125. ඒ පුරුෂ තෙමේ අනෙක් ජනපදයකට ගියේ බොහෝ කොට ම (පරිභව හා වංචා වචන) බණන්නේ ය. නැවත අවූදින් (තමාගේ ස්වාමියා) දූෂණය කරන්නේ ය. කටාහකය (අනාචාර ගති හැරැපියා) සම්පත් අනුභව කරව.
5. කටාහක ජාතක යි.
126. එකකුහට හේ ම (එය ම) කල්‍යාණය (යහපත් ය) එකකුහට හේ ම ලාමක ය. එහෙයින් සියල්ල කල්‍යාණ නො වේ. සියල්ල ලාමක ද නො වේ.
6. අසිලක්ඛණ ජාතක යි.
127. (තා උපන් මවුකුස නම් වූ) දේශය ද (මවු ගැබ නම් වූ) වස්තුව ද වනගෝචර වූ (තිරිසන් වූ) මම ද දනිමි. (ස්වාමිවරු) තා දැනැ හැරැගන්නාහ. කලණ්ඩුකය කිරි බොව.
7. කලණ්ඩුක ජාතක යි.
128. යමෙක් ඒකාන්තයෙන් (දශකුශල) ධර්‍මයන් ධ්වජයක් කොට (මතු කොට පෙන්නා) සත්ත්‍වයන් (ලවා මේ සිල්වතෙකැ යි) විශ්වාස ඇති කරවාගෙනැ තමන් තතු සඟවාගත්තේ පව් සිදු කෙරේ ද ඔහුගේ ඒ පැවැත්ම බිළාර නම් ව්‍රතය යි.
8. බිළාරවත ජාතක යි.
129. මේ සිඛාව (හිසැ මුදුනෙහි බැඳි කෙස් රොද) පින් පිණිස නො වේ. මේ සිඛාව අනුන් කනු සඳහා ය. (මේ මූසික සමූහයා) ඇඟිලි ගණනට නො යේ. අග්ගිකය තාගේ (මීයන් ගිණීම්) මෙ පමණ වේවා.
9. අග්ගික ජාතක යි.
130. කෝසියාව (ලෙඩෙමි යන) වචනයට අනුකූල වැ අනුභව කරව. කෑ දෙයට අනුකූල වැ මෙහෙ කරව. තීගේ (ලෙඩෙමි යන) කීම ද අනුභව කිරීම ද යන මේ දෙකරුණ සම නො වේ.
10. කෝසිය ජාතක යි.
තෙළෙස්වැනි කුසනාළි වර්‍ග යි.
එහි උද්දාන:
කුසනාළි - යසං (දුම්මේධ) දධි (නඞ්ගලීස) - අම්බ - කටාහක - පාපක - (අසිලක්ඛණ) ඛීර (කලණ්ඩුක) බිළාරවත - සිඛී (අග්ගික) කෝසිය යන දසය යි.