1346. තා විසින් පිස දුන් බත් ලැබූ යමෙක් තොපගේ නිරපරාධ වූ දරුවන් කෑයේ ද ඔහුට දළින් පහර දෙව. තාගේ අතින් නො මිදේවා.
1347. ඉතා කැකුළු පැවැතුම් ඇති පුරුෂයා කිරිමවකගේ වස්ත්‍රයක් මෙන් අපවිත්‍ර ය. එහෙයින් සිරුරෙහි යම් කොටසෙක දළ පහර දෙම් ද එයට (යෝග්‍ය) ශරීරයෙහි කොටසක් නො දකිමි.
1348. කළගුණ නො දන්නා නිතර අනුන්ගේ වරද සොයන පුරුෂයාට සියලු පොළොව ම දුන්නේ නමුදු ඔහු සතුටු කළ නො හැක.
1349. ව්‍යාඝ්‍රය, යුහුසුලු ගතියකින් මෙන් මාණවකයකු හා කුමක් හෙයින් පෙරළා ආයෙහි ද? මෙහි තොපට කුමන වැඩක් තිබේ ද? මා විසින් විචාරන ලද්දෙහි මේ කරුණ කියව.
1350. මනා පැවැතුම් ඇති තොපගේ මිතුරු වූ යම් වටුවෙක් වේ ද, දැන් ඒ පුරුෂයාගේ කටයුතු අසා ඇති හෙයින් සැක කරමි, අද වටුවා සැපසේ ඇතැ යි මම නො සිතමි.
1351. මේ පුරුෂයාගේ දිවි පැවැත්වීමට කෙබඳු වැඩක් (කරන ලද දැ යි) ඇසූයේ ද, පුරුෂයාගේ කවර පොරොන්දුවක් අසා මාණවකයා විසින් තිත්තිර පඬිතුමා මරන ලද යි සැක කෙරෙහි ද?
1352. කළිඟු දේශයෙහි හැසිරැ පුරුදු ඇත. වෙළෙඳාම් කොට පුරුදු ඇත. වේවැලේ උපකාරයෙන් යායුතු කණු සහිත මාර්ගයන්හි ඇවිද පුරුදු ඇත. නළුවන් හා හැසිරෙන ලද වරදැල් වැද්දන් හා හැසිරෙන ලද පිරිස්මැද මුගුරෙන් සටන් කොට පුරුදු ඇත.
1353. ඔහු විසින් සියොත්හු ද බඳින ලදහ. නැළියෙන් වී ආදි ධාන්‍ය මනින ලද. දූකෙළියෙන් දිනන ලද. ශීල සංයමය ඉක්මවා ගියේ ය. මධ්‍යමරාත්‍රියෙහි ලේ වැගිරීම නවතාලී ය. පිඬු සිඟාගිය අවදියෙහි උණු අහර පිළිගැනීමේ දී අත් දැවිණි.
1354. ජීවිකා වෘත්තිය පිණිස (කළ) මේ පුරුෂයාගේ ඒ කටයුතු ඇසීමි, වටුවාගේ ලොම්ගුලි (පිහාටුරොද) ජටායෙහි යම්සේ දක්නා ලැබේ ද, එහෙයින් ගවයෝ ද මොහු විසින් මරන ලදහ යි (සිතමි). වටුවා ගැන කියනු කවරේ ද?
12. තිත්තිර ජාතක යි.
පළමුවන ගිජ්ඣ වර්ග යි.
එහි උද්දානය:
ගිජ්ඣ ජාතක යැ කෝසම්බ ජාතක යැ මහාසුක ජාතක යැ චුල්ලසුක ජාතක යැ හාරිත ජාතක යැ පදමාණවක ජාතක යැ ලෝමසකස්සප ජාතක යැ චක්කවාක ජාතක යැ හළිද්දිරාග ජාතක යැ සමුග්ග ජාතක යැ පූතිමංස ජාතක යැ තිත්තිර ජාතක යැ යි ජාතක දසයෙකි.
නවක නිපාතය නිමි.