12. 12.
හෙතෙම ද්වාෂෂ්ටිදෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ ( - ඉදිමුණේ) දෘෂ්ටිමානයෙන් මත් වූයේ පරිපූර්‍ණයෙමී මාන ඇතියේ තමා මැ තෙමේ සිතින් අභිෂේක කරන ලදුයේ වෙයි, යම් හෙයෙකින් ඔහු විසින් ඒ දෘෂ්ටිය එපරිදේදෙන් ගන්නා ලද්දී ද එහෙයිනි.
අතිසාරදිටඨියා සො සමත්තො - ‘අතිසාරදිටඨි’ යයි දෙසැට දිටුගතයෝ කියනු ලැබෙති, කවර කරුණෙකින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙත් ද යත්: ඒ සියලු දෙසැට දෘෂ්ටීහු කාරණ ඉක්මවූවාහුය ලක්‍ෂණ ඉක්මවූවාහුය ලක්‍ෂණ ඉක්මවූවාහුය ස්ථාන ඉක්මවූවාහුය, ඒ කරුණෙන් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙති; සියලු මැ දෘෂ්ටීහු අතිසාර දෘෂ්ටිහු යැ, කවර කරුණෙකින් සියලු මැ දෘෂ්ටීහු ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙත් ද? ඔවුහු ඔවුනොවුන් ඉක්මවා මොනොවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා දෘෂ්ටිගතයන් උපදවති, මොනොවට උපදවති - නිපදවති වෙසෙසින් නිපදවත්; එ කරුණෙන් සියලු මැ දෘෂ්ටීහු ‘අතිසාරදිටඨි’ යයි කියනු ලැබෙත්. අතිසාරදිටඨියා සො සමත්තො - දෙසැට දෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ පරිපූර්‍ණ වූයේ අනූන වූයේ නුයි ‘අතිසාරදිටඨියා සො සමත්තො’ යනු වේ.
මානෙන මත්තො පරිපුණ්ණමානී - ස්වකීය දෘෂ්ටියෙහි දෘෂ්ටිමානයෙන් මත්වූයේ පමත්වූයේ උමතු වූයේ ඉතා මත්වූයේ නුයි ‘මානෙන මත්තො ’ යනු වේ; පරිපුණ්ණමානී පරිපූර්‍ණමාන ඇතියේ සම්පූර්‍ණමාන ඇතියේ අනූනමාන ඇතියේ නුයි ‘මානෙන මත්තො පරිපුණ්ණමානී’ යනු වේ.
සයමෙව සාමං මනසාභිසිත්තො - ‘මම් දක්‍ෂයෙමි පණ්ඩිතයෙමි ප්‍රඥාවත්මි බුද්ධිමත්මි ඥානවත්මි වීමංසනප්‍රඥා ඇත්තෙමි තීරණප්‍රඥා ඇත්තෙමි’ යි තෙමේ ම තමා විසින් අභිෂේක කෙරේ නුයි ‘සයමෙව සාමං මනසාභිසිත්තො’ යනු වේ.
දිට්ඨි හි සා තස්ස තථා සමත්තා - ඔහු විසින් ඒ දෘෂ්ටි තොමෝ එපරිද්දෙන් පුරන ලද්දී සමාදන් වූවා ගන්නා ලද්දී දැහැගන්නා ලද්දී පිහිටා ගන්නාලද්දී පිවිසියා බැසගන්නා ලද්දී නුයි ‘දිට්ඨි හි සා තස්ස තථා සමත්තා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අතිසාරදිටඨියා සො -පෙ- දිට්ඨි හි සා තස්ස තථා සමත්තා” යි.
12. 13.
ඉදින් (යමෙක් දෘෂ්ටිවිනිශ්චයෙහි සිටි) අන්‍යයාගේ නින්දාවචනයෙන් නිහීනයෙක් වේ නම්, තෙමේත් ඔහු සමග ම නිහීනප්‍රඥා ඇත්තේ වෙයි. යලි තෙමේ මැ ඉදින් වේදාන්තයට ගියා වූ ධීරයෙක් වේ නම්, ශ්‍රමණයන් කෙරෙහි බාල වූ කිසිවෙක් නැත්තේ යි.
පරස්ස චෙ හි වචසා නිහීනො - ඉදින් අන්‍යයාගේ වචනයෙන් භාෂිතයෙන් නින්දාහෙතුයෙන් අවමානහෙතුයෙන් උපවාදකාරණයෙන් අන්‍යයා බාලයෙක් හීනයෙක් නිහීනයෙක් අවමතයෙක් ලාමකයෙක් අහේතුකයෙක් අල්පයෙක් වේ නම් යී ‘පරස්ස චෙ හි වචසා නිහීනො’ යනු වේ.
තුමො සහා හොති නිහිනපඤ්ඤෙ - හෙතෙමේ ත් ඔහු සමග මැ හීනප්‍රඥා ඇත්තේ වෙයි, නිහීනප්‍රඥා ඇත්තේ අවමතප්‍රඥා ඇත්තේ ලාමක ප්‍රඥා ඇත්තේ අහෙතුකප්‍රඥා ඇත්තේ අල්ප වූ ප්‍රඥා ඇත්තේ වේ නුයි ‘තුමො සහා හොති නිහිනපඤ්ඤෙ’ යනු වේ.
අථ චෙ සයං වේදගු හොති ධීරො - යලි ඉදින් තෙමේ වේදාන්තයට පැමිණියේ වේ නම්, ධීර වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ වීමංසනප්‍රඥා ඇත්තේ තීරණප්‍රඥා ඇත්තේ වී නම් යී ‘අථ චෙ සයං වේදගු හොති ධීරො’ යනු වේ.
න කෝචි බාලො සමණෙසු අත්‍ථි - ශ්‍රමණයන් කෙරෙහි කිසි බාලයෙක් හීනයෙක් නිහීනයෙක් අවමතයෙක් ලාමකයෙක් ඡත්තකයෙක් පරිත්තයෙක් නැති. සියල්ලෝ මැ ශ්‍රෙෂ්ඨප්‍රඥා ඇත්තාහු විශිෂ්ඨප්‍රඥා ඇත්තාහු ප්‍රමුඛප්‍රඥා ඇත්තාහු උත්තමප්‍රඥා ඇත්තාහු ප්‍රවරප්‍රඥ ඇත්තාහු නුයි ‘න කෝචි බාලො සමණෙසු අත්‍ථි’ යනු වේ.