40. ඌර්ධවපාද ඇත්තෙමි. අධඃකෘත හිස ඇත්තෙමි. ඒකාන්තයෙන් නරකයෙහි වැටෙමි. (එතෙකුදු වුවත් දන් නොදීම සිල් නොරැකීම ආදී) අනාර්ය්ය ක්රියාවක් නො කරමි. එබැවින් පිණ්ඩ නම් ලද බත පිළිගන්නේ මැනැවි.
10. ඛදිරඞ්ගාර ජාතකය.
සිවුවැනි කුලාවක වර්ග යි.
එහි උද්දාන:
සිරිමාතලී (කුලාවක) ධීතර (නච්ච) පක්ඛීචර (සම්මොදමාන) රතිරාගගත (මච්ඡ) මාතාපිතා ච පුන (නැවත වට්ටක) ජගති රුහ (සකුණ) වුද්ධසු (තිත්තිර) කක්කට (බක) තථා නන්දක (එසේම නන්දා) පිණ්ඩචර (ඛදිරඞ්ගාර) යන්න සමග දසය යි.
5. අත්ථකාම වර්ගය
41. අභිවෘද්ධි කැමැතිවැ හිත චිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ ඒ අනුශාසනය අවවාද ලබන යමෙක් නො කෙරේ ද (එසේ වූ පුරුෂ තෙමේ) එළියගේ පය ගෙනැ ශෝක කරන මිත්ත වින්දකයා මෙන් ශෝක කරයි. (මිත්ත වින්දකයා ශෝක කළාක් මෙන් ශෝක කරයි.)
1. ලොසක ජාතකය.
42. අර්ත්ථයක් කැමැතිවැ හිතචිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ ඒ අනුශාසනය අවවාද ලබන යමෙක් නො කෙරේ ද පරවියාගේ වචනය නො කොට අමිත්ර වූ සූදයගේ (අරක්කැමියා) අතට ගිය කාකයා මෙන් (ව්යසනයට පැමිණැ) හෝනේ ය.
2. කපොත ජාතකය.
43. දියුණුව කැමැත්තා වූ හිතචිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ අනුශාසනය ඔවා ලබන යමෙක් නො කෙරේ ද හෙතෙමේ වේළුක නම් සර්පයාගේ පිය යම්සේ ද එපරිද්දෙන් නෂ්ට ව හෝනේ ය.
3. වේළුක ජාතකය.
44. ප්රඥායෙන් යුක්ත වූ අමිත්ර තෙමේ උතුම් වේ. ප්රඥායෙන් විප්රහීණ වූ (නුවණ නැති) මිත්ර තෙමේ උතුම් නො වේ මැ යි (කුමක් හෙයින් යත්) මූඪ (කෙළතොලු) පුත්ර තෙමේ මදුරුවා මරමි යි පියාගේ හිස පැළී ය.
4. මකස ජාතකය.
45. අනුකම්පා කරන යම්බඳු බාලයෙක් ඇද්ද (ඔහුට වඩා) නුවණැත්තා වූ අමිත්රයා උතුම් වේ. බාලවූ රෝහිණී නම් නුවණ නැත්තිය බලව (මැස්සන් මරමි යි) මව මරා ශෝක කරන්නී ය.
5. රෝහිණී ජාතකය.
46. අනර්ත්ථයෙහි දක්ෂයා විසින් කරන ලද අර්ත්ථචර්ය්යාව සුව එළවන්නී නො වේ. නුවණ නැති බාලයා දියුණුව පිරිහෙළයි. (කවරක්හු මෙන් ද යත්) උයන බැලීමෙහි යෙදුණු වානරයා මෙනි.
6. ආරාමදූෂක ජාතකය.