12. 10.
(රූපාලම්බන සඞ්ඛ්‍යාත) දෘෂ්ටශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද (ගන්ධරසස්ප්‍රෂ්ටව්‍යලම්බන සඞ්ඛ්‍යාත) මුතශුද්ධිය ද යන මොවුන් නිසා අසම්මානය දක්නේ නොහොත් දොම්නස් උපදවනුයේ දෘෂ්ටිවිනිශචයෙහි සිට පහටුවනුයේ මෙරමා හීන යයි ද අදක්‍ෂ යයි ද කියයි.
දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී - රූපාලම්බනය හෝ දෘෂ්ටශුද්ධිය හෝ, ශබ්දාලම්බනය හෝ ශ්‍රැතශුද්ධිය හෝ, ශීලය හෝ ශීලශුද්ධිය හෝ, ව්‍රතය හෝ ව්‍රත ශුද්ධිය හෝ ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය හෝ මුතශුද්ධිය හෝ නිසා ඇසුරු කොට ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන නුයි ‘දිටෙඨ සුතෙ සීලවතෙ මුතෙ වා’ යනු වේ.
එතෙ ච නිස්සාය විමානදස්සි - සම්මාන නො කෙරේ නුයි ද විමානදර්ශී යැ, නොහොත් දොම්නස් දනවා නුයි ද විමානදර්ශී නුයි ‘දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී’ යනු වේ.
විනිච්ඡයෙ ඨත්වා පහස්සමානො - ‘විනිච්ඡය’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. දෘෂ්ටිවිනිශ්චයෙහි විනිශ්චය (- සනිටුහන්) කොට ගත් දෘෂ්ටියෙහි සිට පිහිටා ග්‍රහණය කොට දැඩිව ගෙන පිහිටා ගෙන නුයි ‘විනිච්ඡයෙ ඨත්වා’ යනු වේ. පහස්සමානො - තුටු වූයේ පහටු වූයේ තුටුසිත් ඇතියේ පිරුණු සංකල්ප ඇතියේ; නොහොත් දත් විදහා සිනහසෙනුයේ නුයි ‘විනිච්ඡයෙ ඨත්වා පහසසමානො’ යනු වේ.
බාලො පරො අක්කුසලොති චාහ - මෙරමා බාල යැ හීන යැ නිහීන යැ අවමත යැ ලාමක යැ ඡත්තක යැ අල්ප යැ අදක්‍ෂ යැ අපණ්ඩිත යැ නුවණ නැත්තේ යැ විමංසනප්‍රඥා රහිත යැ තීරණප්‍රඥා රහිත යැ දුෂ්ප්‍රාඥ යැයි මෙසේ පවසයි, මෙසේ කියයි, මෙසේ බෙණෙයි, මෙසේ දක්වයි, මෙසේ ව්‍යවහාර කෙරේ නුයි ‘බාලො පරො අක්කුසලොති චාහ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨෙ සුතෙ -පෙ- බාලො පරො අක්කුසලොති චාහ” යි.
12. 11.
යම් මැ කරුණෙකින් මෙරමා බාලයෙකැයි හඟී නම්, යලි එ කරුණෙන් ම තමා ‘පණ්ඩිත වෙමි’ කියයි, තෙමේ මැ තමහට (මම) පණ්ඩිතයෙමි කියන්නාවූ හෙතෙම එය මැ කියනුයේ අනෙකක්හු ගරහයි.
යෙනෙව බාලොති පරං දහාති - යම් මැ හේතුවකින් යම් ප්‍රත්‍යයෙකින් යම් කරුණෙකින් යම් පහළවීමෙකින් මෙරමා බාලහෙයින් හීන හෙයින් නිහීන හෙයින් අවමත හෙයින් ලාමක හෙයින් අහේතුක හෙයින් අල්ප හෙයින් සලකා නම් බලා නම් දකී නම් අවලෝකන කෙරේ නම් සිතා නම් විමසා නම් යී ‘යෙනෙව බාලො’ති පරං දහාති’ යනු වේ.
තෙනාතුමානං කුසලො’ති චා’හ - ‘ආතුමා’ යී තෙමේ කියනු ලැබෙයි, හෙ තෙමේ ද ඒ හේතුයෙන් ම ඒ ප්‍රත්‍යයෙන් ඒ කරුණෙන් ඒ පහළවීමෙන් තමා ‘මම් දක්‍ෂයෙමි පණ්ඩිතයෙමි ප්‍රඥාවත්මි බුද්ධිමත්මි ඥානවත්මි වීමංසනප්‍රඥා ඇත්තෙමි තීරණප්‍රඥා ඇත්තෙමි (කියා) නුයි ‘තෙනාතුමානං කුසලො’ති චා’හ’ යනු වේ.
සයමත්තනා සො කුසලාවදානො - ස්වකීය ලබ්ධියෙහි තෙමේ ම තම හට ‘මම් දක්‍ෂයෙමි, යන වාද ඇත්තේ පණ්ඩිතවාද ඇත්තේ සථිරවාද ඇත්තේ න්‍යායවාද ඇත්තේ හේතුවාද ඇත්තේ ලක්ෂණවාද ඇත්තේ කාරණවාද ඇත්තේ ස්ථානවාද ඇත්තේ නුයි ‘සයමත්තනා සො කුසලාවදානො’ යනු වේ.
අඤ්ඤං විමානෙති තදෙව පාවා - සම්මාන නො කෙරේ නුයි ද, ‘අඤ්ඤං විමානෙති’ යනු වේ. නොහොත් දොම්නස දනවා නුයි ‘අඤ්ඤං විමානෙති’ යනු වේ. තදෙව පාවා - මෙසේ හෝ පුද්ගල තෙම මිථ්‍යාදෘෂ්ටි ඇත්තෙක විපරීත දර්‍ශන ඇත්තෙකැ’ යි එය ම එ දෘෂ්ටිගතය ම කියා නුයි ‘අඤ්ඤං විමානෙති තදෙව පාවා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යෙනෙව බාලොති -පෙ- අඤ්ඤං විමානෙති තදෙව පාවා” යි.
12. 12.
හෙතෙම ද්වාෂෂ්ටිදෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ ( - ඉදිමුණේ) දෘෂ්ටිමානයෙන් මත් වූයේ පරිපූර්‍ණයෙමී මාන ඇතියේ තමා මැ තෙමේ සිතින් අභිෂේක කරන ලදුයේ වෙයි, යම් හෙයෙකින් ඔහු විසින් ඒ දෘෂ්ටිය එපරිදේදෙන් ගන්නා ලද්දී ද එහෙයිනි.
අතිසාරදිටඨියා සො සමත්තො - ‘අතිසාරදිටඨි’ යයි දෙසැට දිටුගතයෝ කියනු ලැබෙති, කවර කරුණෙකින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙත් ද යත්: ඒ සියලු දෙසැට දෘෂ්ටීහු කාරණ ඉක්මවූවාහුය ලක්‍ෂණ ඉක්මවූවාහුය ලක්‍ෂණ ඉක්මවූවාහුය ස්ථාන ඉක්මවූවාහුය, ඒ කරුණෙන් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙති; සියලු මැ දෘෂ්ටීහු අතිසාර දෘෂ්ටිහු යැ, කවර කරුණෙකින් සියලු මැ දෘෂ්ටීහු ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙත් ද? ඔවුහු ඔවුනොවුන් ඉක්මවා මොනොවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා දෘෂ්ටිගතයන් උපදවති, මොනොවට උපදවති - නිපදවති වෙසෙසින් නිපදවත්; එ කරුණෙන් සියලු මැ දෘෂ්ටීහු ‘අතිසාරදිටඨි’ යයි කියනු ලැබෙත්. අතිසාරදිටඨියා සො සමත්තො - දෙසැට දෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ පරිපූර්‍ණ වූයේ අනූන වූයේ නුයි ‘අතිසාරදිටඨියා සො සමත්තො’ යනු වේ.