13. 10.
(ඇතැම් මහණබමුණෝ) තමන් තමන්ගේ මැ ධර්‍මය පරිපූර්‍ණ යැ යි කියති, යලි අන්‍යයාගේ ධර්‍මය හීන යැයි කියත්. මෙසේ ත් දැඩි වැ ගෙන විවාද කෙරෙති, තමන් තමන්ගේ මැ දෘෂ්ටිසම්මතිය සැබවැයි කියත්.
සකං හි ධම්මං පරිපුණ්ණමාහු - ඇතැම් මහණබමුණු කෙනෙක් තමන් තමන්ගේ මැ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘මෙය සමස්තයැ පරිපූර්‍ණ යැ අලාමක යැ’ යි මෙසේ පවසති … මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘සකං හි ධම්මං පරිපුණ්ණමාහු’ යනු වේ.
අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු - ඇතැම් මහණබමුණෝ අන්‍යයාගේ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘තෙල හීන යැ තෙල නිහීන යැ තෙල අවමත යැ තෙල ලාමක යැ තෙල ඡත්තක යැ තෙල අල්ප යැ’ යි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු ’ යනු වේ.
එවම්පි විග්ගය්හ විවාදයන්ති - මෙසේ ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිවිසගෙන විවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්‍රහ කෙරෙති, විරුද්ධවාද කෙරෙති, අරගල කෙරෙත්: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ … ඉදින් පොහොනවු නම් මුදා ගනුව ය’ යි ‘එවම්පි විග්ගය්හ විවාදයන්ති’ යනු වේ.
සකං සකං සම්මුතිමාහු සච්චං - ‘ශාශ්වත යැ ලෝකය, මේ මැ සැබව අන්‍යය සිස් යැ’ යි ‘සකං සකං සම්මුතිමාහු සච්චං’ අශාශ්වත යැ ලෝකය … සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබවැ අන්‍යය තුච්ඡ යැ’ යි ‘සකං සකං සම්මුතිමාහු සච්චං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සකං හි ධම්මං -පෙ- කං සකං සම්මුතිමාහු සච්චං” යී.
13. 11.
ඉදින් මෙරමා විසින් අවමන් කළ කරුණෙන් හීන වූයෙක් වන්නේ නම්, ධර්‍මයන් අතුරෙහි කිසිවෙක් විශිෂ්ට වූයේ නො වන්නේය. යම් හෙයකින් බොහෝ මහණබමුණෝ මෙරමාගේ දහම නිහීන හෙයින් කියත් ද, ස්වකීය ධර්‍මයෙහි දැඩිව කියන්නාහු වෙත් ද එහෙයිනි.
පරස්ස චෙ වම්හයිතෙන හීනො - ඉදින් මෙරමා විසින් අවමන් කළ කරුණෙන් නිගා කළ කරුණෙන් ගැරහූ කරුණෙන් නුගුණ කී කරුණෙන් මෙරමා බාලයෙක් හීනයෙක් නිහීනයෙක් අවමතයෙක් ලාමකයෙක් ඡත්තකයෙක් පරිත්තයෙක් වේ නම් යී ‘පරස්ස චෙ වම්හයිතෙන හීනො’ යනු වේ.
න කෝචි ධම්මේසු විසෙසි අස්ස - ධර්‍මයන් අතුරෙහි කිසිවෙක් අග්‍ර වූයේ ශ්‍රේෂ්ඨ වූයේ පාමොක් වූයේ උතුම් වූයේ ප්‍රවර වූයේ නො වන්නේ නුයි ‘න කෝචි ධම්මේසු විසෙසි අස්ස’ යනු වේ.
පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො - බොහෝ දෙනාගේ දහම හීන හෙයින් නිහීන හෙයින් ඔමක හෙයින් ලාමක හෙයින් ඡත්තක හෙයින් පරිත්ත හෙයින් කියති උපවාද කෙරෙති නිගා කෙරෙති ගරහත්. බොහෝ දෙනා ද එකක්හුගේ දහම හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්ත හෙයින් කියති නුගුණ කියති නිගා කෙරෙති ගරහත්. එකෙකුදු බොහෝ දෙනාගේ දහම හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්ත හෙයින් කියයි නුගුණ කියයි නිගා කෙරෙයි ගරහයි. එකෙකුදු එකක්හුගේ දහම හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්ත හෙයින් කියයි නුගුණ කියයි නිගා කෙරෙයි ගරහා නුයි ‘පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො’ යනු වේ.
සම්හි දළ්හං වදානා - ධර්‍මය ස්වකීය මාර්‍ග යැ දෘෂ්ටිය ස්වමාර්‍ග යැ ප්‍රතිපදාව ස්වමාර්‍ග යැ මාර්‍ගය ස්වමාර්‍ග යයි ස්වකීය මාර්‍ගය හේතු කොග ගෙන දෘඪවාද ඇත්තාහු ස්ථිර වාද ඇත්තාහු බලවත් වාද ඇත්තාහු අවස්ථිතවාද ඇත්තාහු නුයි ‘සම්හි දළ්හං වදානා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පරස්ස චෙ -පෙ- නිහිනතො සම්හි දළ්හං වදානා” යී.
13. 12.
තවද (ඒ තීර්‍තථකයෝ ලබ්ධිමාර්‍ගයන්ට යම්සේ පසසත් නම් ස්වකීය ශාස්තෘ ආදීන්ට පූජාවන් එසේ ම පවත්නේ ය. ඉදින් (ඔහු එහි ප්‍රමාණ වන්නාහු නම්) සියලු මැ වාදයෝ සත්‍ය වන්නාහුය. යම් හෙයකින් ඔවුන් ගේ ශුද්ධිය තමන් තමන් කෙරෙහි පිහිටියේ ද එහෙයිනි.