12. 3.
ඉදින් මෙරමාගේ දෘෂ්ටිය අනුඥා නො කරනුයේ බාලයෙක් මෘග (සදෘශ) යෙක් ලාමක ප්‍රඥා ඇතියෙක් වේ නම්, (එකල්හි) සියලු මැ මහණබමුණෝ බාලයෝ වෙති අතිශයින් නිහීනප්‍රඥා ඇතියෝ වෙත්, මේ සියලු මැ මහණ බමුණෝ තමතමාගේ දෘෂ්ටියෙහි වසන්නාහු ද, එහෙයිනි.
පරස්ස චෙ ධම්ම මනානුජානං - අන්‍යයාගේ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය නො දන්නේ නො දක්නේ අනුඥා නො කරනුයේ නො පිළිගන්නේ නො අනුමෝදන් වනුයේ නුයි ‘පරස්ස චෙ ධම්ම මනානුජානං’ යනු වේ.
බාලො මගො හොති නිහිනඤ්ඤො - මෙරමා අපණ්ඩිත වූයේ වෙයි, හීන වූයේ නිහීන - ඔමක - ලාමක ඡත්තක - පරිත්ත වූයේ හීනප්‍රඥා ඇත්තේ නිහීනප්‍රඥා ඇත්තේ අවමතප්‍රඥා ඇත්තේ ලාමකප්‍රඥා ඇත්තේ ඡත්තකප්‍රඥා ඇත්තේ පරිත්තප්‍රඥා ඇත්තේ නුයි ‘බාලො මගො හොති නිහිනපඤ්ඤො’ යනු වේ.
සබ්බේව බාලා සුනිහීනපඤ්ඤා - මේ සියලු මැ මහණබමුණෝ බාලයෝ යැ හීනයෝ යැ නිහීනයෝ යැ අවමතයෝ යැ ලාමකයෝ යැ අහේතුකයෝ යැ අල්පයෝ යැ සියල්ලෝ මැ හීනප්‍රඥා ඇත්තෝ යැ අවමත ප්‍රඥා ඇත්තෝ යැ ලාමකප්‍රඥා ඇත්තෝ යැ ඡත්තකප්‍රඥා ඇත්තෝ යැ අල්ප වූ ප්‍රඥා ඇත්තාහු නුයි ‘සබ්බේව බාලා සුනිහීනපඤ්ඤා’යනු වේ.
සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා - මේ සියලු මැ මහණබමුණෝ දෘෂ්ටිගතිකයෝ යැ, ඔහු දෙසැට දිටු අතුරෙන් අන්‍යතරාන්‍යතර දෘෂ්ටියක් ගෙන වෙසෙසින් ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන ස්වකීය ස්වකීය දෘෂ්ටියෙහි වෙසෙති, මොනවට වෙසෙති, පැමිණ වෙසෙති, හාත්පසින් වෙසෙත්; ගෙහිමියෝ හෝ සිය ගෙවල යම් සේ වෙසෙත් ද, ඇවැත් බහුලයෝ හෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ හෝ කෙලෙස්හි වෙසෙත් ද, එසෙයින් මේ සියලු මැ මහණබමුණෝ දෘෂ්ටිගතිකයෝ යැ … හාත්පසින් වෙසෙත් නුයි ‘සබ්බේවිමෙ දිට්ඨිපරිබ්බසානා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පරස්ස චෙ ධම්ම මනානුජානං -පෙ- සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා” යී
12. 4.
ඉදින් ස්වකීය දෘෂ්ටියෙන් පිරිසුදු නො වූවාහු සංශුද්ධප්‍රඥා ඇත්තාහු දක්‍ෂ වූවාහු බුද්ධිමත් වූවාහු වෙත් නම්, ඒ මහණබමුණන් අතුරෙන් කිසිවෙක් පිරිහුණු නුවණැතියේ නො වෙයි, යම් හෙයකින් දෘෂ්ටිය ඔවුන් විසිනු දු එසේ සමාදන් වූවාහු ද එහෙයිනි.
සන්දිට්ඨියා චෙව න වෙවදාතා - ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්‍ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි නො බබළන්නාහු අපරිශුද්ධ වූවාහු ප්‍රභාස්වර නො වූවාහු සංක්ලිෂ්ට වූවාහු සංක්ලේෂික වූවාහු නුයි ‘සන්දිට්ඨියා චෙව න වෙවදාතා’ යනු වේ.
සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා - ‘සංසුද්ධපඤ්ඤා’ යනු ශුද්ධප්‍රඥා ඇත්තාහු පරිශුද්ධප්‍රඥා ඇත්තාහු අවදාතප්‍රඥා ඇත්තාහු හාත්පසින් බබළන ප්‍රඥා ඇත්තාහු, නොහොත් ශුද්ධදර්‍ශන ඇත්තාහු විශුද්ධදර්‍ශන ඇත්තාහු පරිශුද්ධදර්‍ශන ඇත්තාහු ව්‍යවදාතදර්‍ශන ඇත්තාහු පර්‍ය්‍යාවදාතදර්‍ශන ඇත්තාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා’ යනු වේ. කුසලා - දක්‍ෂ වූවාහු පණ්ඩිත වූවාහු ප්‍රඥාවත් වූවාහු බුද්ධිමත් වූවාහු ඥානවත් වූවාහු විමංසනප්‍රඥා ඇත්තාහු තීරණප්‍රඥා ඇත්තාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා කුසලා ’ යනු වේ. මුතිමා - ස්මෘතිමත් වූවාහු පණ්ඩිත -ප්‍රඥාවත් - බුද්ධිමත් - ඥානවත් - විමංසන - ප්‍රඥාවත් වූවාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා’ යනු වේ.
තෙසං න කෝචි පරිහිනපඤ්ඤො - ඒ මහණබමුණන් අතුරෙන් හීනප්‍රඥා ඇති නිහීනප්‍රඥා ඇති පහත් වූ ප්‍රඥා ඇති ලාමක වූ ප්‍රඥා ඇති ඡත්තකප්‍රඥා ඇති අල්ප වූ ප්‍රඥා ඇති කිසිවෙක් නැති, සියල්ලෝ මැ ශ්‍රේෂ්ඨප්‍රඥා ඇත්තාහු විශිෂ්ටප්‍රඥා ඇත්තාහු ප්‍රමුඛප්‍රඥා ඇත්තාහු උත්තම ප්‍රඥා ඇත්තාහු ප්‍රවරප්‍රඥා ඇත්තාහු නුයි ‘තෙසං න කෝචි පරිහිනපඤ්ඤො’ යනු වේ.
දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා - ඒ මහණබමුණන් විසින් දෘෂ්ටිය එපරිද්දෙන් සපුරන ලද්දී මොනවට ගන්නා ලද්දී ග්‍රහණය කරන ලද්දී පරාමර්‍ෂ කොට ගන්නා ලද්දී අභිනිවේශ කරන ලද්දී පිවිස ගන්නා ලද්දී බැසගන්නා ලද්දී නුයි ‘දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සන්දිට්ඨියා වෙව - පෙ - දිට්ඨි හි තථා සමත්තා” යී.