11. 10.
ලෝකයෙහි ස්පර්ශ තෙමේ කුමක් නිදාන (-මූලකාරණ) කොට ඇත්තේ ද? තෘෂ්ණාදාෂ්ටිපරිග්රහයෝ ත් කොතැනින් පහළ වූවාහු ද? කුමක් අවිද්යමාන කල්හි තෘෂ්ණදෘෂ්ටිමමත්වය නැත්තේ ද ? කුමක් ඉක්ම ගිය කල්හි (වකබුසමඵසසාදි) පහස්හු ස්පර්ශ නො කෙරෙත් ද?
ඵස්සො නු ලොකසමිං කුතොනිදානො - පහස කුමක් කරුණු කොට ඇත්තේ ද ? කොයින් උපන්නේ ද ? කොයින් හටගත්තේ ද ? කොයින් නිපන්නේ ද ? කොයින් වැඩුණේ ද ? කොතැනින් පහළ වූයේ ද ? කුමක් නිදාන කොට ඇත්තේ ද ? කුමක් සමුදය කොට - කුමක් ජාති කොට - කුමක් ප්රභව කොට ඇත්තේ දැ’යි ස්පර්ශයාගේ මූලය විචාරති, හේතුව විචාරති … සමුදය විචාරති, අසති, අයැදිති, අධ්යෙෂණ කෙරෙති, පහදවත් නුයි ‘ඵස්සො නු ලොකසමිං කුතොනිදානො’ යනු වේ.
පරිග්ගහා චාපි කුතො පහූතා - පරිග්රාහයෝ කොයින් වූවාහු ද? කොයින් උපන්නාහු ද? කොයින් හටගත්තාහු ද? කොයින් නිපන්නාහු ද? කොයින් වැඩුණාහු ද? කොයින් පහළ වූවාහු ද? කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කුමක් සමුදය කොට ඇත්තාහු ද ? කුමක් ජාති කොට ඇත්තාහු ද ? කුමක් ප්රභව කොට ඇත්තාහු දැ’යි පරිග්රහයන්ගේ මූලය විචාරති, හේතුව විචාරති...සමුදය විචාරති, පුළුවුස්ති, යාඥා කෙරෙති අධ්යෙෂණ කෙරෙති, පහදවත් නුයි - ‘පරිග්ගහා චාපි කුතො පහූතා’ යනු වේ.
කිසමිං අසන්නේන මමත්තමතථි - කුමක් අවිද්යමාන කල්හි අසංවිද්යාමාන කල්හි නො ලැබෙන කල්හි මමත්වයෝ නැත් ද, අවිද්යමාන වෙත් ද අසංවිද්යාමාන වෙත් ද නො ලැබෙත් ද ප්රහීණ වූවාහු සමුචඡිනන වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘කිසමිං අසන්නේන මමත්තමතථි’ යනු වේ.
කිස්මිං විභුතෙ න ඵුසන්ති ඵස්සා - කුමක් ඉක්මැවූ කල්හි නො වැඩූ කල්හි ඉක්මැගිය කල්හි මොනවට ඉක්මැගිය කල්හි ව්යතික්රමණය කළ කල්හි ස්පර්ශයෝ ස්පර්ශ නො කෙරෙත් දැයි ‘කිසමිං විභූතෙ න ඵුසන්ති ඵස්ස’ යනු වේ.
එයින් කීහ. ඒ නිර්මිත බුදුහු:
“ඵස්සො නු ලොකසමිං - පෙ - කිසමිං විභුතෙ න ඵුසන්ති ඵස්ස” යි.
11. 11.
සම්ප්රයුක්ත නාමය ද වස්ත්වාලම්බන රූපය ද නිසා ස්පර්ශය වෙයි, තෘෂ්ණදෘෂ්ටිපරිග්රහයෝ ඉච්ඡා (-ආශා) ව නිදාන කොට ඇත්තාහු ය, ඉච්ඡාසඞඛ්යාත තෘෂ්ණාව නැති කල්හි මමත්වය නැත්තේ ය, රූපය ඉක්මැගිය කල්හි ස්පර්ශයෝ ස්පර්ශ නො කෙරෙත්.
නාමං ච රූපං ච පටිච්ච ඵස්සො - චක්ෂුස ද රූපයන් ද නිසා චක්ෂුර්විඥානය උපදී, (චකබුරූප විඥාන යන) තිදෙනාගේ එක්වීමෙන් ස්පර්ශය උපදී, ප්රසාද චක්ෂුස ද රූපාලම්බනයෝ ද රූප කොටසෙහි වෙති, (තිදෙනා ගේ සංගතියෙත් උපන්) චක්ෂුසමඵසසය හැර (සෙසු) සම්ප්රයුකතධර්මයෝ නාම කොටසෙහි වෙති, මෙසේ ත් නාමය ත් රූපයත් නිසා ස්පර්ශය උපදී;