11. 3.
ලොවැ ප්රියවස්තූහු කොයින් උපන්නාහු ද ? නොහොත් කුමක් හේතු කොට ඇත්තාහු ද ? තවද ලොවැ ක්ෂත්රියාදි යම් කෙනෙක් ලෝභය හේතුකොටගෙන හැසිරෙත් නම්, (ඒ ලෝභය) කුමක් හේතු කොට ඇත්තේ ද? ආශාවත් (ඒ ආශවගේ) සමෘද්ධියත් කොයින් උපන්නාහු ද ? (කුමක් නිදාන කොට ඇත්තාහු ද ?) යම් ධර්ම කෙනෙක් සත්වයා හට පරලොවැ පිහිට පිණිස වෙත් නම්, ඒ ධර්මයෝ කොයින් උපන්නාහු ද ? (කුමක් නිදාන කොට ඇත්තාහු ද ?)
පියා සු ලෝකස්මිං කුතොනිදානා- ප්රියවස්තූහු කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කොයින් උපන්නාහු ද ? කොයින් හටගත්තාහු ද ? කොයින් නිපන්නාහු ද ? කොයින් වෙසෙසින් නිපන්නාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කුමක් උත්පත්ති කොට ඇත්තාහු ද ? කුමක් ජාති කොට ඇත්තාහු ද ? කුමක් ප්රභව කොට ඇත්තාහු දැ යි ප්රියවස්තූන්ගේ මූලය විචාරති … සමුදය විචාරති, පුළුවුස්ති අයැදිති අධ්යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘පියා සු ලෝකස්මිං කුතො නිදානා’ යනු වේ.
යෙ චාපි ලොභා විවරනති ලෝකේ - ‘යෙ චා පි’ යනු: ක්ෂත්රියයෝ ද බ්රාහ්මණයෝ ද වෛශ්යයෝ ද ශුද්රයෝ ද ගෘහස්ථයෝ ද ප්රව්රජිතයෝ ද දෙවියෝ ද මනුෂ්යයෝ ද, ලොභා– යම් ලෝභයෙක් ලෝභ කරන අයුරෙක් ලෝභ කරන බවෙක් ඇලීමෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් දැඩි ලොභයෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද; විචරනති - හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත්; ලෝකේ අපායලෝකයෙහි මනුෂ්ය - දෙව – ස්කන්ධ - ධාතු – අයතතලොකයෙහි නුයි ‘යෙ චාපි ලොභා විවරනති ලෝකේ’ යනු වේ.
ආසා ව නිටඨා ච කුතො නිදානා - ආශාව ත් ආශාසමෘදධිය ත් කුමන හෙතු ඇත්තාහු ද? කොයින් උපන්නාහු ද ? කොයින් හටගත්තාහු ද ? කොයින් නිපන්නාහු ද ? කොයින් නැඟුණාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් නිදාන කොට - කුමක් සමුදය කොට - කුමක් ජාති කොට - කුමක් ප්රභව කොට ඇත්තාහු දැ’යි ආශාවේ ත් ආශාසමෘද්ධිය ගේ ත් මූලය විචාරති...සමුදය විචාරති, පුළුවුස්ති අයැදිති අධ්යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘ආසා ව තිටඨා ච කුතොනිදානා’ යනු වේ.
යෙ සම්පරායාය නරස්ස හොන්ති - යම් ධර්ම කෙනෙක් සත්වයා හට (පරලොවට) පිහිට වෙත් ද ප්රතිෂ්ඨා වෙත් ද ත්රාණ වෙත් ද රක්ෂාස්ථාන වෙත් ද සරණ වෙත් ද. මිනිසා ඒ සමෘද්ධිය පරායණ කොට ඇත් නුයි -‘යෙ සම්පරායාය නරස්ස හොන්ති’ යනු වේ.
එසින් කීහ, ඒ නිර්මිත බුදුහු:
“පියා සු ලොකසමිං - පෙ - යෙ සම්පරායා නරස්ස හොන්ති” යි
11. 4.
ලොවැ ප්රියවස්තූහු කාමචඡන්දය නිදාන කොට ඇත්තාහුය, තවද ලොවැ, යම් කෙනෙක් ලෝභය හේතු කොට හැසිරෙත් ද, (ඔවුන්ගේ ඒ ලොහයත් කාමචඡන්දය හේතු කොට ඇත්තේය,) අශාව ත් ආශා සමෘද්ධියත් මේ කාමචඡන්දය ම නිදාන කොට ඇත්තාහු ය, යම් ධර්ම කෙනෙක් සත්ත්වයා හට පරලොව පිහිට පිණිස වෙත් නම් , (ඔහු ද කාමචඡන්දයෙන් ම උපන්නාහු යි.)
ඡන්දනිදානානි පියානි ලෝකේ - ‘ඡන්ද’ නම්: කාමවස්තූන් කෙරෙහි යම් කාමවඡන්දයෙක් කාමරාගයෙක් කාමනන්දියෙක් කාමතෘෂ්ණා යෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාමයන්හි ගැලීමෙක් කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමොපාදානයෙක් කාමච්ඡන්දනීවරණයෙක් වේ ද, එයයි; තවද ඡන්ද පසෙකි:පර්ය්යෙෂණ (=සෙවීම) ඡන්දය, ප්රතිලාභච්ඡන්දය, පරිභොගච්ඡන්දය, සන්නිධි (=රැස්කිරීම) ඡන්දය, විසර්ජන (=වියදම් කිරීම) ඡන්දය දැයි; එහි පර්ය්යෙෂණඡන්දය කවරැ යත්? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ කැමැති වූයේ හටගත් ඡන්දය ඇත්තේ රූපයන් සොයයි, ශබ්ද - ගන්ධ - රස - ස්ප්රෂ්ටව්යයන් සොසයි, මේ පර්ය්යෙෂණචඡන්ද යයි. ප්රතිලාභච්ඡන්දය කවරැ යත් ? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ අර්ත්ථි වූයේ හටගත් ඡන්දය ඇත්තේ රූපයන් ලබයි, ශබ්දගන්ධ - රස - ස්ප්රෂ්ටව්යයන් ලබයි, මේ ප්රතිලාභවජන්ද යයි.