1140. අනිෂ්ටවූ දෙයක් මට එන්නේ ය. මට බියක් එන්නේ ය. (යම්හෙයෙකින්) එකල්හි අත්ත මිනිසකු විසින් හෝ මෘගයකු විසින් හෝ සෙලැවිණි.
1141. බියවන ස්වභාව ඇති නුදුරෙහි වසන මගේ බැමිණිය නිසා මට කාමසිතුවිලි උපදී ද, පරන්තප දාසයා බිය කළ ඒ අත්ත මෙන් මා කෘශ වූ පඬු පැහැය ඇත්තකු කරන්නේ ය.
1142. මාගේ ප්රිය වූ බිරිඳ ගමේ වසන්නී අනින්දිත වූවා උතුම් රූ ඇත්තී මා ශෝක කරවා වියළවන්නී ය. පරන්තපයා බිය කළ ඒ අත්ත මෙන් මා කෘශ වූවකු ද පඬුපැහැ ඇත්තකු ද කරන්නේ ය.
1143. කළු ඇස්කෙළවර ඇත්තී ය, තී පවත්වන මන්දස්මිතය ද මධුර කථා ද පරන්තපයා බිය කළ ඒ අත්ත මෙන් මා කෘශ වූවකු ද පඬුපැහැ ඇත්තකු ද කරන්නේ ය.
1144. ඒ ශාඛා ශබ්දය තා කරා ආයේ යයි සිතමි. ඒ ශබ්දය තොපට දැනුම්දෙන ලදැ යි සිතමි, යමෙක් ඒ අත්ත සෙලැවී ද හේ පියා මැරූ හේතුව කියන ලද යි සිතමි.
1145. බාල වූ මා සිතූ දෙය තා වෙත පැමිණියේ ය. එකලැ සෙලවුණු අත්ත මිනිසකු හෝ මෘගයකු හෝ සෙලවූයේ දැ යි නො පැනිණි.
1146. තෝ මාගේ පියා මැරුයෙහි ය, මරා අතුවලින් වසමින් එබඳු බියක් එන්නේ යයි දෑනගත්තෙහි යයි.
11. පරන්තප ජාතක යි.
දෙවන ගන්ධාර වර්ග යි.
එහි උද්දානය:
ගන්ධරජාතක (වරගාම) යැ මහාකපිජාතක යැ කුම්භකාරජාතක (භග්ගව) යැ දළභධම්මජාතක යැ සෝමදත්තජාතක (කුක්කුර) යැ සුසීමජාතක (කේස) යැ කොටිසිම්බලිජාතක (උරග) යැ ධූමකාරි ජාතක (විධුර) යැ ජාගරජජාතක යැ කුම්මාසපිණ්ඩජාතක යැ පරන්තප ජාතක යැ යි දසයෙකි.
සත්තක නිපාතය නිමි.
එහි වර්ග උද්දානය:
සත්තකනිපාතයෙහි කුක්කුවර්ග යැ ගන්ධාරවර්ග යැ යී වර්ග දෙකක් මැ මහර්ෂි වූ බුදුරජුන් විසින් වදාරන ලදහ.