11. 13.
(රූපය නො වන සේ පිළිපන් හෙතෙම) ප්‍රකෘතිසංඥාවෙන් සංඥා ඇත්තේ නො වෙයි, විකෘතිසංඥාවෙන් විසංඥ වූයේ නො වෙයි, සංඥා විරහිත වූයේ ද නො වෙයි, ඉක්මවූ සංඥා ඇත්තේ ද නො වෙයි, මෙසේ (සංඥා සංඥතාදිභාවයෙහි නො සිට) පිළිපන්නහුට රූපය නො වෙයි, තෘෂ්ණාදි ප්‍රපඤයෝ සංඥානිදාන කොට ඇත්තාහු ම වෙත් ද එහෙයිනි.
න සඤඤසඤඤි න විසඤඤසඤඤි - ප්‍රකෘතිසංඥාවෙහි සිටි යම් කෙනෙක් වෙත් නම් ඔහු ‘සඤඤසඤඤිහු’ යයි කියනු ලැබෙති, යථා සමෙතයක්හු ගේ රූපය විභවයට යේ නම්) හෙතෙම ප්‍රකෘතිසංඥායෙහි සිටියේ නො ද වෙයි; උමතුවෝ ද ක්ෂිප්තචිතතයෝ (-යක්උමතුවෝ) ද ‘විසඤඤසඤඤිහු’ යයි කියනු ලැබෙති, හෙතෙම උමතුවෙක් නො ද වෙයි, ක්‍ෂිප්තචිතතයෙක් ද නො වේ නුයි - ‘න සඤඤසඤඤි න විසඤඤසඤඤි’ යනු වේ.
නොපි අසඤඤි න විභුතසඤඤි - නිරෝධසමාපත්ති සමාපන්නයෝ ද අසංඥසත්ත්‍වයෝ ද ‘අසඤඤිහු’ යයි කියනු ලැබෙති, හෙතෙම නිරෝධ– සමාපන්නයෙක් නො ද වෙයි, අසංඥසත්ත්‍වයෙක් ද නො වේ. සතර අරුපසමාපත්තිලාභීහු ‘විභූතසඤඤිහු’ යයි කියනු ලැබෙති, හෙතෙම සතර අරූපසමාපතතිලාභී වූයේ ද නො වේ නුයි - ‘නො‘පි අසඤඤි න විභූතසඤඤි’ යනු වේ.
එවං සමෙතස්ස විභොති රූපං – ‘මෙහි මහණ තෙම සුඛයාගේ ද ප්‍රහාණයෙන් … සතරවැනි දැහැනට පැමිණ වෙසෙයි, හෙතෙම මෙසේ (සතරවැනි දැහැනින්) සිත එකඟවූ කල්හි (උපේක්‍ෂා සමෘතිපාරිශුදධියෙන්) පිරිසිදු කල්හි (පරිශුද්ධ හෙයින්) ප්‍රභාස්වර කල්හි (රාගාදි අඞගන නැසූ හෙයින්) අනඞගන කල්හි (අනඞගන හෙයින් ම) පහවූ උපක්ලේශ ඇති කල්හි (සුභාවිත හෙයින්) මෘදුවූ කල්හි (මෘදු හෙයින් ම) කර්‍මක්‍ෂම වූ කල්හි (මේ පරිශුද්ධභාවාදියෙහි සිටි හෙයින් ම) ස්ථිත කල්ගි (සිටි හෙයින් ම) අචල බවට පැමිණි කල්හි ආකාසානඤ්චායතනසමාපත්තිය ලැබීම සඳහා සිත එළවයි නතුකරයි, අරූපසමාපත්තියෙන් යුක්ත වූයේ යයි; එවං සමෙතස්ස - මෙසේ පිළිපන්නහුට මෙසේ ඉරියවු පවත්වන්නහුට මෙසේ වැටෙන්නහුට මෙසේ යැපෙන්නහුට මෙසේ යපනය වන්නහුට රූපය නො වෙයි, නො පැවැතෙයි, ඉක්මවනු ලැබෙයි, මනාකොට ඉක්මවනු ලැබෙයි, වෙසෙසින් ඉක්මවනු ලැබේ නුයි - ‘එවං සමෙතස්ස විභොති රූපං’ යනු වේ.
සඤ්ඤානිදාන හි පපඤ්චසඞඛා - ප්‍රපඤචයෝ ම ‘පපඤචසඞඛ’ නම් වෙති; තෘෂ්ණාව ප්‍රපඤචසඞඛ යැ, දෘෂ්ටිය ප්‍රපඤචසඞඛ යැ, මානය ප්‍රපඤචසඞඛ යැ, (ඔහු) සංඥාව නිදාන කොට ඇත්තාහු සංඥාව සමුදය කොට ඇත්තාහු සංඥාව ජාති කොට ඇත්තාහු සංඥාව ප්‍රභව කොට ඇත්තාහු නුයි -‘ සඤඤානිදානා හි පපඤචසඞඛා’ යනු වේ.
එයින් වදාළහ. බුදුහු:
“න සඤඤසඤඤි - පෙ - සඤඤානිදාන හි පපඤචසඞඛා” යි.
11. 14.
යමක් විචාළමෝ නම්, එය අපට දේශනා කළහ, අනෙකකුදු ඔබ ගෙන් විචාරම්හ, එ ද වදාළ මැනව, මේ ලොවැ, පණ්ඩිතවාද ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් මේ අරූපසමාපත්තිමාත්‍රයෙන් ම සත්ත්‍වයා ගේ අග්‍ර වූ ශුද්ධිය කියත් ද? නොහොත් තෙල අරූපසමාපත්තියෙන් අනෙකු දු ශුදධියක් කියත් ද?
යං තං අපුච්ජිම්හ අකිත්තයී නො - යමක් විචාළමෝ යාඥා කළමෝ? අධ්‍යෙෂණ කළමෝ පැහැදවූම්හු නම් එය; අකිත්තයි නො - කීර්‍තනය කරන ලද පවසන ලද දෙසන ලද පනවන ලද තබන ලද විවෘත කරන ලද විභාග කරන ලද ප්‍රකට කරන ලද ප්‍රකාශ කරන ලද නුයි ‘යං තං අපුච්ජිම්හ අකිත්තයි නො’ යනු වේ.