333. විෂදළ ඇති මැ කෙමිනමුවට (කෙමිනෙහි කටට) පිවිසි කලැ යම්බඳු මා මාලුවෝ කත් ද, නිල්මැඩිදෙන මව කොට ඇතිය, තොපට එය රුස්නේ ද?
334. යම්තාක් ඔහුට ඓශ්චර්‍ය්‍ය සමෘද්ධිය ඇත් ද ඒ තාක් පුරුෂයා (මෙරමා) පහරනේ මැයැ. යම් කලෙකැ සෙස්සෝ ඓශ්චර්‍ය්‍යයෙහි සිට පහරිත් ද, (එකලැ) පහරන ලද හේ පහරනා ලැබේ.
9. හරිතමාතු ජාතක යි.
335. පිංගල රජු විසින් සියලුදෙනා හිංසා කරනු ලැබීය. ඔහු මළ කලැ (ජනයා) ප්‍රීත වෙත්. දොරටුපාලය, පිඟුවන් ඇස් ඇත්තා තට ප්‍රිය වී ද? කවරහෙයින් තෝ හඬන්නෙහි ද?
336. පිඟුවන් ඇස් ඇති රජ මට ප්‍රිය නො වේ. ආපසු ඔහුගේ පෙරළා පැමිණීමට බිය වෙමි. මෙලොවින් ගියේ මෘත්‍යුරාජයාට (යමරජුට) හිංසා කරන්නේ යැ පීඩිත වූ ඒ මෘත්‍යුරාජ යළි මෙහි ගෙනෙන්නේය.
337. හේ දර ගැල් දහසකින් දවන ලද්දේය. දිය කළ සියයකින් තෙමන ලද ඒ බිම ද සාරා දමන ලද, නො බව හේ පෙරළා නො එන්නේ යි.
10. මහාපිංගල ජාතක යි.
නවවැනි උපාහන වර්‍ග යි.
එහි උද්දානය:
උපාහනය ජාතක යැ, කුදා උතුමැයි සිතූ විණාථුන ජාතක යැ, විකණ්ණක ජාතක යැ, අසිතාභූ ජාතක යැ, පස්වැනි වච්ඡනඛ ජාතක යැ, (දිප්) බක ජාතක යැ, උත්තම ප්‍රේමය පවසන සාකේත ජාතක යැ, ඒකපද ජාතක යැ, (කුමිනාමුඛ) හරිතමාතු ජාතකය හා මහාපිඞ්ගල ජාතකයෙන් දසය වේ.
10. සිගාල වර්‍ගය
338. පිරිවර නිසා මානයෙන් තද වූ සිවලා තව තවත් පිරිවර කැමති වූයේ, මහත් සම්පත්තියට පැමිණියේ ය. දළැති සියලු සතුනට රජ විය.
339. එපරිදි මැ මනුෂ්‍යයන් අතුරෙහි පිරිවර ඇත්තේ වේ ද, හේ දළ ඇතියන්ට රජ වූ හිවලා සේ ගරු කළයුතු වේ. (සිවල්හු සෙයින් පිරිවර නිසා වැනසේ යි සේයි)
1. සබ්බදාඨ ජාතක යි.
340. යමෙක් වරපට නො කා නම් ඒ මේ සුනඛ තෙම එකත්නෙන් මූඪ වූයේ වෙයි. බන්‍ධනයෙන් මිදුණේ සුහිතව ගෙට යන්නේ යැ.
341. තොප කියන දැය මාගේ සිත්හි පිහිටියේ යැ. යළි ඒ තොප විසින් මාගේ හෘදයෙහි කරන ලද පලා යන්නට නිසි කල් බලමි. යම්තාක් මේ ජනතෙමේ නිද්‍රෝපගත වේවා.
2. සුනඛ ජාතක යි.
342. තත් සතක් ඇති ඉමිහිරි රමණීය වූ වීණා ගායනය ඉගැන්වීමි. ඒ (ශිෂ්‍යයා) මා රඟමඬලට (වාද පිණිස) කැඳවයි. ශක්‍රය මට පිහිට වන්න.
343. මිතුර, මම තොපට පිහිට වෙමි. මම ගුරුන් පුදන්නෙක්මි. ඒ ශිෂ්‍යයා නො දිනන්නේ ය. ඇදුරු තෙම (සිසුහු) දිනන්නේ ය.
3. ගුත්තිල ජාතක යි.
344. යමක් දකී ද එය නො කැමැති ය. යමක් නො දකී ද එය කැමැති ය. (ජලයෙන් විනිර්මුක්ත වූ ගඞ්ගාවක් සොයමින් බොහෝ කල් ඇවිදින්නේය යි සිතමි. යමක් හේ කැමැති ද එය නො ලබන්නේ ය.