11. 14.
යමක් විචාළමෝ නම්, එය අපට දේශනා කළහ, අනෙකකුදු ඔබ ගෙන් විචාරම්හ, එ ද වදාළ මැනව, මේ ලොවැ, පණ්ඩිතවාද ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් මේ අරූපසමාපත්තිමාත්රයෙන් ම සත්ත්වයා ගේ අග්ර වූ ශුද්ධිය කියත් ද? නොහොත් තෙල අරූපසමාපත්තියෙන් අනෙකු දු ශුදධියක් කියත් ද?
යං තං අපුච්ජිම්හ අකිත්තයී නො - යමක් විචාළමෝ යාඥා කළමෝ? අධ්යෙෂණ කළමෝ පැහැදවූම්හු නම් එය; අකිත්තයි නො - කීර්තනය කරන ලද පවසන ලද දෙසන ලද පනවන ලද තබන ලද විවෘත කරන ලද විභාග කරන ලද ප්රකට කරන ලද ප්රකාශ කරන ලද නුයි ‘යං තං අපුච්ජිම්හ අකිත්තයි නො’ යනු වේ.
අඤ්ඤං තං පුච්ඡාම තදිඞඝ බ්රෑහි - අනෙකක් ඔබ විචාරම්හ, අනෙකක් ඔබ පුළුවුසුම්හ, අනෙකක් ඔබ අතිශයින් විචාරම්හ, අනෙකක් ඔබ අධ්යෙෂණ කරම්හ අනෙකකට ඔබ පහදවම්හ, මත්තෙහි ඔබ විචාරම්හ; තදිඞඝ බ්රෑහි - වදාළ මැනව, ප්රකාශ කළ මැනව, දෙසුව මැනව, පැනවුව මැනව, තැබුව මැනව, විවෘත කළ මැනව, විභාග කළ මැනව, ප්රකට කළ මැනව, ප්රකාශ කළ මැනැවැයි - ‘අඤ්ඤං තං පුච්ඡාම තදිඞඝ බ්රෑහි’ යනු වේ.
එත්තාවතග්ගං නු වදන්ති හෙකෙ යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ - ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල අරූපසමාපත්තීහු අග්ර යැ ශ්රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්රවර යැයි පවසති කියති බෙණෙති දක්වති ව්යවහාර කෙරෙත්. යකඛස්ස - සත්ත්වයාගේ; නරමානව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජයාගේ; සුද්ධිං - ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය; ඉධ පණ්ඩිතා සෙ - මෙ ලොවැ ස්වකීය ලබ්ධියෙහි (ඇපි පණ්ඩිතියම්හ’යි) පණ්ඩිතවාද ඇත්තාහු සථිරවාද - න්යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘එත්තාවතග්ගං නු වදන්ති හෙකෙ යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ’ යනු වේ.
උදාහු අඤ්ඤම්පි වදන්ති එත්තේතා - නොහොත් ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල අරූසමවත් ඉක්මවා මැනවින් ඉක්මවා පසු කොට,තෙල අරූපසමාපතතියෙන් අන්ය වූ මත්තෙහි යක්ෂ (- සත්ත්ව)යාගේ ශුදධියක් විශුදධියක් පරිශුදධියක් මුක්තියක් විමුක්තියක් පරිමුක්තියක් පවසත් ද බෙණෙත් ද, දක්වත් ද, ව්යවහාර කෙරෙත් දැයි - ‘උදාහු අඤඤම්පි වදන්ති එතතෝ’ යනු වේ.
එයින් කීහ ඒ නිර්මිත බුදුහු :
“යන්තං අපුච්ඡිමහ - පෙ - උදාහු අඤඤම්පි වදන්ති එත්තෝ” යී.
11. 15.
මෙ ලොවැ පණ්ඩිතිමානී වූ (ශාශ්වතවාදී) ඇතැම් මහණබමුණු කෙනෙක් මේ අරූපසමාපත්තිමාත්රයෙනුදු සත්ත්වයාගේ අග්ර වූ ශුද්ධිය කියත් මැයි. යලි ඔවුනතුරෙහි (උච්ේඡදවාදී) ඇතැම් මහණබමුණු කෙනෙක් අනුපාදිශෙෂයෙහි පණඩිතවාද ඇත්තාහු උච්ේඡදය (ශුදධියයි) කියත්.
එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ - ශාශ්වතවාදය පවසන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. (ඔහු) මේ අරූපසමාපත්තීන් අග්ර යැ ශ්රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්රවර යැයි පවසති කියති බෙණෙති දක්වති ව්යවහාර කෙරෙත්. යකඛස්ස - සත්තවයාගේ නර - මාණව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජයාගේ; සුද්ධිං - විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය; ඉධ පණ්ඩිතා සෙ - මෙ ලොවැ ස්වකීය දෘෂ්ටියෙහි පණඩිතවාද ඇත්තාහු සථිරවාද - න්යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - සථානවාද ඇත්තාහු නයි ‘එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ ‘යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ’ යනු වේ.