427. සිළු ඇති සෙර වූ මේඝය මුතුන් කොට ඇති මේ කෙකිනි කවරක් ද? කෙකින්න මෑතට නැඟිළුව, මාගේ මිතුරු කවුඩා චණ්ඩ ය.
428. මම සිළු ඇති කෙකිනි නො වෙමි. මම ලොල් වූ කවුඩෙක්මි. තොපගේ වචනය නො කළ නිසා පියාපත් සිඳුනා ලද්දෙම් වෙමි. ගොදුරු බිමැ සිට ආයෙහි මා බලව.
429. යහළුව, මෙබඳු දුකකට නැවැත පත් වන්නෙහිය. තොපගේ ආචාරසීලය එවැනිය. මනුෂ්යයන්ගේ භෝගයෝ පක්ෂියා විසින් සුවසේ බුදින්නට යෝග්ය නො වෙත්.
4. ලෝල ජාතක යි.
430. සිත්කලු වූ මේ කෙකිනි කවුඩු කැදැල්ලේ හිඳී. හෝ කවරක් ද? මාගේ මිතුරු කවුඩා නපුරුය. මේ ඔහුගේ කැදැල්ල ය.
431. සබඳිනි පක්ෂිය, බොඩහමු බුදිනාව, මා අඳුනන්නෙහි නො වේ ද? තොප කී අවවාද නො කොට පියාපත් සිඳුනා ලද්දෙම් වෙමි. ගොදුරු බිමැ සිට ආයෙහි මා බලව.
432. යහළුව, මෙබඳු දුකකට නැවැත පත්වන්නෙහිය. තොපගේ ආචාර සීලය එවැනිය. මනුෂ්යයන්ගේ භෝගයෝ පක්ෂියා විසින් සුවසේ බුදින්නට යෝග්ය නො වෙත්.
5. රුචිර ජාතක යි.
433. මහරජාණෙනි, නුඹ වහන්සේගේ ශ්රද්ධාව ද ශීලය ද දැන අඳුන්වන් වූ මඟුලැතු කරණ කොටගෙන කලිඟුරජු සමීපයෙහි ඇතු ගෙන එම්හයි ස්වර්ණරජතාදිය විනිමය වශයෙන් ගතුම්හ.
434. කැඳබත් ආදී ආහාර අනුන්ගෙන් ලබා ජීවත් වන්නෝ ද, එසේ අනුන්ගෙන් නො ලබා ජීවත් වන්නෝ ද යන මොවුනතුරෙන් කිසිවෙක් කිසිවක් පතා කෙනකු කරා යේ නම් ඔවුන්ගේ අයැදුම් පිළිකෙව් නො කටයුතු ය. මේ මවුපියන්ගේ වචනය යි.
435. බමුණෙනි, රජුන්ට සුදුසු රජුන්ගේ පරිහරණයට සුදුසු පිරිවර ඇති රන්දැලින් අලංකාර කළ (හෙවත් රන් අබරණින් සැරසූ) ඇත්ගොව්වන් සහිත මේ ඇත්රජු තොපට දෙමි. කැමැති මඟෙකින් ගෙන යවු.
6. කුරුධම්ම ජාතක යි.
436. පරෙවිය, පනස් අවුරුද්දකට වැඩි කලක් ගල්ගුහාවෙහි විසුම්හ. සන්සුන් සිතැති පක්ෂීහු මා සැක නො කරන්නෝ පෙර මගේ අත්පසට එති.
437. පක්ෂිය, දැන් ඒ පක්ෂීහු කුමට කලකිරුනාහු පර්වතයෙන් අන් ගිරිකඳුරකට යෙත් ද? පෙරැ පරිදි මේ පක්ෂීහු මට ගරු නො කෙරෙතියි සිතමි. නැතහොත් දිගුකල් මොවුහු පිටත වැසැ පැමිණි හෙයින් මේ ඔහු ම යයි නො හඳුනත් ද?
438. තොප දනුම්හ. අපි මූඪ නො වම්හ. තෙපි ඒ තවුස් මය. අපිදු ඔහු මය අන්යයෝ නො වම්හ. තොපගේ මේ සිත පක්ෂි ජනයා කෙරෙහි දුෂ්ට ය. ආජීවකය, එහෙයින් තට බිය වම්හ.
7. රෝමක ජාතක යි.
439. සැහැල්ලු සිතැති මිත්ර ද්රෝහියාගේ මේ දුක (හිංසාව) කැමැති හැමදේ දෙන ස්වාමියකු (කරන දෙයක්) සේ සිතා කවර හෙයින් ඉවසා සිටින්නෙහි ද?
440. මොහු අඟින් ඇන නසව. පාදයෙන් මැඩ පියව. වළකනුයෙක් නොවී නම් මෝඩයෝ බොහෝ කිපෙන්නාහ.
441. මෙතෙම (සෙස්සන්) මා මෙන්ය යි සිතන්නේ සෙස්සන්ට ද මෙසේ කරන්නේය. ඔහු එහිලා ඒ වඳුරා මරන්නාහ. මට ඒ පවින් මිදීම වන්නේ ය.
8. මහිස ජාතක යි.