12. 1.
තමතමාගේ දෘෂ්ටියෙහි වෙසෙන්නාහු (ඒ දෘෂ්ටිය) දෘඪග්‍රහයෙන් ගෙන (ඇපි එහි) දක්‍ෂයම්හ’යි වෙන වෙන ම කියති. (යමෙක්) මෙසේ දනී නම්, හෙතෙම දහම් දැනගත්තේ ය, මෙය ගරහන්නා වූ (යමෙක් වේ නම් හෙතෙම) ලාමක වන්නේ යයි ද (කියත්.)
සකං සකං දිට්ඨි පරිබ්බසාතා - දෘෂ්ටිගතික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති, ඔහු දෙසැට දිටු අතුරෙන් අන්‍යතරාන්‍යතර දෘෂ්ටියක් ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට පරාමර්‍ෂ කොට පිවිසැගෙන තමතමා ගේ දෘෂ්ටියෙහි වෙසෙති මොනොවට වෙසෙති පිවිසැ වෙසෙති හාත්පසින් වෙසෙත්; ගෙහිමියෝ හෝ සිය ගෙවල යම් සේ වෙසෙත් ද, ඇවැත් බහුලයෝ හෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ හෝ කෙලෙස්හි වෙසෙත් ද, එසෙයින් ම දෘෂ්ටිගතික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති, ඔහු දෙසැට දිටු අතුරෙන් අන්‍යතරාන්‍යතර දෘෂ්ටියක් ගෙන දැඩිව ග්‍රහණය කොට පරාමර්‍ෂ කොට අභිනිවේශ කොට තමතමාගේ දෘෂ්ටියෙහි වෙසෙති පිවිසැ වෙසෙති වෙසෙසින් වෙසෙති හාත්පසින් වෙසෙත් නුයි ‘සකං සකං දිට්ඨිපරිබ්බසානා’ යනු වේ.
විග්ගය්හ නානා කුසලා වදන්ති - ‘විග්ගය්හ’ යනු : ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන; නානා වදන්ති - විවිධ ව කියති, එකිනෙක කියති, වෙන වෙනම කියති, එකක් නො කියති, නො බෙණෙති නො දක්වති, ව්‍යවහාර නො කෙරෙත්; කුසලා - ස්වකීය ලබ්ධියෙහි කුසලවාද ඇත්තාහු පණ්ඩිතවාද - ස්ථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘විග්ගය්හ නානා කුසලා වදන්ති’ යනු වේ.
එවං පජානාති ස වෙදි ධම්මං - යමෙක් මේ දහම දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය දනී නම්, හෙතෙම ධර්‍මය දත්තේ ය, දැනගත්තේ ය, දැක්කේ ය, අවබෝධ කෙළේ නුයි ‘එවං පජානාති ස වෙදි ධම්මං’ යනු වේ.
ඉදං පටික්කොසමකෙවලී සො - යමෙක් මෙ දහම දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ගරහා ද; අකෙවලී සො - හෙ අසමස්ත යැ, හේ අපරිපූර්‍ණ යැ, නිහීන යැ අවමත යැ අප්‍රත්‍ය යැ අල්පවූයේ නුයි ‘ඉදං පටික්කොසමකෙවලී සො’ යනු වේ.
එයින් කීහ ඒ මැවුණු බුදුහු:
“සකං සකං දිට්ඨි - පෙ - ඉදං පටික්කොසමකෙවලී සො” යී.
12. 2.
මෙසේ (ස්වකීය ලබ්ධිය) දැඩිව ගෙන විවාද කෙරෙති, මෙරමා බාල යැයි ද අදක්‍ෂ යැයි ද කියති, මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ ද? මේ සියලු මැ මහණබමුණෝ පණඩිතවාද ඇත්තාහු ද?
එවම්පි විග්ගය්හ විවාදයන්ති - මෙසේ ගෙන වෙසෙසින් ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන විරුද්ධවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්‍රහ කෙරෙති, විවාද කෙරෙති, මෙධග කෙරෙත්; ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවුය, … ඉදින් පොහොසත්හු නම්, (තෙමේ මැ) මුදාලව’ යි ‘එවමපි විග්ගය්හ විවාදයන්ති’ යනු වේ.