70. යම් ජයක් (සතුරන් විසින්) පරදවනු ලැබේ ද ඒ දිනුම මනා කොට දිනුවා නම් නො වේ. යම් ජයක් (සතුරන් විසින්) පරදවනු නො ලැබේ ද, ඒ දිනුම ම මනා කොට දිනුවා නම් වේ.
10. කුද්දාල ජාතකය.
සත්වැනි ස්ත්රීවර්ග යි.
එහි උද්දාන:
සිඛීසබ්බඝසො (අසාත්මන්ත) වීණවරො (අන්ධභූත) පිසුනමිත්තවිභේදිකා (තක්ක) නන්දි (දුරාජාන) නදී (අනභිරත) මුදුලක්ඛණ සොදරීය (උච්ඡඞ්ග) මනෝ (සාකේත) විස (වීසවන්ත) සාධුජිත (කුද්දාල) යන දසය යි.
8. වරුණ වර්ගය
71. යමෙක් පළමු කටයුතු දෑ පසුව කරන්නට කැමැති වේ ද හෙතෙමේ ලුණුවරණදඬු බිඳි මාණවකයා මෙන් පසුව තැවෙයි. (ශෝක කරයි.)
1. වරණ ජාතකය.
72. කළ ගුණ නො දන්නා වූ නිරතුරු (අනුන්ගේ) සිදුරු (වැරැදි) දක්නා වූ පුරුෂයාට ඉඳින් මුළු පොළොව හෙවත් සක්විති රජකම දුන්නේ වී නමුදු ඔහු සතුටට පමුණුවනු නො හැක්කේ ය.
2. සීලවනාගරාජ ජාතකය.
73. ගඟදියෙහි පාවෙන දරදඬු (නගා ගොඩ තබන ලද්දේ) උතුම් වේ. (කළ ගුණ නො දන්නා) සමහර පුරුෂයෙක් (නගා ගොඩ තබන ලද්දේ) උතුම් නො වේ මැ යි. මෙ ලොවැ ඇතැම් පණ්ඩිත කෙනෙක් සැබවක් ම කීහු ල.
3. සච්චංකිර ජාතකය.
74. බොහෝ වූ නෑයෝ (සමඟ වැ වෙසෙන්නාහු) ශෝභන වෙති. අරණ්යයෙහි හට ගත් වෘක්ෂයෝ පවා (ඝන වැ සිටියාහු) ශෝභන වෙත්, වාතය එකලා වැ සිටියා වූ අතුපතර ඇති මහත් වූ වනදෙටු රුක ද මුලිනුපුටා හෙළයි.
4. රුක්ඛධම්ම ජාතකය.
75. මේඝය ගර්ජනා කරව. කාක සමූහයාගෙ (මත්ස්ය) නිධානය නසව. කපුටුමුළුව ශෝකයට පමුණුවව. නෑයන් හා මා ද ශෝකයෙන් මුදව.
5. මච්ඡ ජාතකය.
76. ගමෙහි ද නිසැකයෙම් වෙමි. අරණ්යයෙහි මට බියෙක් නැත. මෛත්රියෙන් ද කරුණාවෙන් ද ඍජු වූ (බ්රහ්මලෝක හා දිව්යලෝකගාමි) මාර්ගයට නැංගෙමි.
6. අසංකිය ජාතකය.