12. 8.
විරුද්ධවාද ඇති (ස්වලබ්ධියෙහි) පණ්ඩිතවාද ඇති (ඔහු) කුමක් හෙයින් නානා සත්‍යයන් කියත් ද? (ඔවුන් විසින්) බොහෝ වූ නානා සත්‍යයන් අසන ලද්දාහු ද? නොහොත් ඔවුහු තර්‍කමාත්‍රයක් අනුව යෙත් ද?
කස්මා නු සච්චානි වදන්ති නානා - ‘කස්මා’ යනු: කුමක් හෙයින් කිකරුණෙන් කවර හේතුයෙකින් කවර ප්‍රත්‍යයෙකින් කවර නිදානයෙකින් සත්‍යයන් නන් ලෙස කියත් ද? විවිධ ව කියත් ද? අනන්මන කියත් ද? වෙන වෙන ම පවසත් ද? කියත් ද? වෙන වෙන මැ පවසත් ද? කියත් ද? බෙණෙත් ද? දක්වත් ද? ව්‍යවහාර කෙරෙත් දැ’යි ‘කස්මා නු සච්චානි වදන්ති නානා’ යනු වේ.
පවාදියා සෙ කුසලාවදානා - ‘පවාදියා සෙ’ යනු: විවිධ ව කියත් නුයි ද ‘පාවාදියා සෙ’ යනු වේ; නොහොත් තමතමාගේ දෘෂ්ටිගතය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්: ‘ශාශ්වත යැ ලෝකය, මෙ මැ සැබව, අන්‍යය තුච්ඡ යැ’ යි පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. ‘අශාශ්වත යැ ලෝකය … සත්ත්‍වයා මරණින් මත්තෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි. මේ මැ සැබව, අන්‍යය තුච්ඡ යැ’ යි පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. කුසලාවදානා - ස්වලබ්ධියෙහි කුශල යැ යන වාද ඇත්තාහු පණ්ඩිතවාද ඇත්තාහු ස්ථිරවාදඇත්තාහු න්‍යායවාද ඇත්තාහු හේතුවාද ඇත්තාහු ලක්ෂණවාද ඇත්තාහු කාරණවාද ඇත්තාහු සථානවාද ඇත්තාහු නුයි ‘පවාදියා සෙ කුසලාවදානා’ යනු වේ.
සච්චානි සුතානි බහූති නානා - බොහෝ වූ නන් වැදැරුම් වූ විවිධ වූ අනන්මන වූ වෙන් වෙන් වූ සත්‍යයෝ අසන ලද්දාහු දැ’ යි ‘සච්චානි සුතානි බහූති නානා’ යනු වේ.
උදාහු තෙ තක්කමනුස්සරන්ති - නොහොත් තර්‍කයෙන් සංකල්පයෙන් යවනු ලැබෙති, පමුණුවනු ලැබෙති, වහනය කරනු ලැබෙති, මොනොවට හරිනු ලැබෙත් නුයි - මෙසේ ත් ‘උදාහු තෙ තක්කමනුස්සරන්ති’ යනු වේ. නොහොත් තර්‍කයෙන් හාත්පසින් එළවන ලද තමාගේ හැඟීමෙන් විමසන ලද ස්වකීය ප්‍රතිභානය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි - මෙසේත් ‘උදාහු තෙ තක්කමනුස්සරන්ති’ යනු වේ.
එයින් කීහ ඒ මැවුණු බුදුහු:
“කස්මා නු සච්චානි -පෙ- උදාහු තෙ තක්කමනුස්සරන්ති” යි.
12. 9.
ලොවැ සංඥාමාත්‍රයෙන් නිත්‍ය යයි ගන්නා ලද ග්‍රහණයන් තබා නන්වැදෑරුම් වූ බොහෝ සත්‍යයෝ නො මැ වෙති, දෘෂ්ටිවිෂයෙහි (තමා ගේ ) මිථ්‍යාසංකල්පමාත්‍රය ද උපදවා (මාගේ වචනය) සැබව, තාගේ වචනය) බොරු යැ යන යුග්මධර්‍මය (- දෙ කරුණ) කියත්.
නහෙව සච්චානි බහූති නානා - බොහෝ වූ නානා වූ විවිධ වූ අන්‍යෝන්‍ය වූ වෙන් වෙන් වූ සත්‍යයෝ නො මැ වෙත් නුයි ’ නහෙව සච්චානි බහුති නානා’ යනු වේ.
අඤ්ඤත්‍ර සඤ්ඤාය නිච්චානි ලෝකේ - සංඥාමාත්‍රයෙන් නිත්‍ය යයි ගන්නා ලද ග්‍රහණයෙන් වෙන් ව ලොවැ දුඃඛනිරෝධ යයි කියන ලද නිර්‍වාණ නම් වූ එක මැ සත්‍යය කියනු ලැබෙයි, බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි, ව්‍යවහාර කරනු ලැබේ; යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව නැසීමෙක් ක්ලෙශවිරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. නොහොත් එක් සත්‍ය යැ’යි මාර්‍ගසත්‍යය කියනු ලැබෙයි, නෛර්‍ය්‍යාණික සත්‍යය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය යි, ඒ කවරේ ද යත්? සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක් සමාධිය නුයි ‘අඤ්ඤත්‍ර සඤ්ඤාය නිච්චානි ලෝකේ’ යනු වේ.
තක්කඤ්ච දිටඨිසු පකප්පයිත්වා සච්චං මුසා’ ති ද්වයධම්මමාහු - තර්‍කය විතර්‍කය සඞ්කල්පය තර්‍කණය කොට විතර්‍කණය සඞ්කල්පනය කොට දෘෂ්ටිගතයන් උපදවති, මොනවට උපදවති, නිපදවති, වෙසෙසින් නිපදවත්, දෘෂ්ටිගතයන් (මතු මත්තෙහි) උපදවා මොනොවට උපදවා නිපදවා වෙසෙසින් නිපදවා මාගේ (- වදන) සැබව, තාගේ (වදන) බොරු යයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තක්කඤ්ච දිටඨිසු පකප්පයිත්වා සච්චං මුසාති ද්වයධම්මමාහු’ යනු වේ.