11. 4.
ලොවැ ප්‍රියවස්තූහු කාමචඡන්දය නිදාන කොට ඇත්තාහුය, තවද ලොවැ, යම් කෙනෙක් ලෝභය හේතු කොට හැසිරෙත් ද, (ඔවුන්ගේ ඒ ලොහයත් කාමචඡන්දය හේතු කොට ඇත්තේය,) අශාව ත් ආශා සමෘද්ධියත් මේ කාමචඡන්දය ම නිදාන කොට ඇත්තාහු ය, යම් ධර්‍ම කෙනෙක් සත්ත්‍වයා හට පරලොව පිහිට පිණිස වෙත් නම් , (ඔහු ද කාමචඡන්දයෙන් ම උපන්නාහු යි.)
ඡන්දනිදානානි පියානි ලෝකේ - ‘ඡන්‍ද’ නම්: කාමවස්තූන් කෙරෙහි යම් කාමවඡන්දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණා යෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාමයන්හි ගැලීමෙක් කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමොපාදානයෙක් කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද, එයයි; තවද ඡන්‍ද පසෙකි:පර්‍ය්‍යෙෂණ (=සෙවීම) ඡන්‍දය, ප්‍රතිලාභච්ඡන්දය, පරිභොගච්ඡන්‍දය, සන්නිධි (=රැස්කිරීම) ඡන්‍දය, විසර්‍ජන (=වියදම් කිරීම) ඡන්‍දය දැයි; එහි පර්‍ය්‍යෙෂණඡන්දය කවරැ යත්? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ කැමැති වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ රූපයන් සොයයි, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් සොසයි, මේ පර්‍ය්‍යෙෂණචඡන්ද යයි. ප්‍රතිලාභච්ඡන්දය කවරැ යත් ? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ රූපයන් ලබයි, ශබ්දගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ලබයි, මේ ප්‍රතිලාභවජන්ද යයි.
පරිභොගච්ඡන්දය කවරැ යත්: මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ රූපයන් පරිභෝග කෙරෙයි, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරෙයි, මේ පරිභොගච්ඡන්ද යයි. සන්නිධිඡන්දය කවරැ යත් ? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ ‘විපතෙහි වන්නේයැ’ යි ධන රැස් කෙරෙයි, මේ සන්නිධිඡන්දය යයි, විසජජනච්ඡන්දය කවරැ යත්? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මෑ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ ‘මොවුහු මා රක්‍ෂණ ගෝපනය කරන්නාහුය, පිරිවරා සිටිත්නාහ’යි ඇතරුවන්ට අසරුවන්ට රියැදුරන්ට දුනුවායන්ට පාබලසෙනඟට ධනය වියදම් කරයි, මෙ විසජීනච්ඡන්ද යයි. පියානි - ප්‍රියයෝ දෙදෙනෙකි: සත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ;...මේ ප්‍රියවූ සංස්කාරයෝ යි. ඡන්දනිදානානි පියානි ලෝකේ - ප්‍රිය වූ සත්ත්වසංස්කාරයෝ ඡන්‍දය නිදාන කොට ඇත්තාහුය, ඡන්‍දය උත්පත්ති කොට ඇත්තාහුය, ඡන්‍දය ජාති කොට ඇත්තාහුය, ඡන්‍දය ප්‍රභව කොට ඇත්තාහු නුයි ‘ඡන්දනිදානා ති පියාති ලෝකේ’ යනු වේ.
යෙ චාපි ලොභා විචරන්ති ලෝකේ – ‘යෙ චාපි’ යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ගැහැවියෝ ද පැවිද්දෝ ද දෙවියෝ ද මිනිස්සු ද ; ලොභා - යම් ලොභයෙක් ලොභකාරයෙක් ලෝභ කරන බවෙක් ඇලීමෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. විචරනති – හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති, වැටෙති රැකෙති යැපෙතී යාපනය වෙත්; ලෝකේ – අපායලෝකයෙහි.... ආයතනලෝකයෙහි නුයි ‘යෙ චාපි ලොභා විචරන්ති ලෝකේ’ යනු වේ.
ආසා ච නිටඨා ච ඉතො නිදානා - ‘ආසා’යී තෘෂ්ණාව කියනු ලබයි. යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයක් වේ ද එයයි; නිට්ඨා - මෙලො වැ එකෙක් රූපයන් සොයනුයේ රූපය ලබයි, රූපසමෘදධිය ඇත්තේ වෙයි, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලය - ගණයා - ආවාසාය - ලාභය යශස් - ප්‍රශංසාව - සුඛය - චීවර-පිණ්ඩපාත - සේනාසන – ගිලන්පසබෙහෙත්පිරිකර - සූත්‍රාන්තය - විනය - අභිධර්‍මය -ආරණ්‍යකාඞ්ගය -පිණ්ඩපාතිකාඞ්ගය - පංසුකූලිකාඞගය–තෙචීවරිකාඞගය - සපදානචාරිකාඞගය - ඛලුපචචඡාභතතිකාඞගය - නෙසජ්ජිකාඞගය– යථාසන්ථතිකාඞගය - ප්‍රථමධ්‍යානය – ද්විතීය - තෘතීය – චතුර්‍ත්‍ථධ්‍යානය - ආකාසානඤ්චායතනසමාපත්තිය - විඤඤානඤ්චායතන - ආකිඤ්චඤ්ඤායතන – නෙවසඤඤානාසඥඤායතනසමාපතතිය සොයනුයේ නෙවසඤඤානාසඤඤායතනසමාපත්තිය ලබයි, නෙවසඤඤානාසඤඤායතත සමාපත්ති සමෘදධිය ඇත්තේ වේ.
1. ආශාව හේතු කොට (ගොවියා) කෙත සායි, ආශාව හෙතු කොට බිජුවට වපුරනු ලැබෙයි, ධනය රැස්කර ගන්නා වූ වෙළෙන්දෝ ආශාව හේතු කොට (නැවින්) මුහුදට යෙති, යම් ආශාවකින් මම් මෙහි සිටිම් නම්, ඒ මාගේ ආශාව සමෘද්ධ වේව’යි.