514. කෙතකපුප්ඵිය ස්ථවිරාවදානය
5473. පුරුෂෝත්තම වූ බුදුරජ තෙම විනතා නදීතීරයෙහි වැඩහුන්නේ ය. මැනැවින් සන්හුන් වූ එකඟ සිත් ඇති කෙලෙස්රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5474. එකල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මධුසුගන්ධය වෑහෙන වැටකේ මලින් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
5475. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5476. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
5477. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5478. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කෙතකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කෙතකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනියි.
515. නාගපුප්ඵිය ස්ථවිරාවදානය
5479. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්ය වූ ස්වර්ණවර්ණ වූ වීථියට පිළිපන් සම්බුදුරජුන්හට නාමලක් පිදීමි.
5480. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5481. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
5482. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5483. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නාගපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනියි.
516. අජ්ජුනපුප්ඵිය ස්ථවිරාවදානය
5484. එකල්හි (මම) චන්ද්රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. කෙලෙස් රජස් විරහිත සියල්ල තෙමේ ම දත් පස්මරුන් දිනූ බුදුරජුන් දිටිමි.
5485. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හටගත් ප්රීති ඇත්තෙම් බැදැඳිලි ඇත්තෙම් කුඹුක් මලක් ගෙණ බුදුරජුන් පිදීමි.
5486. මැනැවින් කරණ ලද එම කර්මය හේතුකොට ගෙන ද චිත්ත ප්රණිධීන් හේතුකොට ගෙණ ද මම කිඳුරුසිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
5487. සතිස්වරක් දේවේන්ද්රව දිව්යරාජ්යය කරවීමි. දසවරක් චක්රවර්ති මහාරාජ්යය කරවීමි.
5488. (ලබන ලද) මහත් වූ ප්රදේශරාජ්යය ගණන් වශයෙන් ගණිය නො හැකිය. ස්වසම්භු වූ මනා පින්කෙතෙහි මා විසින් වපුළ බිජුවට ආශ්චර්ය්යයයි.
5489. මාගේ කුශලය විද්යමාන වේ අනගාර්ය්ය සඞ්ඛ්යාත පැවිද්දට පැමිණියෙමි. මම අද ශාක්යපුත්ර වූ බුදුරජුන්ගේ සසුනෙහි පිදිය යුත්තෙක් වෙමි.
5490. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
5491. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5492. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් අජ්ජුනපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අජ්ජුනපුප්ඵිය ස්ථවිරාවදානය සවැනියි.