157. මිදීමක් කැමැත්තා වූ සර්පරාජ තෙමේ ශෛල වර්ණයෙන් මේ වල්කලාවට හෙවත් තවුස් පොරෝණය ඇතුළට පිවිසියේ ය. මම තොප වහන්සේගේ බ්රහ්මවර්ණය පුදන්නෙම් (බඩගිනි ඇත්තෙම්) කනු කැමැත්තෙම් නමුදු කන්නට නො පොහොසත් වෙමි.
158. උත්තම වර්ණයට පුදන්නා වූ කනු කැමැත්තා වූ ද යමෙක් අනුභව කරන්නට නො පොහොසත් ද (ඒ තෝ) බ්රහ්මයා විසින් රක්නා ලද්දෙහි ය. බොහෝ කලක් මැ ජීවත් වේවා! තට දිව්යභෝජනයෝ පහළ වෙත්වා!
4. උරග ජාතක යි.
159. ගග්ගය තෙපි එක්සිය විසි වසක් ජීවත් වව, පිසාචයෝ මා නො කත්වා, තෙපි ශරත් ඍතු සියයක් (එක්සියවිසිවසක්) ජීවත් වව. (ශරත් ඍතු සියය නම් අවුරුදු සියයයි).
160. තෙපි දු එක්සිය විසිවසක් ජීවත් වව. පිසාචයෝ හලාහල විෂය කත්වා, තෙපි ශරත් ඍතු සියයක් ජීවත් වව.
5. ගග්ග ජාතක යි.
161. අලීනචිත්ත කුමාරයා නිසා ඉතා සතුටු වූ මහත් වූ සේනා තොමෝ ස්වකීය රාජ්යයෙන් සතුටු නො වූ (පරරාජ්යලෝභයෙන් පැමිණි) කොසොල් රජු ජීවග්රාහයෙන් අල්වාගත්තී ද,
162. මෙසේ නිංශ්රය සම්පන්න වූ චතුර්විධ යෝගයාගේ ක්ෂේමයට හෙවත් නිවනට පැමිණෙනු සඳහා සත්තිස් බෝධිපාක්ෂික කුශලධර්මයන් වඩන්නා වූ පටන් ගන්නා ලද වීර්ය්ය ඇති මහණ පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්ෂයට (රහත්බවට) පැමිණේ.
6. අලීනචිත්ත ජාතක යි.
163. උන්නත වූ දළ ඇති මෘගරාජය, ඊශ්වර තෙමේ යම් දිශාවෙකින් සේවකයා පහ කරනු කැමැති ද ඒ දිශාවෙන් ඒකාන්තයෙන් පහ කෙරෙයි. බලවතුන්ගේ ස්වභාවධර්මය මෙසේ දැනුව, නොහොත් උස් වූ නාද ඇති සිංහධේනුව යම් කාරණයෙකින් ඒකාන්තයෙන් හිංසා කෙරේ ද එපරිදි තී දනුව. යම් හෙයෙකින් පිහිට වැ සිටි තොප කෙරෙන් භය උපන්නේ ද එහෙයින් යම්හ.
164. ඉදින් දුර්වල වූ මිත්ර තෙමේ මිත්රධර්මයෙහි පිහිටියේ නම් හෙතෙමේ නෑයා ද, බන්ධු ද, මිත්ර ද, යහළුවා ද වේ. සිංහිය අවමන් නො කරව, හිවලා මාගේ ප්රාණදායක මිත්ර වේ.
7. ගුණ ජාතක යි.
165. සුභානු නම් අශ්ව තෙමේ සෝණ නම් අශ්වයා සමඟ යම් ප්රේමයක් කෙරේ ද එය තමාගේ විෂම ස්වභාවයෙන් නො වේ. යම් සුභනු නම් අශ්වයෙක් සෝණ අශ්වයා හා සමාන ගෝචර ඇත්තේ ද සුහනු නම් අශ්වයා ද එබඳු මැ යි.