11. 6.
මෙ ලොවැ, සුව යැයි ද දුකැයි ද යමක් කියත් නම්, ඒ සාතාසාත වේදනාව නිසා ඡන්දය උපදී, ලොවැ සත්ව තෙමේ භූතෝපාදායරූපයන්හි විනාශය ත් උත්පත්තියත් දැක තෘෂ්ණා - දෘෂ්ටිවිනිශ්චය කරන්නේ යි.
සාතං අසාතන්ති යමාහු ලෝකේ – ‘සාත’ නම්, සුඛවේදනාව හා ඉෂ්ටවස්තුව යැ: අසාත - නම්: දුඛවෙදනාව හා අනිෂටවස්තුව යැ; යමාහු ලෝකේ - යමක් පවසත් නම්, යමක් කියත් නම් යමක් බෙණෙත් නම් යමක් දක්වත් නම් යමක් වහරත් නම් නුයි ‘සාතං අසාතන්ති යමාහු ලෝකේ’ යනු වේ.
තමූපනිස්සාය පහොති ඡන්දො − සාතාසාත (වේදනාව හා වස්තුව) නිසා සැපදුක් නිසා සොම්නස් දොම්නස් නිසා ඉටුඅනිටු නිසා අනුනය ප්රතිඝ නිසා ඡන්දය වෙයි පහළ වෙයි උපදී හටගතී නිපදී වෙසෙසින් නිපදී නුයි ‘තමූපනිස්සාය පහොති ඡනදො’ යනු වේ.
රූපෙසු දිස්වා විභවං භවඤච - ‘රෑපෙසු’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපදනා රූපය ද වේ; රූපයන්ගේ භවය කවරැ යත්? රූපයන් ගේ යම් භවයෙක් ජාතියෙක් හටගැනීමෙක් නිපැදීමෙක් වෙසෙසින් නිපැදීමෙක් පහළ වීමෙක් වේ ද, මේ රූපයන්ගේ භවයයි; රෑපයන්ගේ විභවය කවරැ යත් ? රෑපයන්ගේ යම් ක්ෂයවීමෙක් වැනැසීමෙක් භෙදයෙක් පරිභේදයෙක් අනිත්ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ රූපයන් ගේ විභව යයි. රෑපෙසු දිස්වා විභවං භවඤච - රූපයන්හි හටගැනීම ද වැනැසීම ද දැක බලා තුලනය කොට තීරණය කොට සලකා ප්රකට කොට නුයි ‘රෑපෙසු දිස්වා විභවං භවඤච’ යනු වේ.
විනිච්ඡය- කුරුතෙ පතතු ලෝකේ – ‘විනිච්ඡය’ නමි: තෘෂ්ණා - විනිශ්චය ද දෘෂ්ටිවිනිශචය දැයි විනිශ්චය දෙකෙකි. කෙසේ තෘෂණාවිනිශචය කෙරෙයි යත්? මෙහි එකක් හට නූපන් භොගයො ත් නූපදිති, උපන් භෝගයෝ ත් ක්ෂය වීමට යෙති; ඔහුට මෙසේ සිතෙක් වෙයි: ‘කවර උපායයෙකින් මට නූපන් භෝගයෝ ත් නූපදිත් ද, උපන් භොගයෝත් ක්ෂය වීමට යෙත් දැ’ යි. යලි ඔහුට මෙසේ සිත් වෙයි: “මදයට ප්රමාදයට කරුණු වූ රහමෙර පීමෙහි නැවත නැවත යෙදුණු මට නූපන් භෝගයෝ ත් නූපදිති, උපන් භොගයො ත් පිරිහෙති: නො කල්හි වීථිසඤචාරයෙහි පුනපුනා යෙදුණු මට නූපන් භොගයො ත් නූපදිතී, උපන් භොගයො ත් පිරිහීමට යෙති, නෘත්යාදිය දැකීම් වශයෙන් පිරිස්හි හැසිරීමෙහි පුනපුනා යෙදුණු මට - ප්රමාදයට කරුණු වූ ද්යුතයෙහි පුනපුනා යෙදුණු මට - පාපමිත්රානුයොගයෙහි පුනපුනා යෙදුණු මට - ආලස්යයෙන් යුක්ත බැව්හි පුනපුනා යෙදුණු මට නූපන් භෝගයෝ ත් නූපදිති, උපන් භොගයො ත් පිරිහීමට යෙති’ මෙසේ නුවණ උපදවා සවැදෑරුම් වූ භෝගයන් ගේ විනාසයෙහි දොරටු සේවනය නො කෙරෙයි, සවැදරුම් වූ භෝගයන් ගේ ආයද්වාරයන් සේවනය කෙරෙයි; මෙසේත් තෘෂ්ණා විනිශ්චය කෙරෙයි.
නොහොත් ගොවිතැනින් හෝ වෙළෙඳාමෙන් හෝ ගවපාලනයෙන් හෝ ධනුශිල්පයෙන් හෝ රාජ්යසෙවායෙන් හෝ එක්තරා ශිල්පයෙකින් හෝ උත්සාහ කෙරෙයි; මෙසේ ත් තෘෂණාවිනිශචය කෙරෙයි. කෙසේ දෘෂ්ටිවිනිශචය කෙරෙයි යත් ? සසම්භාර චක්ෂුස උපන් කල්හි ‘මා ගේ ආත්මය උපනැ’යි දෘෂ්ටිවශයෙන් දැනගනී, චක්ෂුස නැසුණු කල්හි, ‘මා ගේ ආත්මය නැසිණ, මා ගේ ආත්මය ඉක්මැ ගියේ යැ’යි දෘෂ්ටිවශයෙන් දැනගනී; මෙසේ ත් දෘෂ්ටිවිනිශචය කෙරෙයි, ශ්රෝත්රය - ඝ්රාණය - ජිහ්වාව -කායය - රෑපය - ශබ්දය - ගන්ධය - රසය - ස්ප්රෂ්ටව්යය උපන්කල්හි ‘මා ගේ ආත්මය උපනැ’යි දෘෂ්ටිවශයෙන් දැනගනී, ස්ප්රෂ්ටව්යය නැසුණු කල්හි ‘මා ගේ ආත්මය නැසිණ, මා ගේ ආත්මය පහව ගියේ වනැ’යි දෘෂ්ටි වශයෙන් දැනගනී, (-දෘෂ්ටිය ගනි යයි සේයි.) මෙසේ ත් දෘෂ්ටිවිනිශ්චය කෙරෙයි, උපදවයි, මොනොවට උපදවයි, නිපදවයි, වෙසෙසින් නිපදවයි. ජන්තු - සත්ව- නර -මාණව … මනුජ තෙමේ ලෝකේ–අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘විනිචඡයං කුරුතෙ ජන්තු ලෝකේ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සාතං අසාතන්ති -පෙ- විනිචඡයං කුරුතෙ ජන්තු ලෝකේ” යී.
11. 7.
ක්රෝධය ද මෘෂාවාදය ද විචිකිත්සාව ද යන මේ ධර්මයෝ ද සාතාසාත දෙක ඇති කල්හි මැ වෙති, විචිකිත්සා සහිත වූ පුද්ගල තෙම ඥානදර්ශනඥානාධිගමය පිණිස ත්රිවිධ ශික්ෂාවෙහි හික්මෙන්නේ ය, බුද්ධශ්රමණයන් විසින් දැන (අනිත්යාදි) ධර්මයෝ දෙසන ලද්දාහු ය