11. 15.
මෙ ලොවැ පණ්ඩිතිමානී වූ (ශාශ්වතවාදී) ඇතැම් මහණබමුණු කෙනෙක් මේ අරූපසමාපත්තිමාත්‍රයෙනුදු සත්ත්‍වයාගේ අග්‍ර වූ ශුද්ධිය කියත් මැයි. යලි ඔවුනතුරෙහි (උච්ේඡදවාදී) ඇතැම් මහණබමුණු කෙනෙක් අනුපාදිශෙෂයෙහි පණඩිතවාද ඇත්තාහු උච්ේඡදය (ශුදධියයි) කියත්.
එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ - ශාශ්වතවාදය පවසන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. (ඔහු) මේ අරූපසමාපත්තීන් අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. යකඛස්ස - සත්තවයාගේ නර - මාණව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජයාගේ; සුද්ධිං - විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය; ඉධ පණ්ඩිතා සෙ - මෙ ලොවැ ස්වකීය දෘෂ්ටියෙහි පණඩිතවාද ඇත්තාහු සථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - සථානවාද ඇත්තාහු නයි ‘එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ ‘යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ’ යනු වේ.
තෙසං පනෙ’කෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවදානා - ඒ මහණබමුණන් අතුරෙන් උච්ඡේදවාද ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් භවයෙන් තැති ගැනුණාහු විභව (උච්ේඡද) යට සතුටු වෙති, ඔහු සත්ත්‍වයා ගේ නො පැවැත්ම උපශමය ශාන්තිය අනුත්පාදය අපනුරුත්පත්තිය වේ යයි කියත්. භවත්නි, යම් හෙයකින් මේ ආත්මය කය බිඳීමෙන් මරණින් මතු සිඳීයේ ද වැනැසේ ද නො වේ ද, මෙතෙකින් අනුපාදිශෙෂය වේ. කුසලාවදානා - ස්වකීය ලබ්ධියෙහි කුසලවාද ඇත්තාහු පණ්ඩිතවාද - සථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘තෙසං පනෙකෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවාදානා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“එත්තාවතග්ගම්පි - පෙ - අනුපාදිසෙසෙ කුසලාවදානා” යී
11. 16.
තවද තෙල දෘෂටිගතිකයන් (මොහු ශාශවතොචේද) ‘දෘෂ්ටි ඇසුරු කළාහු යැ’ යි දැන, තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රයන් දැන, ඒ පණ්ඩිත වූ බුද්ධමුනි තෙම (දුඃකඛානිත්‍යාදි විසින්) ධර්‍මයන් දැන (අනුපාදාවිමොක්ෂයෙන්) මිදුණේ විරුද්ධවාදයට නො පැමිණෙයි, ඒ ධීර තෙම පුනපුනා භවයට ද නො පැමිණේ.
එතෙ ච ඤත්‍වා උපනිස්සිතාති - ‘එතෙ’ යනු: දෘෂ්ටිගතිකයන්; උපනිස්සිතාති - ශාශ්වතදෘෂ්ටිනිඃශ්‍රිතයෝ යැයි දැන, උච්ේඡදෘෂ්ටිනිඃශ්‍රිතය යැයි දැන, ශාශ්වතොඡෙඡදදෘෂටිනිඃශරිතයෝ යැයි දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට නුයි - ‘එතෙ ච ඤතවා උපනිස්සිතාති’ යනු වේ.
ඤත්‍වා මුනී නිස්සයෙ සො විමංසි - ‘මුනි’ යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි මුනි තෙම (ඔවුන්) , ශාශ්වතදෘෂ්ටිනිඃශරිතයෝ යැයි දැන, උචෙඡදෘෂටිනිඃශ්‍රිතයෝ යැයි දැන, ශාශ්වතොඡෙඡදදෘෂටිනිඃශරිතයෝ යැයි දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට; විභූත කොට, සො විමංසි - පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ විභාවී වූයේ මේධාවී වූයේ නුයි - ‘ඤතවා මුනී නිස්සයෙ සො විමංසි’ යනු වේ.