12. 13.
ඉදින් (යමෙක් දෘෂ්ටිවිනිශ්චයෙහි සිටි) අන්‍යයාගේ නින්දාවචනයෙන් නිහීනයෙක් වේ නම්, තෙමේත් ඔහු සමග ම නිහීනප්‍රඥා ඇත්තේ වෙයි. යලි තෙමේ මැ ඉදින් වේදාන්තයට ගියා වූ ධීරයෙක් වේ නම්, ශ්‍රමණයන් කෙරෙහි බාල වූ කිසිවෙක් නැත්තේ යි.
පරස්ස චෙ හි වචසා නිහීනො - ඉදින් අන්‍යයාගේ වචනයෙන් භාෂිතයෙන් නින්දාහෙතුයෙන් අවමානහෙතුයෙන් උපවාදකාරණයෙන් අන්‍යයා බාලයෙක් හීනයෙක් නිහීනයෙක් අවමතයෙක් ලාමකයෙක් අහේතුකයෙක් අල්පයෙක් වේ නම් යී ‘පරස්ස චෙ හි වචසා නිහීනො’ යනු වේ.
තුමො සහා හොති නිහිනපඤ්ඤෙ - හෙතෙමේ ත් ඔහු සමග මැ හීනප්‍රඥා ඇත්තේ වෙයි, නිහීනප්‍රඥා ඇත්තේ අවමතප්‍රඥා ඇත්තේ ලාමක ප්‍රඥා ඇත්තේ අහෙතුකප්‍රඥා ඇත්තේ අල්ප වූ ප්‍රඥා ඇත්තේ වේ නුයි ‘තුමො සහා හොති නිහිනපඤ්ඤෙ’ යනු වේ.
අථ චෙ සයං වේදගු හොති ධීරො - යලි ඉදින් තෙමේ වේදාන්තයට පැමිණියේ වේ නම්, ධීර වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ වීමංසනප්‍රඥා ඇත්තේ තීරණප්‍රඥා ඇත්තේ වී නම් යී ‘අථ චෙ සයං වේදගු හොති ධීරො’ යනු වේ.
න කෝචි බාලො සමණෙසු අත්‍ථි - ශ්‍රමණයන් කෙරෙහි කිසි බාලයෙක් හීනයෙක් නිහීනයෙක් අවමතයෙක් ලාමකයෙක් ඡත්තකයෙක් පරිත්තයෙක් නැති. සියල්ලෝ මැ ශ්‍රෙෂ්ඨප්‍රඥා ඇත්තාහු විශිෂ්ඨප්‍රඥා ඇත්තාහු ප්‍රමුඛප්‍රඥා ඇත්තාහු උත්තමප්‍රඥා ඇත්තාහු ප්‍රවරප්‍රඥ ඇත්තාහු නුයි ‘න කෝචි බාලො සමණෙසු අත්‍ථි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පරස්ස චෙ හි -පෙ- න කෝචි බාලො සමණෙසු අත්‍ථි” යි.
12. 14.
යම් කෙනෙක් මෙයින් අන්‍ය වූ දහමක් (- දෘෂ්ටියක්) කියා නම්, අපරිපූර්‍ණ වූ ඔහු ශුද්ධිය වැරැද්දාහුය, මෙසේත් තීර්‍තථකයෝ බොහෝ දෘෂ්ටිවශයෙන් කියති, යම් හෙයකින් ඔවුහු ස්වකීය දෘෂ්ටිරාගයෙන් ඇලුණාහු ද එහෙයිනි.
අඤ්ඤං ඉතො යාභිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලි තෙ - යම් කෙනෙක් මෙයින් අන්‍ය වූ දහමක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් කියත් නම්, ඔවුහු ශුද්ධිමාර්‍ගය විශුද්ධිමාර්‍ගය පරිශුද්ධිමාර්‍ගය පණ්ඩරමාර්‍ගය ප්‍රභාවත්මාර්‍ගය වැරැද්දාහුය පැරැද්දාහුය පිරිහුණාහුය ගිලිහුණාහුය නො දැන පරාජයට පැමිණියාහුය; අකෙවලි තෙ - ඔවුහු අසමස්තයෝ යැ, ඔවුහු අපරිපූර්‍ණයෝ යැ, හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්තක වූවාහු නුයි ‘අඤ්ඤං ඉතො යා’භිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලි තෙ’ යනු වේ.
එවමපි තිත්ථ්‍යා පුථුසො වදන්ති - ‘තිත්ථ’ යි දෘෂ්ටිගතය කියනු ලැබෙයි, දෘෂ්ටිගතිකයෝ ‘තිත්ථිය’ යි කියනු ලැබෙත්, බොහෝ දෘෂ්ටිගතිකයෝ නානා දෘෂ්ටිගතයන් පවසති කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘එවමපි තිත්ථ්‍යා පුථුසො වදන්ති’ යනු වේ.
සන්දිට්ඨිරාගෙන හි තෙභිරත්තා - ස්වකීය දෘෂ්ටියෙහි දෘෂ්ටිරාගයෙන් රැඳුණාහු වෙසෙසින් රැඳුනණාහු නුයි ‘සන්දිටඨිරාගෙන හි තෙභිරත්තා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අඤ්ඤං ඉතො -පෙ- සන්දිට්ඨිරාගෙන හි තෙභිරත්තා” යි.
12. 15.
මෙසේ (අභිරක්ත වූ තීර්‍තථකයෝ) මෙහි ම ශුද්ධිය කියති, අන්‍යධර්‍මයන්හි විශුද්ධිය නො කියත්; මෙසේ ත් ස්වකීය මාර්‍ගයෙහි බොහෝ සෙයින් බැසගත් තීර්‍තථකයෝ ඒ ස්ව ලබ්ධියෙහි දෘඪවාද ඇත්තාහු වෙත්.