512. දානාර්හ නො වන්නන් කෙරෙහි දන් දෙනුයේ දානාර්හයන් කෙරෙහි නො දේ ද, හේ ආපදායෙහි ව්යසයනට පැමිණියේ ඒ පුද්ගලයා විපතට සහායයකු නො ලබයි.
513. යමෙක් දානාර්හ නො වන්නන් කෙරෙහි දන් නො දේ ද, දානාර්හයන් කෙරෙහි පරිත්යාග කෙරේ ද ඒ පුද්ගල ආපදායෙහි විපතට පැමිණියේ මිතුරකු ලබයි.
514. අනාර්ය්ය ස්වභාවය ඇති කපටයන් හා එක්වීමත් එක් ව ක්රියා කිරීමත් (උපකාර වශයෙන් කරන දෙය) දියෙහි ඇඳි ඉරක් සේ වහා නසී. කළ ගුණ දන්නා වූ ඍජු වූ ශ්රේෂ්ඨ පුද්ගලයන්ට කළ උපකාරය සුළු වුවත් දෙලොවින් ම මහත් ප්රයෝජන වේ.
515. යමෙක් පෙර (උපකාර ඉල්ලන්නට පළමු ව) යමකුට උපකාර කෙළේ ද හේ ලොවෙහි දුෂ්කරයක් කෙළේ වෙයි. (උපකාර ලද පුඟුලා පෙරළා උපකාර කළේ හෝ නො කෙළේ හෝ) උපකාර කළ පුඟුලා පිදුම් ලබන්නට ඉතා සුදුසු වේ.
2. මහාඅස්සාරෝහ ජාතක යි.
516. ඒකරාජය, පෙරැ තෙපි නිරුත්තර වූ සමෘද්ධ වූ පස් කම් ගුණයන් අනුභව කොට (හෙවත් විඳිමින්) විසුවහ. දැන් ඒ තෙපි නරාවළ බහාලන ලද්දහු (නමුදු) පැරැණි ගුණවත්කම හා (ධ්යාන) බලය නො හරනහු.
517. දබ්බසේනය, මා විසින් කැලැ මැ ඉවැසීම හා තපස හා පතන ලද රජතුමනි, එය දැන් ලදින් පැරැණි ගුණවත් කම හා (ධ්යාන) බලය කෙසේ මම හැරපියම් ද?
518. යසැත්තාණෙනි, පැනැත්තාණෙනි, කමන්නාණෙනි, සියල්ල පෙරැ මැ මා විසින් නිමවන ලද. පෙරැ (මම) නොලද උදාර යසස හා මෛත්රීධ්යානය ලැබැ වර්ණය හා බලය නො හරින්නෙමි.
519. ඉවසන්නට නො හැකි දුක් ඉවසන රජතුමනි, දුකෙන් සුවය දුරු කොට, සුවයෙන් දුක දුරු කොට (වෙසෙන) සත් පුරුෂයෝ දෙතැන්හි නිවීගිය සන්තාන ඇතිව සුව දුක් දෙක්හි එක සමාන (කම්පා නොවන හෙයින්) වෙත්.
3. ඒකරාජ ජාතක යි.
520. දද්දරය, මිනිස්ලොවෙහි මැඩියන් කා උදකාන්තයෙහි (දියයට) වසන්නේ ය යන මේ නපුරු වචන මට දුක් උපදවයි. විෂ සහිත මා විෂ නැතියකු සේ (සිතා) (ගම්දරුවෝ) ආක්රෝශ කෙරෙති.