11. 16.
තවද තෙල දෘෂටිගතිකයන් (මොහු ශාශවතොචේද) ‘දෘෂ්ටි ඇසුරු කළාහු යැ’ යි දැන, තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රයන් දැන, ඒ පණ්ඩිත වූ බුද්ධමුනි තෙම (දුඃකඛානිත්‍යාදි විසින්) ධර්‍මයන් දැන (අනුපාදාවිමොක්ෂයෙන්) මිදුණේ විරුද්ධවාදයට නො පැමිණෙයි, ඒ ධීර තෙම පුනපුනා භවයට ද නො පැමිණේ.
එතෙ ච ඤත්‍වා උපනිස්සිතාති - ‘එතෙ’ යනු: දෘෂ්ටිගතිකයන්; උපනිස්සිතාති - ශාශ්වතදෘෂ්ටිනිඃශ්‍රිතයෝ යැයි දැන, උච්ේඡදෘෂ්ටිනිඃශ්‍රිතය යැයි දැන, ශාශ්වතොඡෙඡදදෘෂටිනිඃශරිතයෝ යැයි දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට නුයි - ‘එතෙ ච ඤතවා උපනිස්සිතාති’ යනු වේ.
ඤත්‍වා මුනී නිස්සයෙ සො විමංසි - ‘මුනි’ යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි මුනි තෙම (ඔවුන්) , ශාශ්වතදෘෂ්ටිනිඃශරිතයෝ යැයි දැන, උචෙඡදෘෂටිනිඃශ්‍රිතයෝ යැයි දැන, ශාශ්වතොඡෙඡදදෘෂටිනිඃශරිතයෝ යැයි දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට; විභූත කොට, සො විමංසි - පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ විභාවී වූයේ මේධාවී වූයේ නුයි - ‘ඤතවා මුනී නිස්සයෙ සො විමංසි’ යනු වේ.
ඤත්‍වා විමුතෙතා න විවාදමෙති - දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට; විමුතෙතා - අත්‍යන්ත වූ අනුපාදාවිමොක්ෂයෙන් මිදුණේ මැනවින් මිදුණේ වෙසෙසින් මිදුණේ හාත්පසින් මිදුණේ ‘සර්‍වසංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට අත්‍යන්ත අනුපාදාවිමොක්ෂයෙන් මුක්ත විමුක්ත සුවිමුක්ත පරිමුක්ත වූයේ, ‘සර්‍වසංස්කාරයෝ දුඃඛයෝ යැ’ යි … ‘සර්‍වසංස්කාරයෝ අනාත්මයෝ යැ’ යි … ’යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම්, ඒ සියල්ල නැසෙනසුලු යැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට අත්‍යන්ත අනුපාදාවිමොක්ෂයෙන් මුක්ත විමුක්ත සුවිමුක්ත පරිමුක්ත වූයේ නුයි - ‘ඤතවා විමුතෙතා’ යනු වේ; න විවාදමෙති - කලහ නො කෙරෙයි, ඩබර නො කෙරෙයි, විග්‍රහ නො කෙරෙයි, විරුද්ධවාද නො කෙරෙයි, කෝලාහල නො කෙරෙයි; මේ වදාරන ලද මයැ, භාග්‍යවතුන් විසින්: ‘ගිනිවෙස්න, මෙසේ මිදුණු සිත් ඇති මහණ තෙම කිසිවක්හු සමග සංවාද නො කෙරෙයි, කිසිවක්හු සමග විවාද නො කෙරෙයි, ලොවැ යමකුත් කියන ලද නම්, දැඩිව නො ගනිමින් එයින් ව්‍යවහාර කෙරේ යැ” යි -‘ඤතවා විමුතෙතා න විවාදමෙති’ යනු වේ.
භවාභවාය න සමෙති ධීරො - ‘භවාභවාය’ යනු: කාමභවයෙහි හා රූපාරූපභවයෙහි කර්මවෘත්තයට (පුනර්‍භවික වූ) විපාකවෘත්තයට, කාමධාතුයෙහි කර්‍මවෘතතයට, කාමධාතුයෙහි විපාකවෘතතයට, රූපධාතුයෙහි කර්‍මවෘතතයට රූපධාතුයෙහි විපාකවෘත්තයට, අරූපධාතුයෙහි කර්‍මවෘතතයට, අරූපධාතුයෙහි විපාකවෘත්තයට, පුනපුනා භවයට පුනපුනා ගතියට පුනපුනා උපතට පුනපුනා පිළිසඳට පුනපුනා අත්බවට නැවත නැවත පහළ වීමට නො එයි, නො පැමිණෙයි, නො ගනී, නො පරාමර්‍ෂ කෙරෙයි, නො පිවිසේ; ධීරො - ධීර වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ විභාවී මේධාවී නුයි - ‘භවාභවාය න සමෙති ධීරො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“එතෙ ච ඤත්‍වා - පෙ - භවාභවාය න සමෙති ධීරො” යි.
එකොළොස් වැනි කලහවිවාද සූත්‍රනිර්දේශය යි.
12.
චූළවියූහසූත්‍රනිර්දේශය
ඉක්බිති ‘චූලවියූහ’ සූත්‍රනිර්දේශය කියනු ලැබේ:
12. 1.
තමතමාගේ දෘෂ්ටියෙහි වෙසෙන්නාහු (ඒ දෘෂ්ටිය) දෘඪග්‍රහයෙන් ගෙන (ඇපි එහි) දක්‍ෂයම්හ’යි වෙන වෙන ම කියති. (යමෙක්) මෙසේ දනී නම්, හෙතෙම දහම් දැනගත්තේ ය, මෙය ගරහන්නා වූ (යමෙක් වේ නම් හෙතෙම) ලාමක වන්නේ යයි ද (කියත්.)