3. 6.
ඉදංසච්චාභිනිවේස සඞ්ඛ්යාත දෘෂ්ටිනිවෙශනයෝ යම් හෙයකින් සුව සේ ඉක්මැවිය හෙන්නාහු නො වෙත් ද, දෙසැට දිටුදම් අතුරෙහි මොනොවට බැසගත් ඒ ඒ ධර්මය නිශ්චය කොට පවත්නේ ද, එහෙයින් සත්ත්ව තෙමේ ඒ දෘෂ්ටිනිවෙශනයන්හි අජශීල ගොශීලාදි ධර්මය හරනේ ද වෙයි, ගන්නේත් වේ.
දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා - ‘දිට්ඨිනිවෙසා’ යනු: ‘ආත්මභාව සඞ්ඛ්යාත ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්යය සිස්’ යැයි, අභිනිවේශයෙන් පරාමර්ශනය කිරීම දෘෂ්ටිනිවෙශන යැ; (‘අසස්සතො’ යන ආදිය 3-2 ගාථානිද්දෙසයෙහි යැ.) න හි ස්වාතිවත්තා - දෘෂ්ටිනිවෙශනයෝ නො මැ සුව සේ ඉක්මැවිය හෙන්නාහු, දුක සේ ඉක්මැවිය යුත්තාහු, දුස්තර වූවාහු දුෂ්ප්රතර වූවාහු නුයි ‘න හි ස්වාතිවත්තා’ යනු වේ.
ධම්මේසු නිච්ඡෙය්ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයන්හි; නිච්ඡෙය්ය - නිශ්චය කොට විනිශ්චය කොට විමසා සර්වප්රකාරයෙන් විමසා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට; සමුග්ගහීතං - දෘෂ්ටිනිවෙශනයන්හි අවධි කොට ගැනීම යැ, කොටස් වශයෙන් ගැනීම යැ, උත්තමග්රාහ යැ, කොට්ඨාසග්රාහ යැ, රාශිවශයෙන් ගැනීම යැ, විශෙෂරාශිවශයෙන් ගැනීම යි; මෙය මැ ස්වභාව යැ අවිපරීත යැ අවිපරිණාම යැ විද්යමාන යැ යථාස්වභාව යැ විපරීත නො වේ යැයි ගන්නා ලද පරාමර්ශ කළ අභිනිවේශ කළ බැසගන්නා ලද නිශ්චය කර ගන්නා ලද නුයි ‘ධම්මේසු නිච්ඡෙය්ය සමුග්ගහීතං’ යනු වේ.
තස්මා නරෝ තෙසු නිවෙසනෙසු - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්රත්යයෙන් ඒ නිදානයෙන්; නරෝ - සත්ත්ව යැ නර යැ මාණව යැ පුරුෂ යැ පුද්ගල යැ ජීව යැ (ජාතියට යේ නුයි) ජාගු යැ ජන්තු යැ (ඉන්ද්රියයෙන් යේ නුයි) ඉන්දගු යැ (මරණයට යේ නුයි) හින්දගු යැ මනුජ යැ; තෙසු නිවෙසනෙසු - ඒ දෘෂ්ටිනිවෙශනයන්හි නුයි ‘තස්මා නරෝ තෙසු නිවෙසනෙසු’ යනු වේ.
නිරස්සති ආදියතිච්ච ධම්මං - ‘නිරස්සති’ යනු: දෙකරුණෙකින් දුර ලයි: පරවිච්ඡන්දනායෙන් හෝ දුර ලයි, අනභිසම්භවනයෙන් හෝ දුර ලයි. කිසෙයින් පරවිච්ඡන්දනායෙන් (=අන්යයන් විසින් වෙන් කරනු ලැබීමෙන්) දුර ලයි යත් - අනෙකෙක් වියෝග කෙරෙයි: ‘ඒ ශාස්තෘ සර්වඥ නො වෙයි. ධර්මය ස්වාඛ්යාත නො වෙයි, ගණයා සුප්රතිපන්න නො වෙයි, දෘෂ්ටිය සොඳුරු නො වෙයි, ප්රතිපදාව සුප්රඥප්ත නො වෙයි, මාර්ගය නෛර්ය්යාණික නො වෙයි, මෙහි ශුද්ධියක් හෝ විශුද්ධියක් - පාරිශුද්ධියක් - මුක්තියක් - විමුක්තියක් - පරිමුක්තියක් හෝ නැත; මෙහි ශුද්ධ වෙතී හෝ විශුද්ධ වෙතී - පරිශුද්ධ වෙතී - මුක්ත වෙතී - විමුක්ත වෙතී - පරිමුක්ත වෙතී හෝ නැත; හීනයෝ යැ, නිහීනයෝ යැ, අවමකයෝ යැ, ලාමකයෝ යැ, ඡත්තක (=ප්රත්යයහීන)යෝ යැ, අල්පයෝ යැ’යි මෙසෙයින් අනෙකෙක් වියෝග කරවයි. මෙසේ වියෝග කරනු ලබනුයේ ශාස්තෘහු දුර ලයි, ධර්මාඛ්යානය - ගණයා - දෘෂ්ටිය - ප්රතිපදාව - මාර්ගය දුර ලයි. මෙසේ පරවිච්ඡන්දනායෙන් දුර ලයි. කිසෙයින් අනභිසම්භවනයෙන් (=නොපැමිණෙනුයේ හෝ නො හැකි වනුයේ) දුර ලයි යත්: ශීලය නො පුරනුයේ ශීලය දුර ලයි, ව්රතය නො පුරනුයේ ව්රතය දුර ලයි, ශීලව්රතය නො පුරනුයේ ශීලව්රතය දුර ලයි. ආදියතිච්ච ධම්මං - ශාස්තෘහු ගනී, ධර්මාඛ්යානය - ගණයා - දෘෂ්ටිය - ප්රතිපදාව - මාර්ගය ගනී පරාමර්ශ කෙරෙයි, බැසගනී නුයි ‘නිරස්සති ආදියතිච්ච ධම්මං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨනිවෙසා -පෙ- ආදියතිච්ච ධම්මං” යනු.
3. 7.
යම් හෙයකින් ධුතපාප ඇති ක්ෂීණාස්රව මහණහු හට කාමාදිභවයන්හි ආත්මභාවලොකයෙහි කිසි තැනෙක්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්රකල්පිත (=සලකන ලද) දෘෂ්ටියක් නැද්ද, එහෙයින් ඒ ක්ෂීණාස්රව තෙම මායාව ද මානය ද දුර ලා සිටියේ රාගාදි කුමකින් නිරයාදිගතිවිශෙෂයකට යන්නේ ද, හෙතෙම තෘෂ්ණාදෘෂ්ටිඋපය (=දෝෂ) රහිත වූයේ මැයි.
ධොනස්ස හි නත්ථි කුහිඤ්චි ලෝකේ පකප්පිතා දිට්ඨි භවාභවෙසු - ‘ධොනො’ යනු: ‘ධොනා’ යී ප්රඥාව කියනු ලබයි. අනිත්යාදිප්රකාරයෙන් ධර්මයන් දැනගන්නා වූ අනිත්යාදිය විමසන්නා වූ ප්රකර්ෂයෙන් විමසන්නා වූ සිවුසස්දහම් විමසන්නා වූ අනිත්යාදිය සලකන උපලක්ෂණ - ප්රත්යුපලක්ෂණ වූ පණ්ඩිතබව කුසලබව නිපුණබව යයි කියන ලද අනිත්යාදිය විභාවනය කරන අනිත්යාදිය සිතන පරීක්ෂා කරන පොළොව මෙන් පතළ හෙයින් භූරි නම් වූ කෙලෙසුන් නසන හෙයින් මේධා යයි කියන ලද යාථාවලක්ෂණප්රතිවෙධයෙහි පමුණුවන හෙයින් පරිණායිකා නම් වූ අනිත්යාදි විසින් ධර්මයන් දක්නා හෙයින් විදර්ශනා නම් වූ අනිත්යාදිය දැනගන්නා හෙයින් සම්ප්රඥාන නම් වූ නොමග යන සිත විදසුන්මඟට නඟන හෙයින් ප්රතෝදයක් (=කෙවිටක්) වැනි වූ ප්රඥෙන්ද්රිය ප්රඥාබලය (කෙලෙස් සිඳින හෙයින්) ප්රඥශස්ත්රය (අත්යුද්ගත හෙයින්) ප්රඥාප්රාසාදය ප්රඥාලෝකය ප්රඥාවභාසය ප්රඥාප්රද්යොතය ප්රඥාරත්නය යි කියන ලද අරමුණෙහි නො මුළා වන හෙයින් අමොහ නම් වූ ධර්මවිචය සඞ්ඛ්යාත වූ සම්යග්දෘෂ්ටි යයි කියන ලද ප්රඥාව යි. කවර කරුණෙකින් ප්රඥාව ‘ධොනා’ නම් වූ යැ යත්: