133. යම් තැනෙකැ නිර්‍භය ද එ තැන සතුරා නැඟීසිටියේ ය. දිය මැදැ ගිනි දිලිසෙයි. පොළෝ තෙලෙහි වූ රුක්හි අද වාසයෙක් නැත. අන් දෙසෙක යවු අපට පිහිට වූ තැනින් අද බිය උපන.
3. ඝතාසන ජාතක යි.
134. සිතැති යම් සත්‍ව කෙනෙක් වෙත් ද ඔහු ද දිළිඳු වෙති. සිත නැති යම් සත්‍ව කෙනෙක් වෙත් ද ඔහු ද දිළිඳු වෙති. සිත ඇති සිත නැති භවයන් දුරු කරව, ඒ අරූප සමවත් සුව නිදොසි.
4. ඣානසෝධන ජාතක යි.
135. මෙ ලොවැ යමෙක් ඕදාතකසිණය ද පීතකසිණය ද නුවණින් වඩා ද, මේ දෙයාකාරයෙන් වැඩූ විතර්‍ක රහිත දැහැනින් (දෙවැනි දැහැනින්) ආභස්සර බඹ ලොවට පැමිණියේ වෙයි.
5. චන්‍දාභ ජාතක යි.
136. යමක් ලැබුණේ ද එයින් (ලද දෙයින්) සතුටු විය යුතු ය. අධික ලෝභය ලාමක ය. (රන් වැඩියක් ලබනු රිසි ව) ස්වර්‍ණහංස රාජයා අල්ලා ගැනීම නිසා රනින් පිරිහුණේ ය. (ලැබෙන්නට තිබූ රන් ද නො ලැබුණේ ය.)
6. ස්වර්‍ණහංස ජාතක යි.
137. යම් තැනෙකැ බළලෙක් (ගොදුරක්) ලබා ද එතැනැ දෙවෙනි බළලෙක් උපදී. තෙවැන්නෙක් ද සිවුවැන්නෙක් ද උපදී. මේ තීගේ බබ්බුකා බිලය යැ. (පිළිඟු ගුහාව යැ.)
7. බබ්බුක ජාතක යි.
138. මෝඩය, ජටායෙන් තට කවර ප්‍රයෝජනයෙක්ද? අඳුන් දිවි සමෙන් තට කවර ප්‍රයෝජනයෙක්ද? තාගේ හිත රාගාදි කෙලෙස් කසළින් පිරී ඇත. පිටත (සිරුර) තවුස්වෙස් දරා පිරිමඳනෙහි ය.
8. ගෝධ ජාතක යි.
139. නේත්‍රයෝ බුන්හ, පටය (වස්ත්‍රය) නටුයේ ය. (නැති විය) යෙහෙළිය හා තාගේ බිරිය ගෙයි කහල යැ. දිය ගොඩ දෙතැන්හි දුෂිතකර්‍මාන්ත ඇත්තෙහි යැ.
9. උභාතොභට්ඨ ජාතක යි.
140. සතතයෙන් තැතිගත් සිත් ඇතියහ. සියලු ලෝවැස්සන් වෙහෙසන්නාහ. එහෙයින් අපගේ නෑසියන් වූ ඒ කවුඩනට වුරුණුතෙල් නැත.
10. කාක ජාතක යි.
තුදුස්වැනි අසම්පදාන වර්‍ග යි.
එහි උද්දාන:
ඉතරීතර (අසම්පදාන) යැ රක්ඛසී (පඤ්චගරුක) යැ ඛේමි (ඝතාසන) යැ පරොසතපඤ්හ (ඣානසෝධන) යැ ආභස්සර (චන්‍ද්‍රාභ) යැ හංසවරුතගම යැ බබ්බු යැ ජටා (ගෝධ) යැ පටනට්ඨක (උභාතොභට්ඨ) යැ කාක යැ යි ජාතක දසයෙකි.