165. සුභානු නම් අශ්ව තෙමේ සෝණ නම් අශ්වයා සමඟ යම් ප්රේමයක් කෙරේ ද එය තමාගේ විෂම ස්වභාවයෙන් නො වේ. යම් සුභනු නම් අශ්වයෙක් සෝණ අශ්වයා හා සමාන ගෝචර ඇත්තේ ද සුහනු නම් අශ්වයා ද එබඳු මැ යි.
166. අශ්වයන් මතුයෙහි පනින පියවි ඇති කායප්රගල්හතාදියෙන් යුක්ත වූ නිතර (තමා බැඳි) රැහන කන ස්වභාවය ඇති පාපස්වරූපඇතියහු හා දුශ්ශීලත්වය සමාන වන්නේ ය. (එසේම) අසත් පුරුෂයා අනාචාරයෙන් යුක්තයා හා සමාන වන්නේ යි.
8. සුහනු ජාතක යි.
167. (අන්ධකාර විධමන කොට දැකුම් ලබා දෙනුයෙන්) චක්ෂුස්මත් වූ (සක්වළ මුළුල්ලේ ආලොකය පතුරුවන්නන් කෙරෙන් ශ්රේෂ්ඨ හෙයින්) ඒකරාජ වූ ස්වර්ණවර්ණ වූ පොළොව බබුළු වන්නා වූ මේ සූර්ය්යයා උදා වේ. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන්නා වූ තොපට නමස්කාර කෙරෙමි. තොප විසින් ආරක්ෂා කරන ලද්දමෝ අද දවහල වාස කරම්හ.
168. සියලු (ස්කන්ධාදි) ධර්මයන් සිය නැණින් දැනැ ගත්තා වූ යම් (ක්ෂීණාස්රව) බ්රාහ්මණ කෙනෙක් ඇද්ද ඔවුනට මාගේ නමස්කාරය වේවා, ඒ උතුමෝ මා පාලනය කෙරෙත්වා, බුදුවරයනට මාගේ නමස්කාරය වේවා, බෝධිඥානයට ද මාගේ නමස්කාරය වේවා, අර්හත්ඵලවිමුක්තීන් විමුක්තයනට ද මාගේ නමස්කාරය වේවා, (තදඞ්ගාදි පඤ්ච) විමුක්තියට ද මාගේ නමස්කාරය වේවා, ඒ මයූරයා මේ පිරිත කොට ගොදුරු සෙවීම පිණිස හැසිරේ.
169. චක්ෂුස්මත් වූ ඒකරජා වූ ස්වර්ණවර්ණ වූ පොළොව බබුළුවන්නා සූර්ය්යයා අස්තයට යෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන්නා වූ ඔබට නමස්කාර කෙරෙමි. තොප විසින් ආරක්ෂා කරන ලද්දමෝ රාත්රියෙහි වාස කරම්හ.
170. සියලු ධර්මයන් සිය නැණින් දැනැ ගන්නාවූ යම් (ක්ෂීණාස්රව) බ්රාහ්මණ කෙනෙක් ඇද්ද ඔවුනට මාගේ නමස්කාරය වේවා, ඒ උතුමෝ මා පාලනය කෙරෙත්වා, බුදුවරයනට මාගේ නමස්කාරය වේවා, බෝධිඥානයට ද මාගේ නමස්කාරය වේවා අර්හත්ඵලවිමුක්තීන් විමුක්තයනට ද මාගේ නමස්කාරය වේවා, විමුක්තියට ද මාගේ නමස්කාරය වේවා. ඒ මයුරයා මේ පිරිත කොට වාසය කෙළේ යි.
9. මොර ජාතක යි.