෙන් වෙන් වැ බොධ්යඞ්ගයන්ගෙන් වෙන් වැ ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගයෙන් වෙන් වැ ශුද්ධ විශුද්ධ පරිශුද්ධ වූයේ වෙයි, මුක්ත විමුක්ත පරිමුක්ත වූයේ වේ. සොපධීකො - සරාග වූයේ සද්වේෂ වූයේ සමෝහ වූයේ තෘෂ්ණා සහිත වූයේ දෘෂ්ටි සහිත වූයේ ක්ලේශ සහිත වූයේ උපාදාන සහිත වූයේ නුයි ‘අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො’ යනු වේ.
දිට්ඨී හි නං පාව තථා වදානං - තවද ඒ දෘෂ්ටි තොමෝ ඒ පුගුලා ‘මෙසේත් මේ පුද්ගල තෙමේ මිථ්යාදෘෂ්ටි ඇත්තෙක, විපරීත දර්ශන ඇත්තෙකැ’ යි ප්රකාශ කෙරෙයි. තථා වදානං - එසේ පවසන කියන බණන දක්වන බැවහර කරනුවහු, ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සැබව, අන්යදෘෂ්ඨිය සිස් යැ’ යි එසේ පවසන්නහු... බැවහර කරනුවහු, ලෝකය අශාශ්වත යැ, ලෝකය අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, යමක් ජීවය ද එය ම ශරීර යැ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ, සත්ව තෙමේ මරණින් මතු උපදනේ වෙයි, සත්ත්ව තෙමේ මරණින් මතු නූපදනේ වෙයි. සත්ත්ව තෙමේ මරණින් මතු උපදනේත් නො ද උපදනේත් වෙයි, සත්ත්ව තෙමේ මරණින් මතු නො මැ උපදනේ වෙයි. නූපදනේත් නොවෙයි, මේ මැ සැබව අන්යය තුච්ඡ යැ’යි එසේ පවසනුවහු කියනුවහු බණන්නහු දක්වනුවහු බැවහර කරනුවහු යී ‘දිට්ඨී හි නං පාව තථාවදානං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨෙන චෙ සුද්ධි -පෙ- තථා වදානං” යී.