512. කපිත්‍ථඵලදායක ස්ථවිරාවදානය
5463. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන්නා වූ සම්බුදුරජුන් දැක ගිවුලූපලක් දුනිමි.
5464. එකල්හි මෙයින් එක්අනූවනකපෙහි යම් (ගිවුළු) පලයක් දුනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5465. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5466. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5467. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කපිත්‍ථඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කපිත්‍ථඵලදායක ස්ථවිරාවදානය දෙවැනියි.
513. කෝසුම්භඵලදායක ස්ථවිරාවදානය
5468. කුඹුක් රුකක් මෙන් බබලන දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ වීථියට පිළිපන් බුදුරජුන්හට කොසුම්භඵලයක් දුනිමි.
5469. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5470. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5471. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5472. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කෝසුම්භඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කෝසුම්භඵලදායක ස්ථවිරාවදානය තෙවැනියි.
514. කෙතකපුප්ඵිය ස්ථවිරාවදානය
5473. පුරුෂෝත්තම වූ බුදුරජ තෙම විනතා නදීතීරයෙහි වැඩහුන්නේ ය. මැනැවින් සන්හුන් වූ එකඟ සිත් ඇති කෙලෙස්රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5474. එකල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මධුසුගන්‍ධය වෑහෙන වැටකේ මලින් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
5475. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5476. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5477. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5478. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කෙතකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කෙතකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනියි.
515. නාගපුප්ඵිය ස්ථවිරාවදානය
5479. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්‍ය වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන් සම්බුදුරජුන්හට නාමලක් පිදීමි.
5480. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5481. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.