12. 2.
මෙසේ (ස්වකීය ලබ්ධිය) දැඩිව ගෙන විවාද කෙරෙති, මෙරමා බාල යැයි ද අදක්ෂ යැයි ද කියති, මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්ය වූයේ ද? මේ සියලු මැ මහණබමුණෝ පණඩිතවාද ඇත්තාහු ද?
එවම්පි විග්ගය්හ විවාදයන්ති - මෙසේ ගෙන වෙසෙසින් ගෙන ග්රහණය කොට දැහැගෙන පිහිටාගෙන විරුද්ධවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්රහ කෙරෙති, විවාද කෙරෙති, මෙධග කෙරෙත්; ‘තෙපි මේ ධර්මවිනය නො දන්නවුය, … ඉදින් පොහොසත්හු නම්, (තෙමේ මැ) මුදාලව’ යි ‘එවමපි විග්ගය්හ විවාදයන්ති’ යනු වේ.
බාලො පරො අකකුසලොති චාහු - මෙරමා බාල යැ හීන යැ නිහීන යැ අවමත යැ ලාමක යැ අහේතුක යැ අල්ප යැ අදක්ෂ යැ අපණ්ඩිත යැ අවිද්යාවට පැමිණියේ යැ අඥාන යැ අවීමංසක යැ දුෂ්ප්රාඥ යැයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්යවහාර කෙරෙත් නුයි ‘බාලො පරො අකකුසලොති චාහු’ යනු වේ.
සච්චො නු වාදො කතමෝ ඉමෙසං - මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්ය ද? නො සිස් ද? අවිපරීත ද? විද්යමාන ද? යථා ස්වභාව ද? විපරීත නො වේ ද? යී ‘සච්චො නු වාදො කතමෝ ඉමෙසං’ යනු වේ.
සබ්බේව හිමෙ කුසලාවදානා - මේ සියලු මැ මහණබමුණෝ ස්වලබ්ධියෙහි කුශලවාද ඇත්තෝ යැ පණ්ඩිතවාද - ස්ථිරවාද - න්යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘සබ්බේව හි’මෙ කුසලාවදානා’ යනු වේ.
එයින් කීහ ඒ මැවුණු බුදුහු:
“එවම්පි විග්ගය්හ විවාදයන්ති - පෙ - සබ්බේව හිමෙ කුසලාවදානා” යි
12. 3.
ඉදින් මෙරමාගේ දෘෂ්ටිය අනුඥා නො කරනුයේ බාලයෙක් මෘග (සදෘශ) යෙක් ලාමක ප්රඥා ඇතියෙක් වේ නම්, (එකල්හි) සියලු මැ මහණබමුණෝ බාලයෝ වෙති අතිශයින් නිහීනප්රඥා ඇතියෝ වෙත්, මේ සියලු මැ මහණ බමුණෝ තමතමාගේ දෘෂ්ටියෙහි වසන්නාහු ද, එහෙයිනි.
පරස්ස චෙ ධම්ම මනානුජානං - අන්යයාගේ ධර්මය දෘෂ්ටිය ප්රතිපදාව මාර්ගය නො දන්නේ නො දක්නේ අනුඥා නො කරනුයේ නො පිළිගන්නේ නො අනුමෝදන් වනුයේ නුයි ‘පරස්ස චෙ ධම්ම මනානුජානං’ යනු වේ.
බාලො මගො හොති නිහිනඤ්ඤො - මෙරමා අපණ්ඩිත වූයේ වෙයි, හීන වූයේ නිහීන - ඔමක - ලාමක ඡත්තක - පරිත්ත වූයේ හීනප්රඥා ඇත්තේ නිහීනප්රඥා ඇත්තේ අවමතප්රඥා ඇත්තේ ලාමකප්රඥා ඇත්තේ ඡත්තකප්රඥා ඇත්තේ පරිත්තප්රඥා ඇත්තේ නුයි ‘බාලො මගො හොති නිහිනපඤ්ඤො’ යනු වේ.
සබ්බේව බාලා සුනිහීනපඤ්ඤා - මේ සියලු මැ මහණබමුණෝ බාලයෝ යැ හීනයෝ යැ නිහීනයෝ යැ අවමතයෝ යැ ලාමකයෝ යැ අහේතුකයෝ යැ අල්පයෝ යැ සියල්ලෝ මැ හීනප්රඥා ඇත්තෝ යැ අවමත ප්රඥා ඇත්තෝ යැ ලාමකප්රඥා ඇත්තෝ යැ ඡත්තකප්රඥා ඇත්තෝ යැ අල්ප වූ ප්රඥා ඇත්තාහු නුයි ‘සබ්බේව බාලා සුනිහීනපඤ්ඤා’යනු වේ.