11. 8.
සුඛ වේදනාව ද දුක් වේදනාව ද (යන මෙහු) කුමක් හේතු කොටඋපදනාහු ද ? කුමක් අවිද්‍යමාන කල්හි මොහු පහළ නො වෙත් ද ? යලි ඒ සාතාසාතයන්ගේ විනාශය ද පහළ වීම ද යන යම් මේ අර්‍තථයෙක් යමක් කරුණු කොට ඇත්තේ ද, තෙල කාරණය මට ප්‍රකාශ කළ මැනව.
සාතං අසාතං ච කුතොනිදානා – සාත අසාතවෙදනාවෝ කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කොයින් උපන්නාහු ද ? කොයින් හට– ගත්තාහු ද ? කොයින් නිපන්නාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් කරුණු කොට ඇත්තාහු ද ? කුමක් සමුදය කොට - කුමක් ජාති කොට කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’යි සාතාසාතයන්ගේ මූලය විචාරති... සමුදය විචාරති, පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘සාතං අසාතං ච කුතොනිදානා’ යනු වේ.
කිසමිං අයනේත න භවනති හෙතෙ – කුමක් අවිද්‍යමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නැති කල්හි නො ලැබෙන කල්හි සාතවෙදනාත් අසාතවෙදනාත් නො වෙත් ද, නූපදිත් ද, නො හටගනිත් ද, නො නිපදිත් ද, නො පහළ වෙත් දැ’යි ‘කිස්මිං අසනෙත න භවන්ති හෙතෙ’ යනු වේ.
විභවං භවඤචාපි යමෙතමතථං - සාතාසාතයන්ගේ භවය (–හට ගැනීම) කවරේ ද යත්? සාතාසාතයන්ගේ යම් භවයෙක් ප්‍රභවයෙක් ජාතියෙක් සඤජාතියෙක් නිර්වෘත්තියෙක් අභිනිර්වෘත්තියෙක් ප්‍රාදුර්‍භාවයෙක් වේ ද මේ සාතාසාතයන්ගේ ඉපැද්ම යැ; සාතාසාතයන්ගේ විනාශය කවරේ ද යත්? සාතාසාතයන්ගේ යම් ක්‍ෂය වීමෙක් ව්‍යය වීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මෙ සාතාසාතයන්ගේ විනාශය යි. යමෙතමතථං යනු: යම් පරමාර්ථයෙක් නුයි ‘විභවං භවඤාපි යමෙතමතථං’ යනු වේ.
එතං මෙ පබ්‍රෑහි යතොනිදානං – ‘එතං’ යනු; යමක් විචාරම් ද, යමක් අයදිම් ද, යමක් අධ්‍යෙෂණය කෙරෙම් ද, යමක් පහදවම් ද; පබ්‍රෑහි - කියනු මැනව, වදාළ මැනව, ප්‍රකාශ කළ මැනව, දෙසුව මැනව, පනවනු මැනව, තබනු මැනව, විවෘත කළ මැනව, විභාග කළ මැනව, ප්‍රකට කළ මැනව, ප්‍රකාශ කළ මැනවැ’යි ‘එතං මෙ පබ්‍රෑහි’ යනු වේ. යතොනිදානං - යම් කරුණක් යම් සමුදයක් යම් ඉපැද්මක් යම් ප්‍රභවයක් නුයි ‘එතං මෙ පබ්‍රෑහි යතොනිදානං’ යනු වේ.
එයින් කීහ. ඒ නිර්මිත බුදුහු:
“සාතං අසාතං ච -පෙ- එතං මෙ පබ්‍රෑහි යතොනිදානං” යී.
11. 9.
සුඛවේදනාව ද, දුක්වේදනාව ද ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇත්තේ ය, ස්පර්‍ශය අවිද්‍යමාන කල්හි මොවුහු නො පහළ වෙති, (සුවදුක් වේදනාවන් ගේ) විනාශය ද ඉපැදීම ද යන යම් අර්‍තථයෙක් මේ පහස කරුණු කොට උපදී ද, තෙල අර්‍ත්‍ථය ඔබට කියමි.