552. නදීකාශ්යප ස්ථවිරාවදානය
6359. ලොවට දෙටු වූ තාදී (-අටලෝ දහමින් නො සැලෙන) ගුණ ඇති පිණ්ඩචර්ය්යායෙහි හැසිරෙන ශාස්තෘ වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේට, මම උතුම් වූ අග්රඵලයක් රැගෙණ එළැඹි වාරයෙහි දිනිමි.
6360. ඒ කුශලධර්මයෙන් ලෝකජ්යේෂ්ඨ වූ නරෝත්තම වූ දේවේන්ද්ර වීමි, ජයපරාජය හැරපියා අචලස්ථානයට පැමිණියෙම් වෙමි.
6361. මෙයින් සුවහස් වන කප්හි යම් ඵලයක් (පියුමතුරා බුදුනට) දිනිම් ද දුගතිය නො හඳුනමි. මේ අග්රදානයාගේ ඵලයි.
6362. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳපියා සරණ ඇත්රජකු සෙයින් ආස්රව රහිත වූයෙම් වාස කෙරෙමි.
6363. බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ වෙතැ එළැඹීම මට එකැතින් යහපත් වියැ, ත්රිවිද්යා අනුප්රාප්තවූවා, බුදුසසුන් කරණ ලද.
6364. සිවුපිළිසිඹියා ද, මේ අෂ්ටවිමෝක්ෂ ද, ෂඩ් අභිඥා ද, පසක් කරන ලද, බුදුසසුන් කරන ලදී.
මෙසේ ආයුෂ්මත් නදීකාශ්යප ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.
දෙවැනි නදීකාශ්යපස්ථවිරාවදාන යි.
553. ගයාකාශ්යප ස්ථවිරාවදානය
6365. අඳුන්දිවිසම් වස්ත්ර කොට ඇති, පිරිකර කද දරන මම කද උසුලා ගෙන අසපුවට ඩෙබරපල ගෙණ ආයෙමි.
6366. එ සමයෙහි හැමකල්හි ලොව බබුළුවන ජිනේන්ද්ර වූ භාග්යවතුන්වහන්සේ එකලා වූසේක් දෙවැන්නකු නැති වැ මාගේ අසපුවට එළැඹිසේක.
6367. මම සිය සිත පහදවා ගෙණ මනාව්රත ඇති ඔබ වැඳ ඩෙබරපල දෙඅතින් ගෙණ බුදුරදුනට දිනිමි.
6368. එකලැ එනම් මෙයින් එක්තිස්වන කප්හි යම් ඵලයක් බුදුනට දිනිම් ද, දුගතිය නො හඳුනමි. මේ ඩෙබරපල දානයාගේ විපාක යි.
6369. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ උපුටාහරණ ලදහ, බැඳුම් සිඳ සරණ ඇත්රජකු සෙයින් ආස්රව නැතියෙම් වාස කෙරෙමි.
6370. මාහට, බුද්ධශ්රේෂ්ඨයන්වහන්සේ වෙතැ ඒකාන්තයෙන් මනා එළැඹීමෙක් විය, ත්රිවිද්යා අනුප්රාප්ත යැ, බුදුසසුන් කරණ ලද.
6371. සිවුපිළිසිඹියා ද, මේ අෂ්ටවිමෝක්ෂ ද, ෂඩ්අභිඥා ද, සාක්ෂාත්කෘත යැ, බුදුසසුන් කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් ගයාකාශ්යප ස්ථවිරයන්වහන්සේ මේ ගාථා වදාළාහ.
තෙවැනි ගයාකාශ්යප ස්ථවිරාවදාන යි.
554. කිම්බිල ස්ථවිරාවදානය
6372. විසූ බඹසර ඇති බාහිතපාපී වූ කකුසඳ බුදුරදුන් පිරිනිවි කල්හි (ඔබ උදෙසා) මම හොරදඬුයෙන් මණ්ඩපමාලයක් කරවීමි.
6373. (මිනිස් බැවින් සැවැ) තව්තිසා දෙව්ලොවට (උපත් විසින්) ගියෙම් උතුම් පහයක් ලදිමි. සෙසු දෙවියන් ඉක්මැ බබළමි, පින්කම්හි මේ විපාක යි.
6374. දාවලෙහි හෝ ඉදින් රෑහි හෝ මම් සක්මන් කරනුයෙම් ද, සිටියෙම් ද සලලපුෂ්පයෙන් වැසුණේ වෙමි. මෙ වූකලි පින්කම්හි ඵල යි.
6375. මෙ කප්හි මැ යම් බුදුකෙනෙකුන් පිදුයෙම් ද, දුගතිය නො හඳුනමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
6376. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ හැසිරෙන ඇත්රජෙකු සෙයින් ආස්රව නැතියෙම් වෙසෙමි.
6377. බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ වෙතැ එකැතින් මාගේ මනා එළැඹීමෙක් වියැ, ත්රිවිද්යාවෝ පිළිවෙළින් එළැඹියහ, බුදුසසුන් කරණ ලද.
6378. සිවුපිළිසිඹියා ද, මේ අෂ්ටවිමෝක්ෂ ද, ෂඩ්අභිඥා ද, සාක්ෂාත්කෘත යැ, බුදුවදන් කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.
සතරවැනි කිම්බිලස්ථවිරාවදාන යි.