12. 4.
ඉදින් ස්වකීය දෘෂ්ටියෙන් පිරිසුදු නො වූවාහු සංශුද්ධප්රඥා ඇත්තාහු දක්ෂ වූවාහු බුද්ධිමත් වූවාහු වෙත් නම්, ඒ මහණබමුණන් අතුරෙන් කිසිවෙක් පිරිහුණු නුවණැතියේ නො වෙයි, යම් හෙයකින් දෘෂ්ටිය ඔවුන් විසිනු දු එසේ සමාදන් වූවාහු ද එහෙයිනි.
සන්දිට්ඨියා චෙව න වෙවදාතා - ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි නො බබළන්නාහු අපරිශුද්ධ වූවාහු ප්රභාස්වර නො වූවාහු සංක්ලිෂ්ට වූවාහු සංක්ලේෂික වූවාහු නුයි ‘සන්දිට්ඨියා චෙව න වෙවදාතා’ යනු වේ.
සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා - ‘සංසුද්ධපඤ්ඤා’ යනු ශුද්ධප්රඥා ඇත්තාහු පරිශුද්ධප්රඥා ඇත්තාහු අවදාතප්රඥා ඇත්තාහු හාත්පසින් බබළන ප්රඥා ඇත්තාහු, නොහොත් ශුද්ධදර්ශන ඇත්තාහු විශුද්ධදර්ශන ඇත්තාහු පරිශුද්ධදර්ශන ඇත්තාහු ව්යවදාතදර්ශන ඇත්තාහු පර්ය්යාවදාතදර්ශන ඇත්තාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා’ යනු වේ. කුසලා - දක්ෂ වූවාහු පණ්ඩිත වූවාහු ප්රඥාවත් වූවාහු බුද්ධිමත් වූවාහු ඥානවත් වූවාහු විමංසනප්රඥා ඇත්තාහු තීරණප්රඥා ඇත්තාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා කුසලා ’ යනු වේ. මුතිමා - ස්මෘතිමත් වූවාහු පණ්ඩිත -ප්රඥාවත් - බුද්ධිමත් - ඥානවත් - විමංසන - ප්රඥාවත් වූවාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා’ යනු වේ.
තෙසං න කෝචි පරිහිනපඤ්ඤො - ඒ මහණබමුණන් අතුරෙන් හීනප්රඥා ඇති නිහීනප්රඥා ඇති පහත් වූ ප්රඥා ඇති ලාමක වූ ප්රඥා ඇති ඡත්තකප්රඥා ඇති අල්ප වූ ප්රඥා ඇති කිසිවෙක් නැති, සියල්ලෝ මැ ශ්රේෂ්ඨප්රඥා ඇත්තාහු විශිෂ්ටප්රඥා ඇත්තාහු ප්රමුඛප්රඥා ඇත්තාහු උත්තම ප්රඥා ඇත්තාහු ප්රවරප්රඥා ඇත්තාහු නුයි ‘තෙසං න කෝචි පරිහිනපඤ්ඤො’ යනු වේ.
දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා - ඒ මහණබමුණන් විසින් දෘෂ්ටිය එපරිද්දෙන් සපුරන ලද්දී මොනවට ගන්නා ලද්දී ග්රහණය කරන ලද්දී පරාමර්ෂ කොට ගන්නා ලද්දී අභිනිවේශ කරන ලද්දී පිවිස ගන්නා ලද්දී බැසගන්නා ලද්දී නුයි ‘දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සන්දිට්ඨියා වෙව - පෙ - දිට්ඨි හි තථා සමත්තා” යී.
12. 5.
මම තෙල ද්වාෂෂ්ටිදෘෂ්ටිජාතය සත්ය යැයි නො ද කියමි, යම් හෙයකින් කලහකාරක වූ දෙදෙනෙක් ඔවුනොවුන් බාල හෙයින් කියත් ද, (ඔහු) තමතමාගේ ලබ්ධිය සැබවැයි වාද කළාහු ද, එහෙයින් මැ වාදකාරක වූ අන්යයා බාලයෙකැයි සලකත්.
න චාහමෙතං තථියන්ති බ්රෑමි - ‘න’ යනු: ප්රතික්ෂේප යැ; ‘එතං’ යනු: ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ; මම තෙල දෘෂ්ටිගතය නො සිස් යැ අවිපරීත යැ විද්යමාන යැ සංවිද්යාමාන යැ අවිසංවාදක යැයි නො කියමි, නො පවසමි, නො දෙසමි, නො පනවමි, නො තබමි, විවරණය නො කරමි, විභාග නො කරමි, ප්රකට නො කරමි, ප්රකාශ නො කෙරෙමි, ‘න චාහමෙතං තථියන්ති බ්රෑමි’ යනු වේ.
යමාහු බාලා මිථු අඤ්ඤාමඤ්ඤං - ‘මිථු’ යනු: දෙදෙනෙක්, කලහකරුවෝ දෙදෙන ඩබර කරුවෝ දෙදෙන බසින් කලහ කරනුවෝ දෙදෙන විවාදකරුවෝ දෙදෙන අධිකරණකරුවෝ දෙදෙන වාදකරුවෝ දෙදෙන සංලාප කරනුවෝ දෙදෙන, ඔවුහු ඔවුනොවුන් බාල හෙයින් හීන හෙයින් නිහීන හෙයින් ඔමක හෙයින් ලාමක හෙයින් ඡත්තක හෙයින් පරිත්ත හෙයින් මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ ව්යවහාර කෙරෙත් නුයි ‘යමාහු බාලා මිථු අඤ්ඤාමඤ්ඤං’ යනු වේ.
සකං සකං දිට්ඨිමකංසු සච්චං - ‘ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්යය සිස් යැ’ යි - ‘සකං සකං දිට්ඨිමකංසු සච්චං ’ යනු වේ.
තස්මා හි බාලො’ති පරං දහන්ති - ‘තස්මා’ යනු: එ හෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්රත්යයෙන් ඒ නිදානයෙන් මෙරමා බාල හෙයින් හීනහෙයින් නිහීන හෙයින් ඔමකහෙයින් ලාකමහෙයින් ඡත්තක හෙයින් සලකති, බලති දකිති අවලොකනය කෙරෙති, සිතති,විමසත් නුයි ‘තස්මා හි බාලො’ති පරං දහන්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න චාහමෙතං -පෙ- තස්මා හි බාලොති පරං දහන්ති” යි.
12. 6.
ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දෘෂ්ටිසත්යයක් සැබැවැයි කියත් ද, එයින් අන්ය වූ මහණබමුණෝ ඒ දෘෂ්ටිසත්යය තුච්ඡ වූ මෘෂායෙකැයි කියත්. (ඔහු) මෙසේත් දෘෂ්ටිය දැඩිව ගෙන විවාද කෙරෙති. කුමක් හෙයින් ශ්රමණයෝ එක් සත්යයක් නො කියත් ද?