11. 5.
ලොව, කාමචඡන්ද තෙමේ කුමක් නිදාන කොට ඇත්තේ ද ? (තෘෂ්ණා දෘෂ්ටි) විනිශචයයෝ හෝ කොයිබින් උපන්නාහු ද ? ක්‍රෝධය ත් මෘෂාවාදයත් විචිකිත්සාව ත් බුදධශ්‍රමණයත් විසින් දෙසූ යම් අකුශලධර්‍ම කෙනෙකුත් වෙත් නම්, ඔවුහු ත් කොයිබින් උපන්නාහු ද ?
ඡන්‍දො නූ ලොකසමිං කුතොනිදානො - කාමචඡන්ද තෙමේ කුමක් නිදාන කොට ඇත්තේ ද ? කොතැනින් උපන්නේ ද ? කොයින් හට ගත්තේ ද ? කොයින් නැඟුණේ ද ? කොයිබින් පහළ වූයේ ද ? කුමක් නිදාන කොට - කුමක් සමුදය කොට - කුමක් ජාති කොට - කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’යි ඡන්දයා ගේ මූලය විචාරති … සමුදය විචාරති පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති, පහදවත් නුයි ‘ඡන්‍දො නූ ලෝකස්මිං කුතො නිදානො’ යනු වේ.
විනිච්ඡයා වා පි කුතො පහූතා - තෘෂ්ණා - දෘෂ්ටිවිනිශචයයෝ කොයින් වූවාහු ද? කොයින් උපන්නාහු ද ? කොයින් හටගත්තාහු ද? කොයින් නිපන්නාහු ද ? කොයින් පැනනැඟුණාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් නිදාන - සමුදය -ජාති -ප්‍රභව කොට ඇත්තාහු දැ’යි විනිශචයයන්ගේ මූලය විචාරති … සමුදය විචාරති පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘චිනිචඡයා වා’පි කුතො පහූතා’ යනු වේ.
කොධො මොසවජ්ජඤච කථඞකථා ච -‘කොධො’ යනු: මෙබඳු වූ චිත්තයා ගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙන් කොපයෙක් සම්ප්‍රකෝපයෙක් දවේෂයක් ප්‍රදේවෂයෙක් සම්ප්‍රදෙවෂයෙක් චිත්තයාගේ විකෘතියෙක් සිතෙහි දූෂ්‍ය බවෙක් කිපීමෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් දූෂ්‍ය වීමෙක් දූෂ්‍යාකාරයෙක් දූෂ්‍ය බවෙක් විකෘතියෙක් විකෘතාකාරයෙක් විකෘත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් චණ්ඩ බවෙක් නො පිරුණු වචන ඇතිබවෙක් සිත පිළිබඳ නො සතුටු බවෙක් වේ ද එයයි. ‘මොසවජ්ජ’ යී මෘෂාවාදය කියනු ලැබෙයි; ‘කථඞකථා’යී විචිකිත්සාව කියනු ලබා නුයි ‘කොධො මොසවජ්ජං ච කථඞකථා ච’ යනු වේ.
යෙ චා’පි ධම්මා සමණෙන වුත්තා - ‘යෙ චාපි’ යනු: යම් ධර්‍ම කෙනෙක් ක්‍රෝධයත් මෘෂාවාදයත් විචිකිත්සාවත් සමග සහගත වූවාහු ද සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූවාහු ද එක් වැ උපදනාහු එක් වැ නිරුද්ධ වන්නාහු සමාන වස්තු ඇත්තාහු සමාන අරමුණු ඇත්තාහු වෙත් ද මොවුහු ‘යම් ධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. නොහොත් යම් කෙලෙස් කෙනෙක් අන්‍යසවභාව ඇත්තාහු අන් කරුණෙකින් වූවාහු වෙත් ද, මොවුහු ‘යම් ධර්‍ම යෝ’ යි කියනු ලැබෙත්. සමණෙන වුත්තා - නිවුණු පව් ඇති ශ්‍රමණයා විසින්, නැසූ පව් ඇති බ්‍රාහ්මණයා විසින්, බුන් කෙලෙස්මුල් ඇති භික්‍ෂුහු විසින්, සියලු අකුශලමූලබනධනයෙන් මිදුණහු විසින් කියන ලද පවසන ලද ප්‍රකාශ කරන ලද දෙසන ලද පනවන ලද පිහිටුවන ලද විවෘත කළ විභාග කළ ප්‍රකට කළ ප්‍රකාශ කරන ලද්දාහු නුයි ‘යෙ චා’පි ධම්මා සමණෙන වුත්තා’ යනු වේ.
එයින් කීහ, ඒ නිර්මිත බුදුහු:
“ඡන්‍දො නූ ලොකසමිං - පෙ - යෙ චා’පි ධම්මා සමණෙන වුත්තා” යි.
11. 6.
මෙ ලොවැ, සුව යැයි ද දුකැයි ද යමක් කියත් නම්, ඒ සාතාසාත වේදනාව නිසා ඡන්‍දය උපදී, ලොවැ සත්‍ව තෙමේ භූතෝපාදායරූපයන්හි විනාශය ත් උත්පත්තියත් දැක තෘෂ්ණා - දෘෂ්ටිවිනිශ්චය කරන්නේ යි.
සාතං අසාතන්ති යමාහු ලෝකේ – ‘සාත’ නම්, සුඛවේදනාව හා ඉෂ්ටවස්තුව යැ: අසාත - නම්: දුඛවෙදනාව හා අනිෂටවස්තුව යැ; යමාහු ලෝකේ - යමක් පවසත් නම්, යමක් කියත් නම් යමක් බෙණෙත් නම් යමක් දක්වත් නම් යමක් වහරත් නම් නුයි ‘සාතං අසාතන්ති යමාහු ලෝකේ’ යනු වේ.
තමූපනිස්සාය පහොති ඡන්‍දො − සාතාසාත (වේදනාව හා වස්තුව) නිසා සැපදුක් නිසා සොම්නස් දොම්නස් නිසා ඉටුඅනිටු නිසා අනුනය ප්‍රතිඝ නිසා ඡන්‍දය වෙයි පහළ වෙයි උපදී හටගතී නිපදී වෙසෙසින් නිපදී නුයි ‘තමූපනිස්සාය පහොති ඡනදො’ යනු වේ.
රූපෙසු දිස්වා විභවං භවඤච - ‘රෑපෙසු’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපදනා රූපය ද වේ; රූපයන්ගේ භවය කවරැ යත්? රූපයන් ගේ යම් භවයෙක් ජාතියෙක් හටගැනීමෙක් නිපැදීමෙක් වෙසෙසින් නිපැදීමෙක් පහළ වීමෙක් වේ ද, මේ රූපයන්ගේ භවයයි; රෑපයන්ගේ විභවය කවරැ යත් ? රෑපයන්ගේ යම් ක්‍ෂයවීමෙක් වැනැසීමෙක් භෙදයෙක් පරිභේදයෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ රූපයන් ගේ විභව යයි. රෑපෙසු දිස්වා විභවං භවඤච - රූපයන්හි හටගැනීම ද වැනැසීම ද දැක බලා තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට නුයි ‘රෑපෙසු දිස්වා විභවං භවඤච’ යනු වේ.