385. යමක්හු සඳහා සතුරාගෙන් වුව ද යමක් ඉල්ලා ගන්නට දුරස්ථානයකට වුව යෙත් ද, මම ඒ උදරයාගේ දූතයෙක්මි. රජතුමනි මට නො කිපුන මැනැවි.
386. සත්ත්වයෝ රෑ දාවල්හි යම් උදරයක්හුගේ වසඟයට යෙත් ද මම ඒ උදරයාගේ දූතයෙක්මි. රජතුමනි මට නො කිපුන මැනැවි.
387. බමුණ, වෘෂභ රාජයකු සහිතව රතු පැහැති ගවයන් දහසක් තොපට දෙමි. දූතයෙක් දූතයකුට කෙසේ නො දෙන්නේ ද? අපි දු ඔහුගේ ම (උදරයාගේ) දූතයෝ වෙමු.
10. දූත ජාතක යි.
පළමුවන සංකප්ප වර්ග යි.
එහි උද්දානය:
උසිකාරය පවසන සංකප්ප ජාතක යැ, තිලමුට්ඨි ජාතක යැ (මණි) කණ්ඨ ජාතක යැ, අස්රජකු ඇති කුණ්ඩකකුච්ඡිසින්ධව ජාතක යැ, (විහඞ්ගම) සුක ජාතක යැ, ආශීවිෂයකු ඇති ජරූදපාන ජාතක යැ, ජනසන්ධ රජු ඇති ගාමණීචණ්ඩ ජාතක යැ, යළි කහවණු වැසි සඳහන් මන්ධාතු ජාතක යැ, තිරීටවච්ඡ ජාතක යැ, යළි දූත ජාතකයෙන් දසය වේ.
2. පදුම වර්ගය
388. යම් සේ හිසකෙස් ද රැවුළු ද කැපූ කැපූසේ යළි වැඩේ ද එලෙස තොපගේ නාසය නැවත හටගනීවා. ඉල්ලන ලදුයෙහි පියුමක් දෙව.
389. යම් සේ ශරත් සමයෙහි ගෙන තැන්පත් කළ සරු බිජුවට කෙතෙහි වපුළේ මනා සේ වැඩේ ද, එපරිදි ඔබේ නාසය නැවත හටගනීවා. ඉල්ලන ලදුයෙහි පියුමක් දෙව.
390. තුලුහු දෙදෙන මැ මල් දෙන්නේයයි සිතා බොරු කියති. ඔහු කියත්වයි නො කියත්වයි. නාසිකාවගේ වැඩීමෙක් නැත මිතුර, ඉල්ලන ලද්දෙහි පියුම් දෙව යි.
1. පදුම ජාතකය
391. ඉදින් අත්තල මොළොක් වී නම්, හස්තියා සුසික්ෂිත වී නම්, රැය අඳුරු වී නම් වැසි ද වස්නේ වී නම් අපගේ අදහස එකැතින් සඵල වන්නේ යි.
392. පුරුෂයන්ගෙන් තෘප්ත නො වන්නා වූ මෘදු සම්භාෂණ ඇති පුරවන්නට බැරි ගඟක් සමාන වූ ස්ත්රීහු තමාට වසඟයන් අපායේ ගිල්ලති. මෙය දැන ඇය දුරින් දුරු කරන්න.
393. තෙල ස්ත්රීහු රුචියෙන් වේවයි ධන හේතුයෙන් වේවයි යම් පුරුෂයකු ඇසුරු කෙරෙත් ද තමා සිටි තැන දවන ගින්න සේ සේවනය කළහු ම වහා දවති.
2. මුදුපාණි ජාතක යි.
394. අභිද්යමාන උදකයෙහි තෙමේ ඍද්ධිබලයෙන් අවුත් ස්ත්රිය හා මිශ්රභාවයට ගොස් මහසයුරේ ගිලෙහි.
395. මේ ඉතිරියෝ කාමයෙන් (පුරුෂයන්) පොළොඹවන්නෝය. මහාමායා ඇත්තෝය. බඹසර නම් වූ උතුම් හැසිරීම නසා පුරුෂයන් අපායේ ගිල්වත්. මෙය දැන ඇය දුරින් ම දුරු කරන්නේ යැ.
396. තෙල ස්ත්රීහු කැමැත්තෙන් වේවයි ධන හේතුවින් වේවයි යම් පුරුෂයකු ඇසුරු කෙරෙත් ද, තමා සිටි තැනැ දවන ගින්න සේ සේවනය කළහු ම වහා දවත්.
3. චුල්ලපලෝහන ජාතක යි.
397. යම් රජක්හුගේ ස්වර්ණමය වූ ප්රාසාදය සරසින් සොළොස් හීසනක් පමණ වේ ද, උසින් දහස් හීසනක් පමණ වේ යයි කීහු ද එ රජ පණාද නම.