116. ආචාර්‍ය්‍යය, තොපට නො පිළිවන් වූ අධික වූ ක්‍රියාවක් කෙළෙහි ය. මට ඒ කාරණය නො රුස්සයි. සතරවැනි ශස්ත්‍රයෙහි (නොවැටී සිරුර) පන්වා පස්වැන්නෙහි ඇවිණී ගියෙහි ය.
6. දුබ්බච ජාතක යි.
117. ඉතා උස්වූ (ඉතා මහත් කොට කියන ලද්දා වූ) ඉතා බලවත් වූ ප්‍රමාණය ඉක්මවා ප්‍රකාශිත වචනය ප්‍රමාණය ඉක්මවා හැඬූ වටුවා මෙන්, නුවණ නැත්තහු නසයි.
7. තිත්තිර ජාතක යි.
118. පුරුෂ තෙමේ (පැමිණි දුකින් මිදීමට උපාය) නො සිතන්නේ දුකින් මිදීම නම් වූ විශේෂයට නො පැමිණේ, (එසේ) චින්තිත කර්‍මයාගේ ප්‍රයෝජනය බලව. මම මරණයෙන් ද බන්‍ධනයෙන් ද මිදුණෙමි.
8. වට්ටක ජාතක යි.
119. මවුපියන් සමීපයෙහි නො වැඩුණු ආචාර්‍ය්‍යකුලයෙහි නො වුසූ මේ කුකුළා හැඬුවමනා කාලය හෝ නො හැඬූවමනා කාලය හෝ නො දනී.
9. අකාලරාවි ජාතක යි.
120. යම් තැනෙක් හි අඥානයෝ බෙණෙද්ද එතැන්හි බන්‍ධනයට නුසුදුස්සෝ ද බැඳෙති. යම් තැනෙක්හි නුවණැත්තෝ බෙණෙද්ද එතැන්හි බන්‍ධනයට සුදුස්සෝ ද මිදෙති.
10. බන්‍ධනමොක්ඛ ජාතක යි.
දොළොස්වැනි හංස වර්‍ග යි.
එහි උද්දානය:
ගද්‍රභ - සත්තු (අමරාදේවිපඤ්හ) කාසසත (සිගාල) බහුචින්ති (මිතවින්ති) සාසික (අනුසාසිත) අතිකර දුබ්බච අතිබල (තිත්තිර) විසේස (වට්ටක) අනාචරිය (අකාලරාවි) ධීරාපහාසර (බන්‍ධනමොක්ඛ) යන දසය යි.
13. කුසනාළි වර්‍ගය
121. (ජාත්‍යාදීන්) සමාන වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද (මිත්‍රධර්‍මය) කරන්නේ ය. එකෙක් හීන වූයේ ද (මිත්‍රධර්‍මය) කරන්නේ ය. ඒ මිත්‍රයෝ විපත්තියෙහි දී උතුම් වූ අර්‍ත්‍ථයක් ම (යහපතක් ම) කරන්නාහු ය. බුරුදගස උපන් මා ද දියබෙරලිය ගස උපන් කුසනාළි ද මෙනි.
1. කුසනාළි ජාතක යි.
122. නුවණ නැත්තේ යශස් (පිරිවර සම්පත්) ලැබැ තමනට අනර්‍ත්‍ථ පිණිස හැසිරෙයි. තමහට ද මෙරමාහට ද හිංසා පිණිස පිළිපදී.
2. දුම්මේධ ජාතක යි.
123. නුවණ නැත්තේ හැම තැනට ම නුසුදුසු තෙපුල් හැම තන්හි ම බෙණෙයි. මේ තෙමේ දී ද (දීකිරි ද) නඟුලීස ද නො දන්නේ ය. (යම්සේ) දීකිරි ද නඟුලීස යයි සිතා ද එහෙයිනි.
3. නඞ්ගුලීස ජාතක යි.
124. නුවණැති පුරුෂ තෙමේ වෑයම් කෙරේ ම ය. නො කලකිරෙන්නේ ය. වෑයම් කිරීමේ ප්‍රයෝජනය බලව (රස) මෙසේ ද වී යැ යි මෙසේ ද වී යැ යි ඇසීම් මාත්‍රයෙන් නොවැ (ප්‍රත්‍යක්‍ෂයෙන් ම) අඹ අනුභව කරන ලදාහු ය.
4. අම්බ ජාතක යි.
125. ඒ පුරුෂ තෙමේ අනෙක් ජනපදයකට ගියේ බොහෝ කොට ම (පරිභව හා වංචා වචන) බණන්නේ ය. නැවත අවූදින් (තමාගේ ස්වාමියා) දූෂණය කරන්නේ ය. කටාහකය (අනාචාර ගති හැරැපියා) සම්පත් අනුභව කරව.
5. කටාහක ජාතක යි.