12. 11.
යම් මැ කරුණෙකින් මෙරමා බාලයෙකැයි හඟී නම්, යලි එ කරුණෙන් ම තමා ‘පණ්ඩිත වෙමි’ කියයි, තෙමේ මැ තමහට (මම) පණ්ඩිතයෙමි කියන්නාවූ හෙතෙම එය මැ කියනුයේ අනෙකක්හු ගරහයි.
යෙනෙව බාලොති පරං දහාති - යම් මැ හේතුවකින් යම් ප්‍රත්‍යයෙකින් යම් කරුණෙකින් යම් පහළවීමෙකින් මෙරමා බාලහෙයින් හීන හෙයින් නිහීන හෙයින් අවමත හෙයින් ලාමක හෙයින් අහේතුක හෙයින් අල්ප හෙයින් සලකා නම් බලා නම් දකී නම් අවලෝකන කෙරේ නම් සිතා නම් විමසා නම් යී ‘යෙනෙව බාලො’ති පරං දහාති’ යනු වේ.
තෙනාතුමානං කුසලො’ති චා’හ - ‘ආතුමා’ යී තෙමේ කියනු ලැබෙයි, හෙ තෙමේ ද ඒ හේතුයෙන් ම ඒ ප්‍රත්‍යයෙන් ඒ කරුණෙන් ඒ පහළවීමෙන් තමා ‘මම් දක්‍ෂයෙමි පණ්ඩිතයෙමි ප්‍රඥාවත්මි බුද්ධිමත්මි ඥානවත්මි වීමංසනප්‍රඥා ඇත්තෙමි තීරණප්‍රඥා ඇත්තෙමි (කියා) නුයි ‘තෙනාතුමානං කුසලො’ති චා’හ’ යනු වේ.
සයමත්තනා සො කුසලාවදානො - ස්වකීය ලබ්ධියෙහි තෙමේ ම තම හට ‘මම් දක්‍ෂයෙමි, යන වාද ඇත්තේ පණ්ඩිතවාද ඇත්තේ සථිරවාද ඇත්තේ න්‍යායවාද ඇත්තේ හේතුවාද ඇත්තේ ලක්ෂණවාද ඇත්තේ කාරණවාද ඇත්තේ ස්ථානවාද ඇත්තේ නුයි ‘සයමත්තනා සො කුසලාවදානො’ යනු වේ.
අඤ්ඤං විමානෙති තදෙව පාවා - සම්මාන නො කෙරේ නුයි ද, ‘අඤ්ඤං විමානෙති’ යනු වේ. නොහොත් දොම්නස දනවා නුයි ‘අඤ්ඤං විමානෙති’ යනු වේ. තදෙව පාවා - මෙසේ හෝ පුද්ගල තෙම මිථ්‍යාදෘෂ්ටි ඇත්තෙක විපරීත දර්‍ශන ඇත්තෙකැ’ යි එය ම එ දෘෂ්ටිගතය ම කියා නුයි ‘අඤ්ඤං විමානෙති තදෙව පාවා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යෙනෙව බාලොති -පෙ- අඤ්ඤං විමානෙති තදෙව පාවා” යි.
12. 12.
හෙතෙම ද්වාෂෂ්ටිදෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ ( - ඉදිමුණේ) දෘෂ්ටිමානයෙන් මත් වූයේ පරිපූර්‍ණයෙමී මාන ඇතියේ තමා මැ තෙමේ සිතින් අභිෂේක කරන ලදුයේ වෙයි, යම් හෙයෙකින් ඔහු විසින් ඒ දෘෂ්ටිය එපරිදේදෙන් ගන්නා ලද්දී ද එහෙයිනි.
අතිසාරදිටඨියා සො සමත්තො - ‘අතිසාරදිටඨි’ යයි දෙසැට දිටුගතයෝ කියනු ලැබෙති, කවර කරුණෙකින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙත් ද යත්: ඒ සියලු දෙසැට දෘෂ්ටීහු කාරණ ඉක්මවූවාහුය ලක්‍ෂණ ඉක්මවූවාහුය ලක්‍ෂණ ඉක්මවූවාහුය ස්ථාන ඉක්මවූවාහුය, ඒ කරුණෙන් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙති; සියලු මැ දෘෂ්ටීහු අතිසාර දෘෂ්ටිහු යැ, කවර කරුණෙකින් සියලු මැ දෘෂ්ටීහු ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙත් ද? ඔවුහු ඔවුනොවුන් ඉක්මවා මොනොවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා දෘෂ්ටිගතයන් උපදවති, මොනොවට උපදවති - නිපදවති වෙසෙසින් නිපදවත්; එ කරුණෙන් සියලු මැ දෘෂ්ටීහු ‘අතිසාරදිටඨි’ යයි කියනු ලැබෙත්. අතිසාරදිටඨියා සො සමත්තො - දෙසැට දෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ පරිපූර්‍ණ වූයේ අනූන වූයේ නුයි ‘අතිසාරදිටඨියා සො සමත්තො’ යනු වේ.