12. 9.
ලොවැ සංඥාමාත්රයෙන් නිත්ය යයි ගන්නා ලද ග්රහණයන් තබා නන්වැදෑරුම් වූ බොහෝ සත්යයෝ නො මැ වෙති, දෘෂ්ටිවිෂයෙහි (තමා ගේ ) මිථ්යාසංකල්පමාත්රය ද උපදවා (මාගේ වචනය) සැබව, තාගේ වචනය) බොරු යැ යන යුග්මධර්මය (- දෙ කරුණ) කියත්.
නහෙව සච්චානි බහූති නානා - බොහෝ වූ නානා වූ විවිධ වූ අන්යෝන්ය වූ වෙන් වෙන් වූ සත්යයෝ නො මැ වෙත් නුයි ’ නහෙව සච්චානි බහුති නානා’ යනු වේ.
අඤ්ඤත්ර සඤ්ඤාය නිච්චානි ලෝකේ - සංඥාමාත්රයෙන් නිත්ය යයි ගන්නා ලද ග්රහණයෙන් වෙන් ව ලොවැ දුඃඛනිරෝධ යයි කියන ලද නිර්වාණ නම් වූ එක මැ සත්යය කියනු ලැබෙයි, බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි, ව්යවහාර කරනු ලැබේ; යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව නැසීමෙක් ක්ලෙශවිරාගයෙක් නිරෝධයෙක් නිර්වාණයෙක් වේ ද එය යි. නොහොත් එක් සත්ය යැ’යි මාර්ගසත්යය කියනු ලැබෙයි, නෛර්ය්යාණික සත්යය දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාව ආර්ය්යඅෂ්ටාඞ්ගික මාර්ගය යි, ඒ කවරේ ද යත්? සම්යග්දෘෂ්ටිය … සම්යක් සමාධිය නුයි ‘අඤ්ඤත්ර සඤ්ඤාය නිච්චානි ලෝකේ’ යනු වේ.
තක්කඤ්ච දිටඨිසු පකප්පයිත්වා සච්චං මුසා’ ති ද්වයධම්මමාහු - තර්කය විතර්කය සඞ්කල්පය තර්කණය කොට විතර්කණය සඞ්කල්පනය කොට දෘෂ්ටිගතයන් උපදවති, මොනවට උපදවති, නිපදවති, වෙසෙසින් නිපදවත්, දෘෂ්ටිගතයන් (මතු මත්තෙහි) උපදවා මොනොවට උපදවා නිපදවා වෙසෙසින් නිපදවා මාගේ (- වදන) සැබව, තාගේ (වදන) බොරු යයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්යවහාර කෙරෙත් නුයි ‘තක්කඤ්ච දිටඨිසු පකප්පයිත්වා සච්චං මුසාති ද්වයධම්මමාහු’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න හෙව සච්චානි -පෙ- සච්චං මුසාති ද්වයධම්මමාහු” යි.
12. 10.
(රූපාලම්බන සඞ්ඛ්යාත) දෘෂ්ටශුද්ධිය ද ශීලව්රතශුද්ධිය ද (ගන්ධරසස්ප්රෂ්ටව්යලම්බන සඞ්ඛ්යාත) මුතශුද්ධිය ද යන මොවුන් නිසා අසම්මානය දක්නේ නොහොත් දොම්නස් උපදවනුයේ දෘෂ්ටිවිනිශචයෙහි සිට පහටුවනුයේ මෙරමා හීන යයි ද අදක්ෂ යයි ද කියයි.
දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී - රූපාලම්බනය හෝ දෘෂ්ටශුද්ධිය හෝ, ශබ්දාලම්බනය හෝ ශ්රැතශුද්ධිය හෝ, ශීලය හෝ ශීලශුද්ධිය හෝ, ව්රතය හෝ ව්රත ශුද්ධිය හෝ ගන්ධ - රස - ස්ප්රෂ්ටව්යාලම්බනය හෝ මුතශුද්ධිය හෝ නිසා ඇසුරු කොට ග්රහණය කොට දැහැගෙන පිහිටාගෙන නුයි ‘දිටෙඨ සුතෙ සීලවතෙ මුතෙ වා’ යනු වේ.
එතෙ ච නිස්සාය විමානදස්සි - සම්මාන නො කෙරේ නුයි ද විමානදර්ශී යැ, නොහොත් දොම්නස් දනවා නුයි ද විමානදර්ශී නුයි ‘දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී’ යනු වේ.
විනිච්ඡයෙ ඨත්වා පහස්සමානො - ‘විනිච්ඡය’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. දෘෂ්ටිවිනිශ්චයෙහි විනිශ්චය (- සනිටුහන්) කොට ගත් දෘෂ්ටියෙහි සිට පිහිටා ග්රහණය කොට දැඩිව ගෙන පිහිටා ගෙන නුයි ‘විනිච්ඡයෙ ඨත්වා’ යනු වේ. පහස්සමානො - තුටු වූයේ පහටු වූයේ තුටුසිත් ඇතියේ පිරුණු සංකල්ප ඇතියේ; නොහොත් දත් විදහා සිනහසෙනුයේ නුයි ‘විනිච්ඡයෙ ඨත්වා පහසසමානො’ යනු වේ.
බාලො පරො අක්කුසලොති චාහ - මෙරමා බාල යැ හීන යැ නිහීන යැ අවමත යැ ලාමක යැ ඡත්තක යැ අල්ප යැ අදක්ෂ යැ අපණ්ඩිත යැ නුවණ නැත්තේ යැ විමංසනප්රඥා රහිත යැ තීරණප්රඥා රහිත යැ දුෂ්ප්රාඥ යැයි මෙසේ පවසයි, මෙසේ කියයි, මෙසේ බෙණෙයි, මෙසේ දක්වයි, මෙසේ ව්යවහාර කෙරේ නුයි ‘බාලො පරො අක්කුසලොති චාහ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨෙ සුතෙ -පෙ- බාලො පරො අක්කුසලොති චාහ” යි.
12. 11.
යම් මැ කරුණෙකින් මෙරමා බාලයෙකැයි හඟී නම්, යලි එ කරුණෙන් ම තමා ‘පණ්ඩිත වෙමි’ කියයි, තෙමේ මැ තමහට (මම) පණ්ඩිතයෙමි කියන්නාවූ හෙතෙම එය මැ කියනුයේ අනෙකක්හු ගරහයි.