11. 9.
සුඛවේදනාව ද, දුක්වේදනාව ද ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇත්තේ ය, ස්පර්‍ශය අවිද්‍යමාන කල්හි මොවුහු නො පහළ වෙති, (සුවදුක් වේදනාවන් ගේ) විනාශය ද ඉපැදීම ද යන යම් අර්‍තථයෙක් මේ පහස කරුණු කොට උපදී ද, තෙල අර්‍ත්‍ථය ඔබට කියමි.
ඵසසනිදානං සාතං අසාතං – ‘සුඛවේදනාවට කරුණු වූ පහස නිසා සුඛවේදනාව උපදී. එ මැ සුඛවේදනීය වූ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් තදනුරූප වේදනා ඇති සුඛවේදනීය වූ යම් පහසක් නිසා උපන් යම් සුඛවේදනාවක් වී නම්, එය නිරුද්ධ වෙයි. එය සන්හිඳෙයි. දුක්වේදනාවට නිමිත්ත වූ පහස නිසා දුක් වේදනා උපදී, එ මැ දුඃඛවේදනීය වූ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් තදනුරූප වූ වේදනා ඇති දුඃඛවේදනීය වූ යම් පහසක් නිසා උපන් යම් දුක් වේදනාවක් වූ නම්, එය නිරුද්ධ වෙයි. එය සන්හිඳෙයි. උපෙකෂාවෙදනාවට නිමිත්ත වූ ස්පර්‍ශය නිසා උපෙකෂාවෙදනාව උපදී. එ මැ උපෙක්‍ෂවෙදනාවට හිත වූ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් තදනුරූප වේදනා ඇති උපේක්‍ෂාවේදනාවට හිත වූ යම් පහසක් නිසා උපන් යම් උපෙක්ෂාවෙදනාවක් වූ නම්, එය නිරුද්ධ වෙයි. එය සන්හිඳෙයි. ඵස්සනිදානං සාතං අසාතං - සුවදුක් වේදනාවෝ පහස නිදාන කොට ඇත්තාහු ය, පහස සමුදය කොට ඇත්තාහු ය, පහස ජාති කොට ඇත්තාහු ය, ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තාහු නුයි – ‘ඵස්ස නිදානං සාතං අසාතං’ යනු වේ.
ඵස්සේස අසනේත න භවන්ති හෙතෙ – ස්පර්‍ශය අවිද්‍යමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නැති කල්හි නො ලැබෙන කල්හි සාතාසාතයෝ නොවෙති, ප්‍රභවනොවෙති, නූපදිති, නො හටගනිති, නො නිපදිති, නො වැඩෙති, නො පහළ වෙත් නුයි ‘ඵස්සේස අසනේත න භවනති හෙතෙ’ යනු වේ.
විභවං භාවඤචාපි යමෙතමත්ථං – භවදෘෂ්ටිය ද ස්පර්‍ශය නිදාන කොට ඇත්තීය, විභවදෘෂටිය ද ස්පර්‍ශය නිදාන කොට ඇත්තීය; යමෙතමත්ථං - යම් පරමාර්‍තථයක් නුයි ‘විභවං භවඤාපි යමෙතමත්ථං’ යනු වේ.
එතං තෙ පබ්‍රෑමි ඉතොනිදානං – ‘එතං’ යනු: යමක් විචාරවු ද; යමක් අයැදිවු ද, යමක් අධ්‍යෙෂණ කරවු ද, යමක් (සඳහා) පහදවවු ද, පබ්‍රෑමි – කියමි පවසමි දෙසමි පනවමි තබමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි ප්‍රකට කෙරෙමි, ප්‍රකාශ කෙරෙම් නුයි ‘එතං තෙ පබ්‍රෑමි’ යනු වේ. ඉතොනිදානං - මේ පහස නිදාන කොට ඇත්තේය, පහස උත්පත්ති කොට ඇත්තේ ය, පහස ජාති කොට ඇත්තේ ය, ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තේ නුයි ‘එතං තෙ පබ්‍රෑමි ඉතො නිදානං’ යනු වේ.
එයින් වදාළහ. බුදුහු:
“ඵසසනිදානං - පෙ - එතං තෙ පබ්‍රෑමි ඉතොනිදානං” යී.
11. 10.
ලෝකයෙහි ස්පර්‍ශ තෙමේ කුමක් නිදාන (-මූලකාරණ) කොට ඇත්තේ ද? තෘෂ්ණාදාෂ්ටිපරිග්‍රහයෝ ත් කොතැනින් පහළ වූවාහු ද? කුමක් අවිද්‍යමාන කල්හි තෘෂ්ණදෘෂ්ටිමමත්වය නැත්තේ ද ? කුමක් ඉක්ම ගිය කල්හි (වකබුසමඵසසාදි) පහස්හු ස්පර්‍ශ නො කෙරෙත් ද?