1637.දැළිපිහියක මුවාත වැනි නාසය ඇති මනුෂ්යයන් වැනි මත්ස්යයෝ මේ සාගරයේ මතු වෙති, ගිලෙති. මේ කිනම් සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1638. භරුකච්ඡ පටුන්ගමින් නික්මගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර බුරමාලී නමැ යි කියනු ලැබේ.
1639. යම්සේ, ගින්න මෙන් සූර්ය්යයා උෂ්ණවත් වූ සයුර දකින්නට ලැබේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1640. භරුකච්ඡ පටුන්ග්මින් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර අග්ගිමාලී යයි කියනු ලැබේ.
1641. මේ සයුර දී මෙන් ද කිරි මෙන් ද පෙනේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1642. භරුකච්ඡ පටුන්ගමින් නික්මගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර දධිමාලී යයි කියනු ලැබේ.
1643. මේ සයුර කුසතණ මෙන් ද ධාන්ය මෙන් ද පෙනේ. මේ සයුර කවරේ දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1644. භරුකච්ඡ පටුන්ගමීන් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර කුසමාලී යයී කියනු ලැබේ.
1645. බටගස් මෙන් ද උණගස් මෙන් ද මේ සයුර පෙනේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1646. භරුකච්ඡ පටුන්ගමින් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර නළමාලී යයි කියනු ලැබේ.
1647. මහත් බිය ඇති බිය උපදවන අමනුෂ්යයන්ගේ හඬ ඇසෙයි. හෙබක් මෙන් ද ප්රපාතයක් මෙන් ද සයුර පෙනේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1648. භරුකච්ඡ පටුන්ගමින් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර වළවාමුඛී යයි කියනු ලැබේ.
1649. යම් කලෙක සිට තමා සිහි කරම් ද යම් කලෙක සිට නුවණැති බවට පත්වූයෙම් ද එ තැන්හි පටන් දැනැ දැනැ එක් සතකු දු පෙළූ බවක් නො දනිමි. මේ සත්ය වචන බලයෙන් නැව සුවසේ ආපසු හැරේවා!
9. සුප්පාරක ජාතක යි.
එකොළොස් වැනි නිපාතය නිමි.
එහි උද්දානය:
මාතුපෝසක ජාතක යැ ජුණ්හජාතක යැ ධම්මජාතක යැ උදය ජාතක යැ පානීයජාතක යැ යුද්ධඤ්ජයජාතක යැ දසරථජාතක යැ සුප්පාරකජාතක යි ජාතක නවයෙකි.