936. අලුත් අයුරෙකින් පිළියෙළ කළ දීමනාවක් දෙනු ලැබේ. අපගේ බත්ඔරුව පිරී තිබේ. අපගේ ස්වාමිදුව ද සිටිනී ය. පාශ ගත් අතැති බොහෝ දෙනා වෙති. මට කන්නට රුචිය ඇති නො වේ.
937. තුණ්ඩිලය, තැති ගත්තෙහි, ඒ මේ අත කැරකෙන්නෙහි ය, පිහිට කැමැත්තෙහි ය, අසරණ වූයේ කොහි යන්නෙහි ද, අල්පොත්සුක ව අනුභව කරන්න. මස සඳහා අපි පෝෂණය කරනු ලබම්හ.
938. මඩ නැති විලට බසුව. ඩහදිය කුණු සියල්ල ඉවත් කරව. යමක් පිළිබඳ ගන්ධය කිසිකලෙකත් නො නැසේ ද එබඳු නව විලේපනයක් ගනුව.
939. මඩ නැති විල කවරේ ද? කුමක් ඩහදිය මලය යි කියනු ලැබේ ද? නව විලේපනය යනු කුමක් ද? කුමක් පිළිබඳ ගන්ධය කිසිකලෙකත් නො නැසේ ද?
940. තුන් සුචරිතය ආදි ගුණදහම් මඩ නැති විල ය. සියලු පාපයෝ ඩහදියමල ය. සීලය නව විලේපනය යි. සීලයේ ගන්ධය කිසිකලෙක නො නැසේ.
941. අන්යයන් නසන්නෝ (අන්යයන් නැසීමේ දී) සතුටු වෙති. සිරුරු දරන්නෝ (තමහට මරණ වාරය පැමිණි සඳ) සතුටු නො වෙති. පුන්සඳ උදා වැ ඇති (අද වැනි) දවස්හි (ගුණයෙන් පිරුණු අප වැන්නෝ) ප්රීති සිතැති ව ම ජීවිතය අත් හරිති.
3. තුණ්ඩිල ජාතක යි.
942. එම්බා යහළුව, දිග ඇස් ඇති කටුව ම සිවිය කොට ඇති දියෙහි වෙසෙන ලොම් නැති අඬු නමැති අං ඇති සිංගීමිග නමැති කකුළුවෙකි. ඔහු විසින් මඩනා ලදුයෙන් අසරණ ව හඬමි. කුමක් හෙයින් මා හැර යෙහි ද?
943. මිතුරු වූ ඒ සර්පයා මිතුරු කපුටා රක්නේ විශාල පෙණයක් සහිත ව ප්රශ්වාස කරමින් කකුළුවා වෙත පැමිණියේ ය. කකුළුවා ඒ සර්පයා ද අල්ලා ගත්තේ ය.
944. කකුළුවා ආහාර වශයෙන් කපුටා හෝ සර්පයා හෝ නො ගත්තේ ය. දිගු නෙතැත්තාණනි, තා විචාරමි. කවර හෙයින් අප දෙදෙනා අල්ලා ගත්තෙහි ද?
945. මේ පුරුෂයා මට හිත කැමැත්තේ ය. හේ මා දියට පමුණුව යි. ඔහු මළ කල්හි මට බොහෝ දුක් වන්නේ ය. මම ද මෙ තෙමේ ද යන දෙදෙනා ම ජීවත් නො වෙමු.
946. හොඳින් වැඩුණු ශරීරය ඇති, රසවත් වූ මහත් වූ මොළොක් වූ මස් සහිත මා දැක හැමදෙන හිංසා කරන්නට කැමැති වන්නෝ ය. මා දැක කවුඩෝ ද හිංසා කරන්නෝ ය.
947. ඉදින් ඔහු නිසා අප දෙදෙනා ගන්නා ලද්දාහු නම් පුරුෂයා නැඟීසිටීවා විෂ උරා ගනිමි. මිනිසාට විෂ වේදනා වැඩි වන්නට පෙර මා ද කවුඩා ද වහා මුදව.
948. සර්පයා මුදමි. කවුඩා නො මුදමි. කවර හෙයින් ද යත්, කවුඩා තට ඇපකරුවකු වන්නේ ය. යම්සේ සර්පයා මිදූයෙම් ද, පුරුෂයා නීරෝග වූ පසු කවුඩා ද එසේ මුදන්නෙමි.
949. කවුඩා එදවස දෙව්දත් විය. මරහු වනාහි කෘෂ්ණ සර්පයා විය. යහළු කක්කටක ආනන්ද තෙරුන් වහන්සේ වූහ. ශාස්තෘ වූ මම් බ්රාහ්මණ වීමි.
4. සුවණ්ණකක්කටක ජාතක යි.