4828. කැරැලි පහක් ඇති මේ විමානය පෙනේ. එහි යහන මැද මාලා පැළැඳ ගත් මහත් අනුභාසම්පන්න ස්ත්රියක් කුදුමහත් දිව්ය ඍද්ධීන් දක්වමින් හිඳී.
4829. සාරථිය, මෙය දැක්මෙන් මට සතුට උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණි යම් ස්ත්රියක් තුටු වෙයි ද මේ ස්ත්රී තොමෝ කිනම් යහපතක් කළා දැ යි ඇසී.
4830. නිමි රජු විසින් ඇසූ මාතලී දෙව්පුත් ඔහුට එය ප්රකාශ කෙළේ ය. පුණ්යකර්ම විපාක දත් හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී ය:
4831. ඉදින් මිනිස්ලොව බමුණකුගේ ගෘහදාසියක කුස උපන් බීරණී නමින් දාසියක් වූවා යැ යි ඔබ අසන ලද ද, ඕ ආගන්තුක සත්කාර දැන, දුර සිට ආ පුතු දැක්මෙන් එක්වර ම උපන් සතුටු ඇති මව මෙන් නිරතුරු සතුටින් උපස්ථාන කෙළේ ද සිල්වත් පරිත්යාග ගුණයෙන් යුත් ඕ තොමෝ මේ විමානයෙහි සතුටින් වෙසේ ය යි කී.
4832. මැවුණු දිලිසෙන විමාන සතක් බැබළෙති. එහි මහත් දේව ඍධි ඇති සියලු දෙව් අබරණින් සැරසුණු දිව්ය පුත්රයෙක් දිව්ය ස්ත්රී සමූහයා විසින් පිරිවරන ලද්දේ හාත්පසින් ඇවිදියි,
4833. සාරථිය, මෙය දැක්මෙන් මට සතුට උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණි යමෙක් මේ විමානයෙහි සතුටු වේ ද මේ සත්ත්ව තෙම කිනම් යහපතක් කෙළේ දැ යි ඇසී.
4834. නිමි රජු විසින් ඇසූ මාතලී දෙව්පුත් තෙමේ ඔහුට එය ප්රකාශ කෙළේ ය. පුණ්යකර්ම විපාක දත් හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී ය:
4835. මේ තෙමේ පෙර දානපති බැව්හි පිහිටා දන් දුන් සෝණදින්න නම් ගහපති ය. මේ තෙම භික්ෂූන් ගේ ප්රයෝජනයට විහාර සතක් කැරැවී.
4836. එහි වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේට සකස් කොට උපස්ථාන කෙළේ ය. ඍජු වූ ගුණවත් භික්ෂූන් කෙරෙහි විශේෂයෙන් පැහැදුණු සිතින් සිව්පස පිදුයේ ය.
4837. පක්ෂය සම්බන්ධ තුදුස්වක් පසළොස්වක් දිනයන්හි ද අටවක් දිනයෙහි ද පාටිහාරිය පක්ෂයෙහි ද අඞ්ග අටකින් යුත් සිල් සමාදන් වැ,
4838. හැම කල්හි සීල සංවරයෙන් යුත් වූයේ පෙහෙවස් ද විසුයේ ය. සිල් රැකි දන් දුන් හෙ තෙම මේ විමානයෙහි තුටු වේ.
4839. පළිඟුවලින් මැනැවින් නිමැවුණු උතුම් ස්ත්රී සමූහයා ගැවසීගත් උතුම් කුළුගෙවලින් හෙබි ආහාරපානයෙන් ද නෘත්ය ගීතයෙන් ද යුත් මේ විමානය බබළයි.
4840. සාරථිය, මෙය දැක්මෙන් මට සතුට උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණි යම් කෙනෙක් මේ විමානයෙහි සතුටු වෙද්ද මේ ස්ත්රීහු කිනම් යහපතක් කළාහු දැ යි ඇසී ය.
4841. නිමි රජු විසින් ඇසූ මාතලී දෙව්පුත් තෙම ඔහුට එය ප්රකාශ කෙළේ ය. පුණ්යකර්ම විපාක දත් හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී ය:
4842. මේ මිනිස් ලොව යම්කිසි ස්ත්රී කෙනෙක් සිල්වත් උපාසිකාවෝ වූහු ද දීමෙහි ඇලුණු නිති පහන් සිතැති සත්යයෙහි පිහිටි පෙහෙවස් රැකීමෙහි නො පමා වූ ඔව්හු සිල් රැක්කාහු ද දාන සංවිභාගයෙහි ද ඇලුණු ඒ ස්ත්රීහු මේ විමානයෙහි සතුටු වෙත් යි කී ය.
4843. වෙරළුමිණි බිත්තිවලින් මනා කොට නිමැවුණු සිත්කලු භූමියෙන් යුත් ප්රමාණ වශයෙන් කොටස් කර බෙදූ මේ විමානය බබළයි.
4844. පණාබෙර ද (අළිඟු බෙර) මිහිඟු බෙර හා නෘත්යගීතයෝ ද මැනවින් වාදනය කැරුණු ඇසුමට සුදුසු සිත්කලු දිව්යශබ්ද නිකුත් කෙරෙති.
4845. මෙසේ ඉතා සිත්කලු බවට පැමිණි මනෝඥ වූ පෙනෙන ඇසෙන යම් රූපයක් හෝ ශබ්දයක් වේ නම් එබන්දක් මම කිසි කලෙක නුදුටු නෑසූ විරීමි.
4846. සාරථිය, මෙය දැක මට සතුට උපදී. එම්බා දේවසාරථි වූ මාතලී, තොප විචාරමි. ස්වර්ගයට පැමිණි යම් කෙනෙක් මේ විමානයන්හි සතුටුවෙත් ද, මිනිස් වූ මොහු කවර නම් යහපතක් කළෝ ද?
4847. නිමි රජු විසින් ඇසූ මාතලී දේවසාරථි තෙම ඔහුට (මෙසේ) ප්රකාශ කෙළේ ය. පුණ්යකර්ම විපාක දත් හෙතෙම නොදන්නා රජුට මෙසේ කී ය.
4848. මේ මිනිස්ලොවැ යම් කිසි සිල්වත් උපාසක වූ මනුෂ්ය කෙනෙක් (කෙලෙස් ගිනි නිවීමෙන්) සිහිල් වූ රහතුන් උදෙසා අරම් ද ළින්පොකුණු ද පැන්හල් ද (දුර්ගමස්ථානයෙහි) සේතුබන්ධ ද සකසා පිළියෙළ කොට දුන්නාහු ද,