11. 12.
කෙසේ පිළිපන්නහුට රූපය නො වේ ද ? යලි සැප දුක් (ඉටු අනිටු රූපය) හෝ කෙසේ නො වේ ද ? තෙල (රූප -සුඛ - දුක්ඛය) යම් සේ නො වේ නම් (එසේ) මට දේශනා කළ මැනව, එය දැන ගනුම්හ’යි මට සිතෙක් වී.
කථං සමෙතස්ස විභොති රූපං - ‘කථං සමෙතස්ස’ යනු: කෙසේ යෙදුණහුට කෙසේ පිළිපන්නාහුට කෙසේ ඉරියවු පවත්වන්නහුට කෙසේ වැටෙන්නහුට කෙසේ පාලනය වන්නහුට කෙසේ යැපෙන්නහුට කෙසේ යපනය වන්නහුට රූපය නො වේ ද? නො පැවැතේ ද ? ඉක්මවනු ලැබේ ද ? මොනොවට ඉක්මවනු ලැබේ ද ? වෙසෙසින් ඉක්මවනු ලැබේ දැ’යි – ‘කථං සමෙතස්ස විභොති රූපං’ යනු වේ.
සුඛං දුඛං වා‘පි කථං විභොති – සුවය ද දුක ද කෙසේ නො වේ ද? නො පැවැතේ ද ? ඉක්මවනු ලැබේ ද ? මොනොවට ඉක්මවනු ලැබේ ද ? වෙසෙසින් ඉක්මවනු ලැබේ දැ’යි – ‘සුඛං දුඛං වා‘පි කථාං විභොති’ යනු වේ.
එතං මෙ පබ්රෑහි යථා විභොති - ‘එතං’ යනු: යමක් විචාරම් ද, යමක් යදිම් ද, යමක් ආරාධනා කෙරෙම් ද, යමක් (සඳහා) පහදවම් නුයි – ‘එතං’ යනු වේ; මෙ පබ්රෑහි – මට කිව මැනව වදාළ මැනව දෙසුව මැනව පැනවුව මැනව තැබුව මැනව විවෘත කළ මැනව විභාග කළ මැනව ප්රකට කළ මැනව ප්රකාශ කළ මැනවැ’යි ‘එතං මෙ පබ්රෑහි, යනු වේ. යථා විභොති - යම් සේ නො වේ ද නො පැවැතේ ද අතික්රමණ සමතික්රමණ කරනු ලැබේ ද වෙසෙසින් ඉක්මවනු ලැබේ දැ’යි – ‘එතං මෙ පබ්රෑහි යථා විභොති’ යනු වේ.
තං ජානිස්සාම ඉති මෙ මනෝ අහු - ‘තං ජානිස්සාම’ යනු: එය දැනගනුම්හ, හාත්පසින් දැනගනුම්හ වෙසෙසින් දැනගනුම්හ මැනවින් දැනගනුම්හ (සිතින්) අවබෝධ කරම්හ’යි, ‘තං ජානිස්සාම’ යනු වේ. ඉති මෙ මනෝ අහු - මෙසේ මාගේ මනස විය, මෙසේ මා ගේ සිත විය, මෙසේ මාගේ සඩකලපය විය, මෙසේ මාගේ විඥානය වී නුයි– ‘තං ජානිස්සාම ඉති මෙ මනෝ අහු’ යනු වේ.
එයින් කීහ. ඒ නිර්මිත බුදුහු:
“කථං සමෙතස්ස -පෙ- ඉති මෙ මනෝ අහු” යි.
11. 13.
(රූපය නො වන සේ පිළිපන් හෙතෙම) ප්රකෘතිසංඥාවෙන් සංඥා ඇත්තේ නො වෙයි, විකෘතිසංඥාවෙන් විසංඥ වූයේ නො වෙයි, සංඥා විරහිත වූයේ ද නො වෙයි, ඉක්මවූ සංඥා ඇත්තේ ද නො වෙයි, මෙසේ (සංඥා සංඥතාදිභාවයෙහි නො සිට) පිළිපන්නහුට රූපය නො වෙයි, තෘෂ්ණාදි ප්රපඤයෝ සංඥානිදාන කොට ඇත්තාහු ම වෙත් ද එහෙයිනි.
න සඤඤසඤඤි න විසඤඤසඤඤි - ප්රකෘතිසංඥාවෙහි සිටි යම් කෙනෙක් වෙත් නම් ඔහු ‘සඤඤසඤඤිහු’ යයි කියනු ලැබෙති, යථා සමෙතයක්හු ගේ රූපය විභවයට යේ නම්) හෙතෙම ප්රකෘතිසංඥායෙහි සිටියේ නො ද වෙයි; උමතුවෝ ද ක්ෂිප්තචිතතයෝ (-යක්උමතුවෝ) ද ‘විසඤඤසඤඤිහු’ යයි කියනු ලැබෙති, හෙතෙම උමතුවෙක් නො ද වෙයි, ක්ෂිප්තචිතතයෙක් ද නො වේ නුයි - ‘න සඤඤසඤඤි න විසඤඤසඤඤි’ යනු වේ.