223. මේ අඹරුක පූර්වයෙහි වර්ණයෙන් ද සුවඳින් ද රසයෙන් ද යුක්ත වූයේ වී ය. පූර්වයෙහි කළ සැලැකිලි දැනුදු ලබමින් මේ අඹ රුක කවර හෙයින් තිත්ත වූ ඵල ඇත්තේ වී ද?
224. දධිවාහන රජුනි, ඔබේ අඹරුක කොහොඹ රුක් පිරිවර කොට ඇත්තේ මූලයෝ මුලින් එක් වැ සිටියහ. ශාඛාවෝ ශාඛාවන් හා සෙවුනාහ. ඒ අමධුර වූ කොහොඹ රුක් හා සහවාසයෙන් මිහිරි අඹරුක අමිහිරි පල ඇත්තේ වී ය.
6. දධිවාහන ජාතක යි.
225. උස් ගසෙකැ වෙළපට නැඟී (තොපි) රහසේ මන්ත්රණය කරන්නහු ය. ගසින් බැසැ බිමැ සිට මන්ත්රණය කරවු. එවිට මෘගරාජයා ද එය අසයි.
226. යම් කරුණෙකින් හංසයා හංසයා හා ද දෙවියා දෙවියා හා ද මන්ත්රණ කෙරේ ද ඒ මන්ත්රණයෙහි ශරීර යැ ජාති යැ ස්වර යැ ගුණ යැ යන සතර කරුණෙකින් හීන වූ තට කවර නම් ප්රයෝජනයෙක් ද, ජම්බුකය (සිගාලය) බිලයට පිවිසෙව.
7. චතුමට්ඨ ජාතක යි.
227. සිංහයනට බඳු ඇඟිලි ඇති සිංහයනට බඳු නිය ඇති සිංහ පාදයන්ගෙන් පිහිටි මේ සිංහ රැළෙහි හුදෙකලා වැ අනෙක් පරිද්දෙකින් (සිගාල) නාද කෙරේ.
228. සිංහරාජ පුත්රය, තෝ නාද නො කර, නිහඬ වැ වෙනෙහි (සිංහයන් අතරෙහි) වාසය කරව. තා ස්වරයෙන් (සිවල් බව) දැනැගන්නාහු ය. තට පියාගේ ස්වරය නැත.
8. සීහකොත්ථුක ජාතක යි.
229. මේ සිංහයකුගේ නාදය නො වෙයි. ව්යාඝ්රයකුගේ ද දිවියකුගේ ද නාදය නො වෙයි. සිංහහම් පොරවන ලද ලාමක වූ කොටළුවා නාද කෙරේ.
230. කොටළුවා සිංහහම් පොරවන ලදු වැ බොහෝ කාලයක් නිල්වන් යව කෑවේ ය. තමාගේ කොටළු හඬ නඟන්නේ (ජාතිය ප්රකාශ කොට) දූෂණයට (විනාශයට) පැමිණියේ යි.
9. සීහචම්ම ජාතක යි.
231. ශ්රද්ධාවෙහි ද ශීලයෙහි ද ත්යාගයෙහි ද ඵලය (අනුසස්) බලව. දිව්යනාගයා නැවක ආකාරයෙන් ශ්රද්ධාවත් උපාසකයා උසුලයි.
232. පණ්ඩිතයන් හා එක් වැ වාසය කරවු. සත්පුරුෂයන් හා මිතුරුකම් කරවු. සත්පුරුෂයන් හා සහවාසයෙන් කරනැහැවියා සුවසේ යයි.
10. සීලානිසංස ජාතක යි.
සිවුවැනි අසදෘශ වර්ග යි.
එහි උද්දානය:
(ධනුග්ගහ) අසදිස ජාතක යැ, (කුඤ්ජර) සඞ්ගාමාවචර ජාතක යැ, (අප්පරස) වාළොදක ජාතක යැ, ගිරිදත්ත ජාතක යැ, (අනාවිලචිත්ත) අනභිරත ජාතක යැ, දධිවාහන ජාතක යැ, (ජම්බුක) වතුමට්ට ජාතක යැ, (සීහ හඬ) සීහ කොත්ථුක ජාතක යැ, (හරිතයව) සීහවම්ම ජාතක යැ, (නාගවරෙන) සීලානිසංස ජාතකය යන මෙයින් ජාතක දසය වේ.