11. 11.
සම්ප්‍රයුක්ත නාමය ද වස්ත්වාලම්බන රූපය ද නිසා ස්පර්‍ශය වෙයි, තෘෂ්ණදෘෂ්ටිපරිග්‍රහයෝ ඉච්ඡා (-ආශා) ව නිදාන කොට ඇත්තාහු ය, ඉච්ඡාසඞඛ්‍යාත තෘෂ්ණාව නැති කල්හි මමත්‍වය නැත්තේ ය, රූපය ඉක්මැගිය කල්හි ස්පර්‍ශයෝ ස්පර්‍ශ නො කෙරෙත්.
නාමං ච රූපං ච පටිච්ච ඵස්සො - චක්‍ෂුස ද රූපයන් ද නිසා චක්‍ෂුර්විඥානය උපදී, (චකබුරූප විඥාන යන) තිදෙනාගේ එක්වීමෙන් ස්පර්‍ශය උපදී, ප්‍රසාද චක්‍ෂුස ද රූපාලම්බනයෝ ද රූප කොටසෙහි වෙති, (තිදෙනා ගේ සංගතියෙත් උපන්) චක්‍ෂුසමඵසසය හැර (සෙසු) සම්ප්‍රයුකතධර්‍මයෝ නාම කොටසෙහි වෙති, මෙසේ ත් නාමය ත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී;
ශ්‍රෝත්‍රප්‍රසාදය ද ශබ්දයන් ද නිසා ශ්‍රෝත්‍රවිඥානය උපදී, තිදෙනා ගේ එක්වීමෙන් ස්පර්‍ශය උපදී; ශ්‍රොත්‍රප්‍රසාදයත් ශබ්දයෝත් රූප කොටසෙහි වෙති; සොතසමඵසසය හැර (සෙසු) සම්ප්‍රයුක්ත ධර්‍මයෝ නාම කොටසෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී. ඝ්‍රාණය ද ගන්‍ධයන් ද නිසා ඝ්‍රාණවිඥානය උපදී, තිදෙනාගේ එක්වීමෙන් ස්පර්‍ශය වෙයි; ඝ්‍රාණයත් ගන්‍ධයෝත් රූපයෙහි වෙති, ඝ්‍රාණසංස්පර්‍ශය හැර (සෙසු) සම්ප්‍රයුකතධර්‍මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී. දිව ද රසයන් ද නිසා ජිහචාවිඥානය උපදී, තිදෙනා ගේ සඩගතියෙත් ස්පර්‍ශය වෙයි; දිවත් රසයත් රූපයෙහි වෙති, ජිහ්වාසංස්පර්‍ශය හැර සමප්‍රයුකතධර්‍මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී. කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා කායවිඥානය උපදී, තිදෙනාගේ සඩගතියෙන් ස්පර්‍ශය වෙයි; කයත් ස්ප්‍රෂටව්‍යයෝත් රූපයෙහි වෙති, කාසසංස්පර්‍ශය හැර සම්ප්‍රයුක්ත ධර්‍මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී, මනස ද ධර්‍මයන් ද නිසා මනෝවිඥානය උපදී, තිදෙනාගේ සඞගතියෙන් ස්පර්‍ශය වෙයි; හෘදයවසතුරූපය රූපයෙහි වෙයි, රූපී ධර්‍මයෝ රූපයෙහි වෙති, මනස්සංස්පර්‍ශය හැර සම්ප්‍රයුක්තධර්‍මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී.
ඉච්ඡානිදානානි පරිග්ගහානි - ‘ඉච්ඡා’යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්....අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. පරිග්ගහා - පරිග්‍රහයෝ දෙදෙනෙකි: තෘෂ්ණාපරිග්‍රහය ද දෘෂ්ටිපරිග්‍රහය දැයි ... මේ දෘෂ්ටිපරිග්‍රහය යි. ඉචඡානිදානානි පරිග්ගහානි - පරිග්‍රහයෝ ඉච්ඡා (-ඊප්සා) ව නිදාන කොට ඇත්තාහ, ඊප්සාව හේතු කොට ඇත්තාහ, ඊප්සාව ප්‍රත්‍යය කොට ඇත්තාහ, ඊප්සාව කරුණු කොට ඇත්තාහ, ඊප්සාවෙත් පහළවූවාහු නුයි - ‘ඉචඡානිදානානි පරිග්ගහානි’ යනු වේ.
ඉච්ඡාය‘සන්ත්‍යා න මමත්තමතථි – ‘ඉච්ඡා’යී තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් සංරාගයෙක් … ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි; මමත්තාමමත්වයෝ දෙදෙනෙකි: තෘෂ්ණාමමත්වය ද දෘෂ්ටිමමත්වය දැයි … මේ දෘෂ්ටිමමත්වය යි. ඉච්ජාය‘සන්ත්‍යා ත මමත්තමත්ථි - ඊප්සාව අවිද්‍යමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නැති කල්හි නො ලැබෙන කල්හි මමත්වයෝ නැත, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙත්, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘ඉච්ඡාය‘සන්ත්‍යා න මමත්තමතථි’ යනු වේ.
රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා - ‘රූපෙ’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද; රූපෙ විභූතෙ – සතර අයුරකින් රූපය ඉක්මවන ලද වෙයි; ඥාතවිභූතයෙන් තීරණවිභූතයෙන් ප්‍රහාණවිභූතයෙන් සමතික්‍රමවිභූතයෙනි: කිසෙයින් ඥාතවිභූතයෙන් රූපය විභූත (-ඉක්මවන ලද) වේ ද යත් ? රූපය (මෙසේ) දැන ගනී. යම් කිසි රූපයෙක් වේ නම් , සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය දැයි සියලු රූපය දැන ගනී, දකී;