34. ශීතල මා පෙළන්නේ නො වෙයි. උෂ්ණය මා පෙළන්නේ නො වෙයි. දැලෙහි බැඳීම ද මා පෙළන්නේ නො වෙයි. යම් හෙයෙකින් මා නො දක්නා වූ මත්ස්යධෙනු තොමෝ හේ (මත්ස්යයා) අන්ය මත්ස්ය ධේනුවක් හා කාමරතිය පිණිස ගියේ යැ යි සිතා ද එය මේ සියලු දුකට වඩා මා පෙළන්නේ ය යි.
4. මච්ඡ ජාතකය.
35. මාගේ පියාපත් ඇත. (එහෙත්) පියාසර කරන්නට අසමර්ත්ථ ය. පාදයෝ ඇත. (එහෙත්) පියවර ගමනින් යන්නට අපොහොසත් ය. මෑණියෝ ද පියාණෝ ද මා හැරැ ගියහ. ජාතවෙදය (ගින්න) පහවව (නවතුව).
5. වට්ටක ජාතකය.
36. පක්ෂීහු යම් රුකක් ආශ්රය කළෝ ද ඒ රුක මැ ගිනි හරනේ යැ. පක්ෂීනි, සරණස්ථානයෙන් හෙවත් පිහිටවනස්ථානයෙන් භය උපනි. (එහෙයින්) දිශා භජනය කරව (රුක හැර යව).
6. සකුණ ජාතකය.
37. (වැඩිහිටියන් සැලැකීම නම් වූ) ගුණධර්මයෙහි දක්ෂ වූ යම් කෙනෙක් ගුණයෙන් ද වයසින් ද වැඩිහිටියන් පුදත් ද ඔවුහු මෙලොව දී ම පැසැසියයුතු වෙති. පරලොවෙහි ද සුගතිය වෙයි.
7. තිත්තිර ජාතකය.
38. වඤ්චන බුද්ධි ඇත්තේ තමාගේම වංචා හේතුවෙන් නිත්යයෙන් සුව නො වඩයි. කිසි සුවයෙක්හි නො පිහිටයි. වඤ්චන බුද්ධි ඇත්තේ (තමා කළ වැරදිවල කටුක විපාක) ලබයි. කකුළුවාගෙන් (ගෙල සිඳගත්) කොකා මෙනි.
8. බක ජාතකය.
39. කුලජාත දාසියගේ පුත්ර වූ නන්දක දාස තෙමේ යම් තැනෙක්හි සිටියේ පරුෂ කොට ගර්ජනා කෙරේ ද (බෙණේ ද) ස්වර්ණරාශීය ද ස්වර්ණමාලා ද එතැන්හි යැ යි හඟිමි.
9. නන්ද ජාතකය.
40. ඌර්ධවපාද ඇත්තෙමි. අධඃකෘත හිස ඇත්තෙමි. ඒකාන්තයෙන් නරකයෙහි වැටෙමි. (එතෙකුදු වුවත් දන් නොදීම සිල් නොරැකීම ආදී) අනාර්ය්ය ක්රියාවක් නො කරමි. එබැවින් පිණ්ඩ නම් ලද බත පිළිගන්නේ මැනැවි.
10. ඛදිරඞ්ගාර ජාතකය.
සිවුවැනි කුලාවක වර්ග යි.
එහි උද්දාන:
සිරිමාතලී (කුලාවක) ධීතර (නච්ච) පක්ඛීචර (සම්මොදමාන) රතිරාගගත (මච්ඡ) මාතාපිතා ච පුන (නැවත වට්ටක) ජගති රුහ (සකුණ) වුද්ධසු (තිත්තිර) කක්කට (බක) තථා නන්දක (එසේම නන්දා) පිණ්ඩචර (ඛදිරඞ්ගාර) යන්න සමග දසය යි.