10. 4.
යමෙක් අනාගතයෙහි තෘෂ්ණා රහිත වේ ද, ඉක්මැගිය දැයට ශෝක නො කෙරේ ද, වර්තමාන චක්ඛුසම්ඵස්සාදියෙහි ආත්මාදිභාවවිවේකය දකී ද, දෙසැට දිටු අතුරෙන් කිසි දෘෂ්ටියකින් නො පමුණුවනු ලැබේ ද, (ඔහු උපශාන්ත යයි කියමි.)
නිරාසන්ති අනාගතෙ - ‘ආසත්ති’යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්... අභිධ්යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි; යමක්හු විසින් මේ ආසත්ති සඞ්ඛ්යාත තෘෂ්ණාව ප්රහීණ කරන ලද්දී සමුච්ඡින්න වූවා සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. නොහොත් ‘අනාගතයෙහි මෙබඳු රූ ඇති වෙම්ව’යි එහි තෘෂ්ණාව නො එළවයි, ‘මෙබඳු වේදනා ඇති වෙම්ව’යි - සංඥා - සංස්කාර - විඥාන ඇති වෙම්ව’යි එහි තෘෂ්ණාව නො එළවයි, මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. නොහොත් ‘අනාගතයෙහි මෙසේ මාගේ චක්ෂුඃප්රසාදය වන්නේය, මෙසේ රූපයෝ වන්නාහ’යි නො ලද්දහුගේ ලැබීමට සිත නො පිහිටුවයි, සිත පිළිබඳ ප්රාර්ත්ථනා නො තබන හෙයින් ඊට සතුටු නො වෙයි, ඊට සතුටු නො වන්නේ මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. ‘අනාගතයෙහි මාගේ ශ්රෝතප්රසාදය මෙසේ වන්නේය, ශබ්දයෝ මෙසේ වන්නාහ’යි... අනාගතයෙහි මා ගේ භවාඞ්ගමනස මෙසේ වන්නේය, ත්රෛභූමකධර්මාලම්බනයෝ මෙසේ වන්නාහ’යි නො ලද්දහු ගේ ලැබීමට සිත නො පිහිටුවයි, චිත්තයා ගේ ප්රාර්ත්ථනා නැති බැවින් ඊට නො කැමැති වෙයි, ඊට නො කැමැති වන්නේ මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. නොහොත් ‘මම් මේ ශීලයෙන් හෝ ව්රතයෙන් හෝ තපසින් හෝ බ්රහ්මචර්ය්යයෙන් හෝ දෙවියෙක් හෝ දේවාන්යතරයෙක් හෝ වන්නෙමී’ නො ලද්දහු ගේ ලැබීමට චිත්තප්රණිධිය නො පිහිටුවයි, චිත්තප්රණිධි නො තබන හෙයින් ඊට සතුටු නො වෙයි, ඊට සතුටු නො වන්නේ මෙසේත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ.
අතීතං නානුසොචති - නැසුණු වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව නැසෙන කල්හි හෝ ශෝක නො කෙරෙයි, ‘මා ගේ ඇස නැසිණැ’යි ශෝක නො කෙරෙයි, කන - නැහැය - දිව - කය - රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්රෂ්ටව්ය - මාගේ කුලය - ගණයා - ආවාසය - ලාභ - යශස් - ප්රශංසා - සුඛ - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර - මව - පියා - සහෝදරයා - සහෝදරිය - පුතා - දුව - මිත්රයෝ - සහායයෝ - නෑයෝ - සහලේනෑයෝ නැසුණාහ’යි ශෝක නො කරයි, නො වෙහෙසෙයි, නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි ‘අතීතං නානුසොචති’ යනු වේ.
විවේකදස්සී ඵස්සෙසු - ‘ඵස්ස’ නම්: චක්ෂුර්වඥානසහජාත ස්පර්ශය ශ්රෝත - ඝ්රාණ - ජිහ්වා - කාය - මනොවිඥානසහජාත ස්පර්ශය අධිවචන (-මනෝද්වාරික) ස්පර්ශය ප්රතිඝ(-පඤ්චද්වාරික) ස්පර්ශය සුඛවේදනා උපදවන ස්පර්ශය දුඃඛ - උපෙක්ෂාවෙදනීය ස්පර්ශය කුශලචිත්තසහජාත ස්පර්ශය අකුශල - අව්යාකෘත - කාමාවචර - රූපාවචර - අරූපාවචර - ශුන්යත - අනිමිත්ත - අප්රණිහිත - ලෞකික - ලෝකෝත්තර - අතීත - අනාගත - ප්රත්යුත්පන්න ස්පර්ශය යන මෙබඳු වූ යම් පහසෙක් පහස්නා අයුරෙක් සංස්පර්ශාකාරයෙක් සංස්පර්ශ කළ බවෙක් වේ ද, මේ ‘ඵස්ස’ යයි කියනු ලැබේ.
විවේකදස්සී ඵස්සෙසු - චක්ෂුඃසංස්පර්ශය ආත්මයෙන් හෝ ආත්මනීයභාවයෙන් හෝ නිත්ය බැවින් - ධ්රැව - ශාශ්වත - අවිපරිණාමභාවයෙන් හෝ වෙන් කොට දකී, ශ්රෝතසංස්පර්ශය... ඝ්රාණ - ජිහ්වා - කාය - මනෝ - අධිවචනසංස්පර්ශය - පටිඝ - සුඛවේදනීය - දුක්ඛවෙදනීය - කුසල - අකුසල - අව්යාකෘත - කාමාවචර - රූපාවචර - අරූපාවචර - ලෞකිකස්පර්ශය ආත්මභාවයෙන් හෝ ආත්මනීය - නිත්ය - ධ්රැව - ශාශ්වත - අවිපරිණාමස්වභාවයෙන් හෝ වෙන් කොට දකී; නොහොත් අතීතස්පර්ශය අනාගත වූ ද වර්තමාන වූ ද පහසුන් ගෙන් වෙන් කොට දකී, අනාගතස්පර්ශය අතීත ප්රත්යුත්පන්නස්පර්ශයන්ගෙන් ද වෙන් කොට දකී, වර්තමානස්පර්ශය අතීත අනාගතස්පර්ශයන්ගෙන් ද වෙන් කොට දකී; නොහොත් යම් ඒ පහස් කෙනෙක් ආර්ය්ය වූවාහු අනාශ්රව වූවාහු ලෝකෝත්තර වූවාහු ශුන්යතා ප්රතිසංයුක්ත වූවාහු ද, ඒ ස්පර්ශයෙන් වෙන් වූවන් කොට දකී, රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්රෝධයෙන් උපනාහයෙන් මක්ඛයෙන් පලාසයෙන් ඊර්ෂ්යායෙන් මාත්සර්ය්යයෙන් මායාවෙන් ශාඨ්යයෙන් ස්තම්භයෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්රමාදයෙන් සියලු කෙලෙසුන්ගෙන් සියලු දුශ්චරිතයන්ගෙන් සියලු දරථයන්ගෙන් සියලු පරිදාහයන්ගෙන් සියලු සන්තාපයන්ගෙන් සියලු අකුශලාභිසංස්කාරයන්ගෙන් වෙන් වූවන් කොට දකී නුයි ‘විවේකදස්සී ඵස්සෙසු’ යනු වේ.
දිට්ඨිසු ච න නීයති - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්රහීණ කරන ලද්දාහු සිඳින ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දග්ධ වූවාහුය, හේ දෘෂ්ටිය විසින් නො යවනු ලැබෙයි නො පමුණුවනු ලැබෙයි නො හරිනු ලැබෙයි, ඒ දෘෂ්ටිගතයට සාරහෙයින් නො ද පැමිණෙයි, නො පෙරළා ඒ නුයි ‘දිට්ඨිසු ච න නීයති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නිරාසන්ති අනාගතෙ -පෙ- දිට්ඨිසු ච න නීයති” යී.
10. 5.
යමෙක් රාගාදිය ප්රහීණ කෙළේ කුහක නො වූයේ තෘෂ්ණා රහිත වූයේ නො මසුරු වූයේ කායාදි ප්රගල්භ රහිත වූයේ ජුගුප්සා නො කටයුතු වූයේ පිසුනු කීමෙහි නො යෙදුණේ ත් වේ ද, (ඔහු උපශාන්ත යයි කියමි.)